(යොහාන් භාසුර)
පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය.
එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය.
මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.
‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය.
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය නොලැබීම නිසා සිදුවූ දේවල් පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.
ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම නිසා අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේදී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවත්ය.
වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව ඇති බවත් හොරු, දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රහාරය කළින් දැනුම් දී තිබියදී රටේ නායකයා ලෙස එය වළකා ගැනීමට කටයුතු නොකිරීමෙන් දැනටමත් ඔබ වරදකරුවෙක් වෙලා ඉන්නවා නේද? මේ ප්‍රහාරය සත්‍ය වශයෙන් සිදුකළ අය දන්නවා නම් එම තොරතුරු සඟවා තබා ගැනීම වරදක් නොවේද? මේ තරම් විනාශයක් වෙලා රටේ එවකට නායකයා ලෙස ඔබේ මේ තොරතුරු මෙතෙක් හෙළි නොකිරීම සදාචාරද?
මෙයා මොනතරම් නින්දිත මනුස්සයෙක්ද යන්න පැහැදිලි වන තවත් අවස්ථාවක්... දන්නවා නම් දන්න දේ කියන්න තිබුනේ මෙයා විධායක ජනාධිපති වෙලා රනිල්ට සර් කියපු කාලේ නේද? දැන් මේ කියන බයිලා විශ්වාස කරන්න පුළුවන් කාටද? එක අතකට මේ විහිලුකාරයාව ඡන්දේ දුන්නු මිනිස්සු ඉන්න රටක්නේ මේක! අනුර කුමාර කයියනායකයත් මෙයාට ඡන්දේ දෙන්න කියලා මිනිස්සුන්ව රැවැට්ටුවානේ... පක්ෂේ ලේකම්කම සහ ඇමැතිකමක් වගේ මෙයාට පුළුවන් වැඩේ විතරක් කරපන් කියලා ඒ වගකීම බාර දුන්නේ මහින්ද මහත්තයා විතරයි.
දැනගෙනනේද පැනලා ගියේ...? දන්නවා නම් හෙළි කරන්නේ නැත්තේ...?
ඔලුව විකාරයෙන් දොඩවනවා. පවු අසරණයා...!
ඔහුව අත්අඩංගුවට ගන්න.
හෘද සාක්ෂිය දන්නවනේ.. දැන දැන වෙන්න දීලා බලන් හිටපු හැටි...
සිරිසේනටත් මැක්ස් කියන මනුස්සයාට වගේම ඔලුව විකාර වෙලා, එහෙම නැත්නම් මේ කියන කතාවේ බරපතලකම තේරෙන්න ඕනෑ. මේ මිනිහා උසාවියට ගිහිල්ලාත් මොනවා කියයිද කියලා හිතා ගන්න බැහැ. අපි එයාව ජනාධිපති කෙරුවාට පස්සේ විකාර හැදුණා...
මම ඔබේ පක්ෂයට එකතු කරගන්න. නැත්නම් කියනවා
මමත් දැක්කේ පත්තරෙන් කියයි...
වහාම මෙයාව අත්අඩංගුවට ගන්න...!
මෙයා පාස්කු ප්‍රහාරය කළවුන් දන්නේ ප්‍රහාරයට කලින්ද? ප්‍රහාරයෙන් පසුවද? ප්‍රහාරයට කලින් දැනගෙන සිටියා නම් ඔබ ප්‍රහාරයේ එක් කුමන්ත්‍රණ කරුවෙක්. ප්‍රහාරයෙන් පසුව දැනගත්තා නම් පාස්කු කොමිෂන් එකට ඉදිරිපත් නොවුයේ ඇයි..? එතැනදීත් ඔබ ප්‍රහාරකයින් සඟවන්න උත්සාහ කළ කුමන්ත්‍රණ කරුවෙක්. ඊයේ, පෙරේදා දැනගත්තා නම් ඔබත් අනුන්ගෙන් කරුණු දැනගත් පට්ට බොරුකාරයෙක්...!
මෙයාට ඡන්දෙ දෙන අය තාමත් ඉන්නවද?
මැක්ස් උන්නැහේ කියන අනුර කුමාර කයියනායක කියලා කෙනෙක්ව මීට කලින් අපි නම් අහලා නැහැ. සමහරවිට මැක්ස් කියන මනුස්සයාගේ අල්ලපු ගෙදර හිටපු කවුරුහරි කෙනෙක් වෙන්නැති...!
මෙච්චර කල් පොල් ගෑවාද?
මොනතරම් බරපතල ප්‍රශ්නයක්ද? සමහරවිට හිතනවා ඇති දැන් මිනිස්සු පෝලිමේ මෙයාට ඡන්දෙ දෙයි කියලා. තුට්ටු දෙකේ මිනිස්සු.
මොහු නේද පාස්කු ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේ හිටපු ජනපති, එවකට රටේ පළමු පුරවැසියා? ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නවා නම් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කරනකම් මොකටද ඉන්නේ ඔවුන්ව හෙළිකරන්න. මෙතුමාට නේද ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ? තොරතුරු සඟවා තබා ගැනීම සහ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ සත්‍ය වසන් කිරීමත් දඬුවම් ලැබියහැකි වරදක් නොවේද? ඇයි මොහුට බැරිවුනේ උසාවියෙන් දඩ නියම කරන අවස්ථාවේදීවත් මේ ගැන හෙළි කරන්න? තවත් කෙකර ගාන්නේ ත්‍රස්තවාදීන් එක්ක ආප්ප කාල කෝපි බොනකම්ද? 226ම ත්‍රස්තවාදීන්...
දන්නවා නම්... ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා රහස් ස්ටේට්මන්ට් එකක් දෙන්න. තවත් විකාර නැතිව...
මේ ගැන නඩුවක් විභාග කරලා දඩ නියම වුණා. ජනාධිපති කොමිසමක සාක්කි දුන්නා. තවත් නඩු ගණනාවක් විභාග වෙනවා. මෙච්චර කල් මොකද වුණේ...? මෙයාව වහාම අත් අඩංගුවට ගන්න ඕනේ සාක්ෂි වසන් කළාට...
ඒක මොකටද රහසක් හැටියට තියාගන්නේ? වහාම ඒක රටේ ජනතාවට හෙලි කළයුතුයි ! රහසක් හැටියට තියාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ! දේශපාලකයන් අතර විතරක් ඒක රහසක් හැටියට තියාගන්නේ කොහොමද?
273ක් මරලා අවුරුදු 5ක් තිස්සේ මිනීමරුවෝ ගැන දැනගෙන සත්‍ය සඟවා සිටීම ගැන මොහුට විරුද්වධ ක්‍රියා කරන්න. දැන් ඔහුගෙන් මිනීමරුවෝ කවුද කියලා හොයලා ඔවුන්ට දඬුවම් දෙන්න. දැන් හොඳම වෙලාව දේශබන්දුට නීතිය ක්‍රියාත්මක කරන්න බොරු නාට්ටි නැතුව...!
මෙයාව කවුරු හරි වයින් කරලා එවලා තියෙන්නේ... කටපාඩම් කරපු ටික කියාගෙන කියාගෙන යනවා.
එහෙට මෙහෙට තම සිතුවිලි කියන එකයි කරන්නේ. ඡන්දෙ දෙන අපි ඔක්කොම පල්මෝඩයින් මල්ලි...
කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් පෙනෙයි...
ලැජ්ජා නහර කපාගත් හිටපු ජනපති...
ඒක කළේ කවුද කියලා ඔක්කොම දන්නවනේ...!
මොහුව අත්අඩංගුවට ගත යුතුයි.
මෙම ප්‍රකාශය ඉතාමත් බරපතල ප්‍රකාශයක්...! මොහු මේ සෙල්ලම් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ යුක්තිය සමගයි.
අන්න හරි... ඡන්දෙ කිට්ටු කරලා ගහපිය දෙබරෙට... නැතිනම් ජෙප්පන් මේ ආර්ථික ප්‍රශ්න අල්ලන් අනාථ කරන්න යන්නේ. දැන් තියෙන තත්වේ මෙන් ඉඳලා දිනන්න බැහැ. විසිරුණු කුඩා කණ්ඩායම් විදිහට වැඩේට බැහැලා ගේම දෙමු කියලා කිව්වේ මොල හතාද? නැතිනම් පඹයින්ද?
EDS කියන කෙනා මැතිවරණ කොමසාරිස් කරලා ඡන්දෙට යන වියදම අඩු කරගමු, ඔය ක්‍රමේට අනුරට 14% නම් අනුරට ඔච්චර බය ඇයි? මෙතැන අනුරගේ 3% නිසාද මෛත්‍රිපාල ආවේ? අනුරට බැන බැන අනුර කියන විදියට ඡන්දෙ දෙන එක අපිට සතුටක්, මේ මඩ මදි මාලිමාව වට්ටන්න... තමුන්ලාගේ කයියනායකලා කරපු වැඩ නිසා අපේ දරුවන්ට යන එන මං නැහැ. අනුරට බැන්නාට බනින අයත් ඉන්නේ වලේ තමයි. හැබැයි මොළේ නම් නැහැ.
චැනල් 4 වැඩසටහනින් පස්සේ අපි හැමෝම දැනගත්තා. ඔයා පච නොවී ඉන්න...
ජනාධිපතිකමක් දරපු කෙනෙක් නේද මේවගේ මොන්ටිසෝරි ළමයෙක් වගේ හැසිරෙන්නේ...?
ඉස්සෙලාම මෙයාව කූඩුවට දාන්න. ඉන්පස්සේ විමර්ෂණය ආරම්භ කරන්න. නැතිනම් ඉස්පිරිතාලයට යන්න හරි... බෝට්ටුවකින් පැනලා යන්න හරි පුළුවන්...!
මෙයා දැනටමත් මේකට වැරැදිකරු වෙලා ඉන්නේ. කතාව නම් රට, ජාතිය ගැන පුදුමාකාර හැඟීමකින්... මෙච්චර දන්නවා නම් ඇයි නොකියා ඉන්නේ? ඒකෙන්ම තේරෙනවා මිනීමරුවෝ රකිනවා කියලා. රෝයල් පාක් මිනී මරපු කෙනා නිදහස් කළේත් මෙයානේ. අනිත් පැත්තෙන් මේ රට විනාස වුණු හැම අවස්ථාවකදීම ඒ පාලකයෝ බලේට ගේන්න මුක්කු ගහලා තියෙන්නේ jvp එක. රාජපක්ෂ පරපුරේ බලය වෙනුවෙන් jvp එක මුක්කු ගැහුවා. ඒත් අද ඒවා මතක නෑ.
මොහු මේ කතාවම වෙනත් විදියට මීට පෙරත් කියලා තිබුනා .මයිනා,කපුටා මොහුට වඩා මේ ගැන දන සිටිය යුතුයි .