IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’

(යොහාන් භාසුර)

පාස්කු ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නා බවත් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කළහොත් ඒ පිළිබඳව ප්‍රකාශ කිරීමට සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (22) පැවසීය.

එම හෙළිකිරීමේ රහස්‍යභාවය රැකීම එම විනිශ්චකාරතුමන්ලාගේ වගකීමක් බව ද හිටපු මෛත්‍රීපාල සිරිසේන කීය.

මහනුවරදී පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධව දැන් නඩුවට ඉදිරිපත් කරන්නේ ද සිය පාලන කාලයේ අල්ලපු ත්‍රස්තවාදීන් බවත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සැබෑ ලෙස කළේ කවුද යන්න කිසිවකු මේ දක්වා ප්‍රකාශ කර නොමැති බවත් ඒ මහතා කීය.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරයා බවට පත්ව හොඳ තැනකට රට ගෙනියන්න සූදානම්ව සිටිය ද ආණ්ඩු පක්‍ෂයේ සහ වික්‍ෂයේ සහයෝගය නොලැබීම නිසා සිදුවූ දේවල් පිළිබඳව දැඩි කළකිරීමකට පත්ව සිටින බව කී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කැමැත්තෙන්ම බලය අඩුකරගෙන වසර පහකට ආසන්න කාලයක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ බව ද සඳහන් කළේය.

ආණ්ඩුව, දේශපාලන පක්‍ෂ සහ සමාජය ඇතුළු රටම අර්බුදයක තිබීම නිසා අර්බුදයෙන් මිදීමට නම් නියමිත කාලයේදී මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ප්‍රශ්නවලට මූලිකත්ව දී කටයුතු කිරීමේ වගකීම එම මැතිවරණයෙන් පත්වන අලුත් ආණ්ඩුවට පැවරෙන බවත්ය.

වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ බලය නොමැති දැඩිව පිරිහීමට පත්වූ තැනක් බවට පත්ව ඇති බවත් හොරු, දූෂිතයෝ සහ වංචාකාරයො පාර්ලිමේන්තුවට නොඑවීමට ඡන්දය පාවිච්චි කිරීමට ජනතාවගේ වගකීමක් ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 



අදහස් (42)

’’පාස්කු බෝම්බකරුවන් මා දන්නවා’’

nanda Friday, 22 March 2024 05:40 PM

මේ ප්‍රහාරය කළින් දැනුම් දී තිබියදී රටේ නායකයා ලෙස එය වළකා ගැනීමට කටයුතු නොකිරීමෙන් දැනටමත් ඔබ වරදකරුවෙක් වෙලා ඉන්නවා නේද? මේ ප්‍රහාරය සත්‍ය වශයෙන් සිදුකළ අය දන්නවා නම් එම තොරතුරු සඟවා තබා ගැනීම වරදක් නොවේද? මේ තරම් විනාශයක් වෙලා රටේ එවකට නායකයා ලෙස ඔබේ මේ තොරතුරු මෙතෙක් හෙළි නොකිරීම සදාචාරද?

:       1       215

මරිසිපාල Friday, 22 March 2024 06:34 PM

රටේ පාලකයා ලෙසට බෝම්බ පුපුරන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී විදේශ ගතවෙනවා. ප්‍රශ්නය දැනුවත් කළත් වහා අවශ්‍ය පියවරක් ගත්තේ නැහැ. ආරක්ෂක විධිවිධාන යෙදීමට රටේ දෙවැනි පුරවැසියාටත් ඉඩක් දුන්නේ නැහැ. රටට ආවාට පස්සේවත් දැනගෙන තිබුණු තොරතුරු අනුව බෝම්බකරුවන් ඇල්ලීම කළා නම් ඔබතුමාට තවත් කාලයක් රටේ ජනාධිපති තාත්තා ලෙසට ඉන්න තිබුණා. එහෙම ආසාවක් තියෙන නිසා මිස නැවතත් මැතිවරණ සදහා සූදානම් වෙන්නේ නැහැනේ...

:       1       116

Janabala asamagi ali Saturday, 23 March 2024 01:04 PM

දෙවැනි පුරවරයත් මෙහි පිටුපස සිටි බව නොදන්නේද?

:       11       6

DonSunday, 24 March 2024 12:11 PM

විනිසුරුතුමන්ලා කීප දෙනෙකුට ඔය රහස කිව්වා කියලා ඒ අය මොනවා කරන්නද? ඒ රහස දැනගැනීමෙන් ඒ අයට මොකක්ද ගන්න පුළුවන් තීන්දුව?

:       0       0

මැක්ස් Friday, 22 March 2024 06:08 PM

මෙයා මොනතරම් නින්දිත මනුස්සයෙක්ද යන්න පැහැදිලි වන තවත් අවස්ථාවක්... දන්නවා නම් දන්න දේ කියන්න තිබුනේ මෙයා විධායක ජනාධිපති වෙලා රනිල්ට සර් කියපු කාලේ නේද? දැන් මේ කියන බයිලා විශ්වාස කරන්න පුළුවන් කාටද? එක අතකට මේ විහිලුකාරයාව ඡන්දේ දුන්නු මිනිස්සු ඉන්න රටක්නේ මේක! අනුර කුමාර කයියනායකයත් මෙයාට ඡන්දේ දෙන්න කියලා මිනිස්සුන්ව රැවැට්ටුවානේ... පක්ෂේ ලේකම්කම සහ ඇමැතිකමක් වගේ මෙයාට පුළුවන් වැඩේ විතරක් කරපන් කියලා ඒ වගකීම බාර දුන්නේ මහින්ද මහත්තයා විතරයි.

:       36       104

EDSFriday, 22 March 2024 10:49 PM

අනුර කුමාරට දොස් කියපුවහම 6 ක් අන්ලයික් කලේ NPP නිසා. 6/43 කියන්නේ 14% යි. අනුරට කොහෝමත් ඡන්ද ඔච්චරයි...

:       33       19

ravin Friday, 22 March 2024 06:12 PM

දැනගෙනනේද පැනලා ගියේ...? දන්නවා නම් හෙළි කරන්නේ නැත්තේ...?

:       0       109

Hira Friday, 22 March 2024 06:25 PM

ඔලුව විකාරයෙන් දොඩවනවා. පවු අසරණයා...!

:       0       95

wije Friday, 22 March 2024 06:42 PM

ඔහුව අත්අඩංගුවට ගන්න.

:       0       105

Pradeep Friday, 22 March 2024 06:52 PM

හෘද සාක්ෂිය දන්නවනේ.. දැන දැන වෙන්න දීලා බලන් හිටපු හැටි...

:       1       76

පැරකුම්Saturday, 23 March 2024 05:48 AM

බලන් හිටිය නෙවෙයි ප්‍රදීප් මග ඇරලා ගියා. ඉන්දියාවේ හිටියේ එදා මෝඩි කිව්ව අන්න ලංකාව ගිනි ගන්නවා කියලා... ඒත් කිසි ගාණක් නැතුව එතැනින් සිංගප්පූරු ගියා රට ගැන හැඟීමක් තියන නායකයෙක් නම් වහාම ආපහු ඇවිත් නිසි කටයුතු කරන්න තිබුණා. එන්න කලින් අදාල අංශවලට උපදෙස් දෙන්න තිබුණා... රාජ්‍ය නායකයෙක් ලෙස වගකීම් පැහැර හැරීම ගැන දැඩි දඬුවම් දිය යුතුයි... ඒත් අපේ රටේ එහෙම නැහැ..

:       0       31

වසුන්දරාSaturday, 23 March 2024 01:26 PM

වහාම ආපසු ඇවිත් නිසි කටයුතු කරන්න තිබුණා කිව්වාට ග්‍රාම නිලධාරි තනතුරත් කරන්න බැරුව ඉල්ලා අස්වෙලා ගිහිල්ලා තියෙන කෙනෙක් කොහොමද ඔහොම ලොකු ප්‍රශ්නයක් වෙලාවේ ඒකට මුහුණ දෙන්නේ අපේ මෝඩකමට ග්‍රාම සේවකයෙක් ජනාධිපති කරපු අපිට තමයි බූවල්ලෙන් තලන්න ඕනෑ...

:       0       16

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 07:09 PM

සිරිසේනටත් මැක්ස් කියන මනුස්සයාට වගේම ඔලුව විකාර වෙලා, එහෙම නැත්නම් මේ කියන කතාවේ බරපතලකම තේරෙන්න ඕනෑ. මේ මිනිහා උසාවියට ගිහිල්ලාත් මොනවා කියයිද කියලා හිතා ගන්න බැහැ. අපි එයාව ජනාධිපති කෙරුවාට පස්සේ විකාර හැදුණා...

:       9       74

anuraSaturday, 23 March 2024 05:51 AM

මේවගේ මන්ද බුද්ධිකයෙක් පාලකයෙක් ලෙස උඩපැනගෙන පත්කර ගත්තවුනුත් මන්ද බුද්ධිකයෝ හා මානසික රෝගීන්...!

:       1       16

නිහාල් Friday, 22 March 2024 07:37 PM

මම ඔබේ පක්ෂයට එකතු කරගන්න. නැත්නම් කියනවා

:       0       17

Nihal Friday, 22 March 2024 08:01 PM

මමත් දැක්කේ පත්තරෙන් කියයි...

:       0       25

Patriot Friday, 22 March 2024 08:03 PM

වහාම මෙයාව අත්අඩංගුවට ගන්න...!

:       0       26

Bamunuarachchi Friday, 22 March 2024 10:13 PM

මෙයා පාස්කු ප්‍රහාරය කළවුන් දන්නේ ප්‍රහාරයට කලින්ද? ප්‍රහාරයෙන් පසුවද? ප්‍රහාරයට කලින් දැනගෙන සිටියා නම් ඔබ ප්‍රහාරයේ එක් කුමන්ත්‍රණ කරුවෙක්. ප්‍රහාරයෙන් පසුව දැනගත්තා නම් පාස්කු කොමිෂන් එකට‍ ඉදිරිපත් නොවුයේ ඇයි..? එතැනදීත් ඔබ ප්‍රහාරකයින් සඟවන්න උත්සාහ කළ කුමන්ත්‍රණ කරුවෙක්. ඊයේ, පෙරේදා දැනගත්තා නම් ඔබත් අනුන්ගෙන් කරුණු දැනගත් පට්ට බොරුකාරයෙක්...!

:       1       20

K Perera Friday, 22 March 2024 10:38 PM

මෙයාට ඡන්දෙ දෙන අය තාමත් ඉන්නවද?

:       0       14

මගෝඩිස්තුමාSaturday, 23 March 2024 01:30 PM

එහෙම මෝඩයෝ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්නවා කියලා හිතෙනවා ඊළඟ මැතිවරණය අවසානයේ පොලොන්නරුව ඡන්ද දායකයින් පුත්තලමේ ප්‍රසිද්ධව සිටින අයට සමානද බලමුකෝ...!

:       0       13

චන්දිම Friday, 22 March 2024 10:51 PM

මැක්ස් උන්නැහේ කියන අනුර කුමාර කයියනායක කියලා කෙනෙක්ව මීට කලින් අපි නම් අහලා නැහැ. සමහරවිට මැක්ස් කියන මනුස්සයාගේ අල්ලපු ගෙදර හිටපු කවුරුහරි කෙනෙක් වෙන්නැති...!

:       9       9

Wikasitha Saturday, 23 March 2024 01:48 AM

මෙච්චර කල් පොල් ගෑවාද?

:       0       12

kahawita Saturday, 23 March 2024 03:24 AM

මොනතරම් බරපතල ප්‍රශ්නයක්ද? සමහරවිට හිතනවා ඇති දැන් මිනිස්සු පෝලිමේ මෙයාට ඡන්දෙ දෙයි කියලා. තුට්ටු දෙකේ මිනිස්සු.

:       0       16

පිටරටවැසියා Saturday, 23 March 2024 08:28 AM

මොහු නේද පාස්කු ප්‍රහාරය සිදුවෙන අවස්ථාවේ හිටපු ජනපති, එවකට රටේ පළමු පුරවැසියා? ප්‍රහාරය සත්‍ය වශයෙන්ම කළ පුද්ගලයන් දන්නවා නම් අධිකරණය ඉල්ලීමක් හෝ නියෝගයක් කරනකම් මොකටද ඉන්නේ ඔවුන්ව හෙළිකරන්න. මෙතුමාට නේද ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන්නේ? තොරතුරු සඟවා තබා ගැනීම සහ ත්‍රස්තවාදී ක්‍රියා පිළිබඳ සත්‍ය වසන් කිරීමත් දඬුවම් ලැබියහැකි වරදක් නොවේද? ඇයි මොහුට බැරිවුනේ උසාවියෙන් දඩ නියම කරන අවස්ථාවේදීවත් මේ ගැන හෙළි කරන්න? තවත් කෙකර ගාන්නේ ත්‍රස්තවාදීන් එක්ක ආප්ප කාල කෝපි බොනකම්ද? 226ම ත්‍රස්තවාදීන්...

:       0       15

Peter Perera Saturday, 23 March 2024 09:13 AM

දන්නවා නම්... ළඟම තියෙන පොලිසියට ගිහිල්ලා රහස් ස්ටේට්මන්ට් එකක් දෙන්න. තවත් විකාර නැතිව...

:       0       19

සුමල් Saturday, 23 March 2024 09:31 AM

මේ ගැන නඩුවක් විභාග කරලා දඩ නියම වුණා. ජනාධිපති කොමිසමක සාක්කි දුන්නා. තවත් නඩු ගණනාවක් විභාග වෙනවා. මෙච්චර කල් මොකද වුණේ...? මෙයාව වහාම අත් අඩංගුවට ගන්න ඕනේ සාක්ෂි වසන් කළාට...

:       0       26

Harith Saturday, 23 March 2024 10:10 AM

ඒක මොකටද රහසක් හැටියට තියාගන්නේ? වහාම ඒක රටේ ජනතාවට හෙලි කළයුතුයි ! රහසක් හැටියට තියාගන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ! දේශපාලකයන් අතර විතරක් ඒක රහසක් හැටියට තියාගන්නේ කොහොමද?

:       0       14

ඉන්දික Saturday, 23 March 2024 11:57 AM

273ක් මරලා අවුරුදු 5ක්‌ තිස්සේ මිනීමරුවෝ ගැන දැනගෙන සත්‍ය සඟවා සිටීම ගැන මොහුට විරුද්වධ ක්‍රියා කරන්න. දැන් ඔහුගෙන් මිනීමරුවෝ කවුද කියලා හොයලා ඔවුන්ට දඬුවම් දෙන්න. දැන් හොඳම වෙලාව දේශබන්දුට නීතිය ක්‍රියාත්මක කරන්න බොරු නාට්ටි නැතුව...!

:       0       21

Gayan Saturday, 23 March 2024 12:27 PM

මෙයාව කවුරු හරි වයින් කරලා එවලා තියෙන්නේ... කටපාඩම් කරපු ටික කියාගෙන කියාගෙන යනවා.

:       0       14

Janahitha Saturday, 23 March 2024 01:06 PM

එහෙට මෙහෙට තම සිතුවිලි කියන එකයි කරන්නේ. ඡන්දෙ දෙන අපි ඔක්කොම පල්මෝඩයින් මල්ලි...

:       0       9

Prabha Saturday, 23 March 2024 01:38 PM

කණ්ණාඩියක් ඉස්සරහට ගියා නම් පෙනෙයි...

:       0       12

m. saman perera Saturday, 23 March 2024 02:21 PM

ලැජ්ජා නහර කපාගත් හිටපු ජනපති...

:       2       11

pakeer Saturday, 23 March 2024 02:49 PM

ඒක කළේ කවුද කියලා ඔක්කොම දන්නවනේ...!

:       2       13

Sriyal Saturday, 23 March 2024 03:44 PM

මොහුව අත්අඩංගුවට ගත යුතුයි.

:       1       6

රුවන් බණ්ඩාර Saturday, 23 March 2024 05:01 PM

මෙම ප්‍රකාශය ඉතාමත් බරපතල ප්‍රකාශයක්...! මොහු මේ සෙල්ලම් කරන්නේ අහිංසක මිනිස්සුන්ගේ යුක්තිය සමගයි.

:       0       14

Chandima Saturday, 23 March 2024 07:19 PM

අන්න හරි... ඡන්දෙ කිට්ටු කරලා ගහපිය දෙබරෙට... නැතිනම් ජෙප්පන් මේ ආර්ථික ප්‍රශ්න අල්ලන් අනාථ කරන්න යන්නේ. දැන් තියෙන තත්වේ මෙන් ඉඳලා දිනන්න බැහැ. විසිරුණු කුඩා කණ්ඩායම් විදිහට වැඩේට බැහැලා ගේම දෙමු කියලා කිව්වේ මොල හතාද? නැතිනම් පඹයින්ද?

:       1       9

සෙනෙවිරත්න Saturday, 23 March 2024 08:25 PM

EDS කියන කෙනා මැතිවරණ කොමසාරිස් කරලා ඡන්දෙට යන වියදම අඩු කරගමු, ඔය ක්‍රමේ⁣ට අනුරට 14% නම් අනුරට ඔච්චර බය ඇයි? මෙතැන අනුරගේ 3% නිසාද මෛත්‍රිපාල ආවේ? අනුරට බැන බැන අනුර කියන විදියට ඡන්දෙ දෙන එක අපිට සතුටක්, මේ මඩ මදි මාලිමාව වට්ටන්න... තමුන්ලාගේ කයියනායකලා කරපු වැඩ නිසා අපේ දරුවන්ට යන එන මං නැහැ. අනුරට බැන්නාට බනින අයත් ඉන්නේ වලේ තමයි. හැබැයි මොළේ නම් නැහැ.

:       0       0

නිහාල් Saturday, 23 March 2024 08:32 PM

චැනල් 4 වැඩසටහනින් පස්සේ අපි හැමෝම දැනගත්තා. ඔයා පච නොවී ඉන්න...

:       0       0

nandana Sunday, 24 March 2024 05:14 AM

ජනාධිපතිකමක් දරපු කෙනෙක් නේද මේවගේ මොන්ටිසෝරි ළමයෙක් වගේ හැසිරෙන්නේ...?

:       0       1

anura Sunday, 24 March 2024 10:10 AM

ඉස්සෙලාම මෙයාව කූඩුවට දාන්න. ඉන්පස්සේ විමර්ෂණය ආරම්භ කරන්න. නැතිනම් ඉස්පිරිතාලයට යන්න හරි... බෝට්ටුවකින් පැනලා යන්න හරි පුළුවන්...!

:       0       0

Sameera Sunday, 24 March 2024 10:11 AM

මෙයා දැනටමත් මේකට වැරැදිකරු වෙලා ඉන්නේ. කතාව නම් රට, ජාතිය ගැන පුදුමාකාර හැඟීමකින්... මෙච්චර දන්නවා නම් ඇයි නොකියා ඉන්නේ? ඒකෙන්ම තේරෙනවා මිනීමරුවෝ රකිනවා කියලා. රෝයල් පාක් මිනී මරපු කෙනා නිදහස් කළේත් මෙයානේ. අනිත් පැත්තෙන් මේ රට විනාස වුණු හැම අවස්ථාවකදීම ඒ පාලකයෝ බලේට ගේන්න මුක්කු ගහලා තියෙන්නේ jvp එක. රාජපක්ෂ පරපුරේ බලය වෙනුවෙන් jvp එක මුක්කු ගැහුවා. ඒත් අද ඒවා මතක නෑ.

:       1       0

Liyanage Sunday, 24 March 2024 05:40 PM

මොහු මේ කතාවම වෙනත් විදියට මීට පෙරත් කියලා තිබුනා .මයිනා,කපුටා මොහුට වඩා මේ ගැන දන සිටිය යුතුයි .

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි
2024 අප්‍රේල් මස 30 73 0

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.


බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක්
2024 අප්‍රේල් මස 29 168 0

කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළං


කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
2024 අප්‍රේල් මස 29 143 0

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුර


තනිව සිටි නීතිවේදනිය මරා දමලා
2024 අප්‍රේල් මස 29 285 0

නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි.


ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
2024 අප්‍රේල් මස 29 94 0

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


කළුතර මුහුද ගොඩගලයි
2024 අප්‍රේල් මස 29 663 1

කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 390 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1787 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1618 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site