( ජේ.ඉඳුරුවගේ)

කොස්ගොඩ වතුරවෙල ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපොළක පිහිටි   අඩි 22 ක් පමණ ගැඹුරු ළිඳක් ඉසිමින් සිටි දෙදෙනෙක් ලිඳ තුළදී හුස්ම ගැනීමේ අපහසුතාවයකට ලක්ව ක්ලාන්ත තත්වයෙන්  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙක් මියගොස් ඇතැයි කොස්ගොඩ පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ  කොන්ක්‍රීට් වැඩපොළේ  සේවය කළ ඇල්පිටියේ පදිංචිකරුවෙකුවූ ගාල්ලගේ ජගත් කීර්ති නැමති 50 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසීය.

රාත්‍රියේ වැසි ඇතිවන බව කාළගුණ නිවේදන මගින් ප්‍රකාශකර තිබූ නිසා වැස්සෙන් ළිඳ  පිරුනොත් ලිඳ ඉස  පිරිසිදු කර ගැනීම අපහසුවෙන බැවින් වැඩපොළ හිමියා සේවකයන්ද සමග  ඊයේ සවස මෝටරයක් යොදා ළිඳේ තිබූ ජලය ඉවත්කර කිරීමේදී  මෙම අනතුරට මුහුණ පා තිබේ.