(බී.ජී චතුරංග)

ලෝක වනාන්තර දිනයේ යෙදුන අද මිහින්තලේ, දොරමඩලාව රජ මහා විහාරයට ගමන් කරන මාර්ගයේ පිහිටි මිහින්තලේ රක්ෂිතයේ අක්කර දහයක් පමණ ප්‍රදේශයක  සියළුම ගස් කපා දමා ඒවා ගිනි තබා, මෙම රක්ෂිත කොටස වටා වැටක් ගසා එය අත්පත් කර ගනිමින් සිටි ව්‍යාපාරිකයකු, කම්කරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

අනුරාධපුර අඩවි වන නිලධාරී කාර්යාලය හා විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකින් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පැටලීම සිදු කරන අවස්ථාවේදී අක්කර 1800 කින් පමණ සමන්විත රක්ෂිත වනයේ අක්කර දහයක පමණ කොටසක විශාල සහ කුඩා ප්‍රමාණයේ , ඖෂධීය ශාක ඇතුළු ගස් විශාල ප්‍රමාණයක්  කපා දමා විනාශ කර ගිනි තබමින් සිටි බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් අඩවි වන නිලධාරී මහතා.

"මිහින්තලා රක්ෂිත වනය, 1924 දී තමයි රක්ෂිතයක් බවට නම් කරලා තියෙන්නේ හෙට්ටයාර් තුන්දාස් ගානක් තිබ්බ වනාන්තරය මේ වන විට 1700 ක් දක්වා අඩු වෙලා තිබෙනවා ක්‍රියා කාරකම් නිසා මෙම වනාන්තරයේ අක්කර දහයකට ආසන්න ප්‍රමාණයක් යම්කිසි පුද්ගලයකුගේ මෙහෙයවීමෙන් කම්කරුවන් යොදා සියලුම ගස් කපා දමා ගිනි තබන අවස්ථාවේදී තමයි මෙම වැටලීම සිදු කළේ. සැකකරු මෙම රක්ෂිතයේ අක්කර දහයක පමණ කොටසක් බලෙන් අල්ලා ගෙන වැටක් ගසා ව්‍යාජ ලෙස හෝ හිමිකර ගැනීමට අරමුණින් එළි පෙහෙළි කර තිබෙනවා. මීට පෙරත් මෙම ස්ථානයේ එළි පෙහෙලි කිරීම කටයුතු කරලා අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතිනවා. ඒ අතරතුර කාලයේ අද 21දින වන විනාශයත් සමග සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ.

මේ විශේෂිත වූ ස්වභාවික වනාන්තරයක් මේ ස්වභාවික වනාන්තරයේ තිබෙන ශාක වර්ග අක්කර 10 පමණ ප්‍රදේශයේ සියලුම ගස් කපා දමා ගිනි තබා මෙම වන සංහාරය සිදු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරනවා.