මන්ත්‍රීනි කෝකිලා රවිගෙන් සමාව ඉල්ලයි පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාද වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශයකින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට අපහාසයක් හෝ අගතියක් වූයේ නම් ඊට කොන්දේසි විරහිතව සමාව අයදින බව පොදු ජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්රීනී කෝකිලා ගුණවර්ධන මහත්මිය කොළඹ දිසා අධිකරණය හමුවේ අද (06) සඳහන් කළාය. 06 August 2024
ජනපති සටනට එන්නේ නෑ ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් පෞද්ගලික හේතුවක් මත තමා ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත. 06 August 2024
බංග්ලාදේශය ඉක්මනින් හරි පාරට ඒවි බංගලාදේශ නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇති බවට තමාට සැකයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 August 2024
ගංවතුර නැති කොලොන්නාවක් හදන්න නිර්දේශ 16ක් කොළොන්නාව ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2024
මිල ප්‍රදර්ශනය කරනවා නම් පමණක් භාණ්ඩ ගන්න මිල ප්‍රදර්ශනය කරන වෙළෙඳසැල්වලින් පමණ භාණ්ඩ මිලදී ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ටී. අයි. උඩුවර මහතා පැවසීය 06 August 2024
ප්‍රමිති සහතිකය අවභාවිත කළ යන්ත්‍ර සූත්‍ර කම්හලට මුද්‍රා එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය ලබා නොගෙන වසර අටක් තිස්සේ එම ලාංඡනය අවභාවිතා කරමින් දන්තාලේප නිෂ්පාදනය සඳහා යොදා ගත් යන්ත්‍ර සූත්‍ර මුද්‍රා තැබීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු අද( 6) සවස කටයුතු කළ හ. 06 August 2024
සැප වාහන 7ක් රාජසන්තක කරන්න නියෝග 2018 වසරේ සිට 2024 වසර දක්වා රේගුවට හොර රහසේ ආනයනය කර රුපියල් කෝටි 25ක බදු ආදායමක් රටට අහිමි කළ රුපියල් කෝටි හතලිහකට අධික වටිනාකමින් යුත් වාහන හතක් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් කොමිසමට අද නියෝග කළේය . 06 August 2024
බංග්ලාදේශ පාර්ලිමේන්තුව විසිරුවයි අන්තර්වාර රජයක් පිහිටුවීමට අවස්ථාව ලබාදීම සඳහා බංග්ලාදේශ් 12 වැනි පාර්ලිමේන්තුව එරට ජනපති මොහොමඩ් ෂහාබුදීන් අද (06) විසිරුවා හැරියේය. 06 August 2024
නාමල් ජාත්‍යන්තර කමිටුවෙන් ඉවත් වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (6) දැනුම් දුන්නේය. 06 August 2024
අතුරුදන්ව වූ සේවකයාගේ සිරුර දුම්රිය අංගනයේ ළිඳක අතුරුදන්ව සිටි දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයාගේ සිරුර මාලිගාවත්ත දුම්රිය අංගනයේ ළිඳක තිබියදී සොයාගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 06 August 2024
දේශපාලන පොරපිටියේ උණුසුම හෙට සිට ලංකාදීපයෙන් දිනෙන් දින උණුසුම්වන 2024 ජනපතිවරණ පොරපිටියේ විශේෂ සිදුවීම් සහිත විශේෂ පිටු හතරක අතිරේකය ලංකාදීප පුවත්පත සමග හෙට ඔබ අතට පත්වේ. 06 August 2024
ඡන්ද පැමිණිලි 99ක් ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 99 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 06 August 2024
’’හමුදා පාලනය පිළිගන්නෑ’’ බංග්ලාදේශයට හමුදා පාලනයක් හෝ හමුදාවේ සහාය ලැබෙන අන්තර්වාර රජයක් පිළිනොගන්නා බව එරට පැවැති විරෝධතාවලට නායකත්වය දුන් ශිෂ්‍ය ක්‍රියාකාරී නායකයන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හරිමින් ප්‍රකාශ කළේය. 06 August 2024
හංවැල්ලේ පුද්ගලයකු කපා කොටා ඝාතනය කරයි හංවැල්ල තුම්මෝදර කුමාරි ඇල්ල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර කිසිවෙකු විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි හංවැල්ල පොලිසිය 06 August 2024
ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු දෙයි හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හනියේ ඝාතනයට ටෙහෙරානය අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට පිළිතුරු ලබා දෙනු ඇතැයි ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් පසුගියදා ප්‍රකාශ කළේය. 06 August 2024
දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට ඉදිරි ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ. 06 August 2024
පාසල් 48කට වතුර නෑ රට පුරා ජල පහසුකම් නැති පාසල් 48ක් සහ විදුලිය පහසුකම් නොමැති පාසල් 15ක් හඳුනාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 August 2024
පොහොට්ටුවෙන් ගිය රටට ආදරේ අය නැවත එයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැර ගිය රට ආදරය කරන සියලු දෙනා නැවත පක්ෂයට සම්බන්ධ වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් මහජන නියෝජිතයන් පිළිබඳව නොව රටේ පුරවැසියන් පිළිබඳව විශ්විස තබා ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (6) පැවසීය. 06 August 2024
මෙරට මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 22ක් අත්අඩංගුවට මෙරට මුහුදු සිමාව උල්ලංඝනය කරමින් වනාතවිල්ලුව කුදිරමලේ තුඩුවට ඔබ්බෙන් වු මුහුදු කලාපයේ මසුන් මරමින් සිටි ඉන්දියන් ධීවරයින් 22 දෙනෙකු සමග යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 06 August 2024
කැලණිවැලි කෝච්චි පාර දෙපැත්තේ අයට අලුත් නවාතැන් පැඟිරිවත්ත දුම්රිය ස්ථානයේ සිට පාදුක්ක දුම්රිය ස්ථානය දක්වා කැලණිවැලි දුම්රිය මාර්ග රක්ෂිතයේ පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2024
පොහොට්ටුව සල්ලි කාරයන්ට බදු දෙන්න හදපු පක්ෂයක් නොවේ පොහොට්ටුව සල්ලිකාරයින්ට කුලියට දෙන්න බදු දෙන්න හෝ විකුණන්න සුදුසු පක්ෂයක් නොවෙි යැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 06 August 2024
වාහන හතරක් ගැටී දෙදෙනෙක් රෝහලේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ බස් නැවතුම්පළ ආසන්නයේදී යතුරු පැදි දෙකක් මෝටර් රථයක හා ත්‍රී රෝද රථයක එකිනෙක ගැටී සිදුවූ අනතුරින් යතුරු පැදි දෙකෙහි පැදිකරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මත්තගොඩ පොලිසිය පවසයි. 06 August 2024
රාජ්‍ය සේවයේ වැඩ කඩිනම් කරන්න වැඩක් අරඹයි රාජ්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සදහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2024
අනුරත් ඇප තියයි 2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබේ. 06 August 2024
වරාය නගරයේ නියෝග පාර්ලිමේන්තුවට කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2024
විශ්‍රාමිකයන්ට 2500ක් දෙන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවයෙහි පවතින විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය වැඩි කරයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතිකයක් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 06 August 2024
ඔලුව නරක් වෙච්ච අයත් මේ සැරේ ජනපතිවරණයට ඉල්ලනවා දැන් ඔළුව නරක් වෙච්චි අයත් ජනාධිපතිවරණෙට ඉල්ලන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 06 August 2024
නායකයා තෝරන්න පොහොට්ටුවට නෙළුම් පොකුණ අහිමි වෙයි පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීම නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබුණද පසුව එය නෙළුම් මාවතේ පොහොට්ටු පක්ෂ කාර්යාලය තුළ උත්සවශ්‍රීයෙන් සිදුකිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභික මිලින්ද රාජපක්ෂ මහතා පැවසීය. 06 August 2024
ක්ලබ් වසන්තගේ නිරුවත් ඡායා එළියට ගිය හැටි සොයයි අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුලදී වෙඩි වැදී ඝාතනයට ලක් වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මහතාගේ දේහයේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් හෝමගම මූලික රෝහලේ පුද්ගලයින් 30 දෙනෙකුගෙන් පමණ සාක්කි සටහන්කරගෙන ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි. 06 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026