IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දිලුම් දිලිත්ට හේත්තු වෙයි

(යොහාන් භාසුර)

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය.

එයට අදාල පත්වීම් ලිපිය දිලිත් ජයවීර මහතා අතින් දිලුම් අමුණුගම මහතා කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද ලබාගත්තේය.

දිලුම් අමුණුගම මහතා 2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයයි. අමුණුගම මහතා එහිදී මනාප ඡන්ද 171,758 ක් ලබාගත්තේය.

දිලුම් අමුණුගම මහතා පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළේය.

එම පත්වීම් ලිපිය පිරිනැමීමෙන් පසුව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේ දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාරගැනීම එම පක්‍ෂයේ වැදගත් සංධිස්ථානයක් බවය.



අදහස් (12)

දිලුම් දිලිත්ට හේත්තු වෙයි

අරවින්ද මොනරවිල Thursday, 26 September 2024 03:42 PM

ගංජා පවුලට තවත් සමාජිකයෙක් එකතු වුණා, එච්චරයි...!

:       10       72

sohan Thursday, 26 September 2024 03:49 PM

රොටි දිලිත් සමග රොටි දිලුම්...!

:       7       56

Sherin Ibrahim Thursday, 26 September 2024 04:43 PM

ගංවතුර ආපුවාම පිදුරු ගහෙත් එල්ලෙනවා. දැන් දිලුම්ගේ වෛරය රනිල් ඉවරයි. මාර පොරවල්නේ...

:       5       33

Susa Thursday, 26 September 2024 05:04 PM

හොරුන් සමග නෑ කියලා දැන් මොකෙක්වද ගත්තේ? ලැබුණු ඡන්ද ටිකත් නැතුව ඉන්න වැඩක්...!

:       5       25

ගමේ එකාලා Thursday, 26 September 2024 05:09 PM

නයි නාළිකාවෙන් ඉස්සරහට වැඩ පෙන්වන්න බැරියැ?

:       4       25

ranjith Thursday, 26 September 2024 06:10 PM

රන්ජන් කිව්වා වගේ අන්තිමට ... ‘‘මේ ඔක්කොම යාළුවො මල්ලි‘‘ ඇත්ත වේවි. ඡන්දෙ දෙන මිනිස්සු තම අන්තිමට තල්ලුවෙලා යන්නේ...!

:       0       0

de silva Thursday, 26 September 2024 06:30 PM

ඇන්ටිජන් හොරාට තව හොරෙක් සෙට් වුණා...

:       2       12

Buddika Thursday, 26 September 2024 06:38 PM

අයියෝ කාට කියන්නද මේවා.? රාජපක්ෂට ඇතිවෙන්න කඩේ ගිහින් කොන්දේසි විරහිතව කුණු හෝදපු දිලුත්ට දිලුම් සෙට් වෙලා. වෙනසක් නෑ. ඔක්කොම නොවැම්බර් ගෙදරම තමයි. කරපු දේවල් මොවුන්ට අමතක වුණාට රටට මතකයි..!

:       2       15

R.T.sarath Friday, 27 September 2024 12:03 AM

ඔක්කොම හොරු , ඔක්කොම යාලුවෝ මල්ලි , හොරු වෙනුවෙන් හොරු.

:       0       0

Perera Friday, 27 September 2024 12:51 AM

තමුන්ගේ පැවැත්ම මිසක් දිලුම්ගේ රටට සුබවාදී කිසිම ප්‍රතිපත්තියක් නැහැ.

:       0       0

සෙනෙවිරත්න Friday, 27 September 2024 06:50 AM

අනේ හිනාවෙලා මගේ සරමේ පස්සත් ඉරුණා, මේවා තමයි මැතිවරණ විහිළු...!

:       0       0

ගමේ පොරක් Friday, 27 September 2024 06:55 AM

මේ යකා බීලද ඉන්නෙ? අපේ ගමේ නිතරම බීලා ඉන්න පොරක් ඉන්නවා ඇස් රතුවෙච්ච කටහඬ මේ වගේමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site