
(යොහාන් භාසුර)
හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය.
එයට අදාල පත්වීම් ලිපිය දිලිත් ජයවීර මහතා අතින් දිලුම් අමුණුගම මහතා කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී අද ලබාගත්තේය.
දිලුම් අමුණුගම මහතා 2020 මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප ලැබූ මන්ත්‍රීවරයයි. අමුණුගම මහතා එහිදී මනාප ඡන්ද 171,758 ක් ලබාගත්තේය.
දිලුම් අමුණුගම මහතා පසුගියදා අවසන් වූ ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කළේය.
එම පත්වීම් ලිපිය පිරිනැමීමෙන් පසුව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේ දිලුම් අමුණුගම මහතා මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධූරය භාරගැනීම එම පක්‍ෂයේ වැදගත් සංධිස්ථානයක් බවය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගංජා පවුලට තවත් සමාජිකයෙක් එකතු වුණා, එච්චරයි...!
රොටි දිලිත් සමග රොටි දිලුම්...!
ගංවතුර ආපුවාම පිදුරු ගහෙත් එල්ලෙනවා. දැන් දිලුම්ගේ වෛරය රනිල් ඉවරයි. මාර පොරවල්නේ...
හොරුන් සමග නෑ කියලා දැන් මොකෙක්වද ගත්තේ? ලැබුණු ඡන්ද ටිකත් නැතුව ඉන්න වැඩක්...!
නයි නාළිකාවෙන් ඉස්සරහට වැඩ පෙන්වන්න බැරියැ?
රන්ජන් කිව්වා වගේ අන්තිමට ... ‘‘මේ ඔක්කොම යාළුවො මල්ලි‘‘ ඇත්ත වේවි. ඡන්දෙ දෙන මිනිස්සු තම අන්තිමට තල්ලුවෙලා යන්නේ...!
ඇන්ටිජන් හොරාට තව හොරෙක් සෙට් වුණා...
අයියෝ කාට කියන්නද මේවා.? රාජපක්ෂට ඇතිවෙන්න කඩේ ගිහින් කොන්දේසි විරහිතව කුණු හෝදපු දිලුත්ට දිලුම් සෙට් වෙලා. වෙනසක් නෑ. ඔක්කොම නොවැම්බර් ගෙදරම තමයි. කරපු දේවල් මොවුන්ට අමතක වුණාට රටට මතකයි..!
ඔක්කොම හොරු , ඔක්කොම යාලුවෝ මල්ලි , හොරු වෙනුවෙන් හොරු.
තමුන්ගේ පැවැත්ම මිසක් දිලුම්ගේ රටට සුබවාදී කිසිම ප්‍රතිපත්තියක් නැහැ.
අනේ හිනාවෙලා මගේ සරමේ පස්සත් ඉරුණා, මේවා තමයි මැතිවරණ විහිළු...!
මේ යකා බීලද ඉන්නෙ? අපේ ගමේ නිතරම බීලා ඉන්න පොරක් ඉන්නවා ඇස් රතුවෙච්ච කටහඬ මේ වගේමයි.