දුම්රිය ධාවනයට බාධා දෙමඩගොඩ දුම්රිය ධාවනාගාරයේ සේවකයෙක් අතුරුදන් වීමේ සිදුවීමක් මුල් කරගනිමින් සේවකයින් රාජකාරීවලින් ඉවත්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා ඇතිව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 06 August 2024
පිදුරු ගොඩට ගිනි තැබූ කත ගින්නට හසු වී මරුට අම්පාර බංඩාරදුව නවගිරියාව ගම්මානයේ කුඹුරක වි අස්වනු නෙලිමෙන් පසු පිදුරු වලට ගිනි තැබිමට ගිය කාන්තාවක් එම ගින්නටම අසුවි මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 August 2024
තැනින් තැන අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 August 2024
පලා ගිය අගමැතිනිය ඉන්දියාවේ ශිෂ්‍ය විරෝධතා හමුවේ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. 06 August 2024
ගූගල් සමාගම වරදකරු වෙයි අන්තර් ජාලයේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින්, තරඟකාරී සෙසු සමාගම්වලට ඉඩක් ලබා නොදීමට කටයුතු කරන බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ගූගල් සමාගම ඇමෙරිකන් අධිකරණයක් හමුවේ වරදකරු විය. 06 August 2024
විපක්ෂ නායිකා කලීඩා ෂියා නිදහස් බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ. 06 August 2024
මැකෝ හරි අත හොයයි තමන් කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුමන පාර්ශ්වය සමඟ දැයි මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාගෙන් ලිඛිතව කරුණු විමසා අැත. 05 August 2024
රටට - ජනතාවට වගකිව හැක්කේ ජාජබට පමණයි අපේ රටේ දේශපාලනය මාතෘ භූමියට සහ ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් යැයි එම පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කොළඹදී පැවසීය 05 August 2024
හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් උතුරු ඊශ්‍රායලයට ප්‍රහාරයක් ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. 05 August 2024
ෂෙයික් හසිනා රටින් පැන යයි බංග්ලාදේශය අග්‍රාමාත්‍ය නිල නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි තිබූ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ සාරි, ගමන් මලු, චිත්‍ර ආදිය සොරාගෙන ඇති බවත් හසීනාගේ දේශපාලන කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ කර දමා ඇති බවත් බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේය. 05 August 2024
ගල්බොඩ හිමි දුර්ලභ සංඝ පීතෘ නමක් විවිධ භූමිකාවන් තුළ සුවිශාල ශාසනික සහ සමාජයීය මෙහෙවරක නිරත වූ ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේ දුර්ලභ සංඝ පීතෘන්වහන්සේ නමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 August 2024
තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කෙරේ අදින් අවසන් වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම ලබන 9 දා මධ්‍යම රාත්‍රී දක්වා දීර්ඝ කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 05 August 2024
විජයදාසට ආණ්ඩුවෙ පසුපෙළ පුටුවක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 05 August 2024
අත්තනගලු ඔයේ නාදුනන මළ සිරුරක් ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් දාරළුව ප්‍රදේශයේදී අත්තනගලු ඔයෙහි තිබී නාදුනන මළ සිරුරක් අද (5) සවස සොයාගත් බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 05 August 2024
ෆොන්සේකාත් ඇප තියයි ජනාධිපතිවරණයට තරඟ වදින ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් අද (5) ඇප මුදල් තැන්පත් කෙරිණ. 05 August 2024
මාතර සිරගෙදරින් දුරකතන සහ කුඩු මතුවේ මාතර බන්ධනාගාරය තුළ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී රැදවියන් සගවා ගෙන තිබු බව කියන ජංගම දුරකතන 19 ක් හා උපාංග ද අයිස් මත්ද්‍රව්‍ය පැකට් 07 ක් ද සොයා ගත් බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය. 05 August 2024
ක්ලබ් වසන්ත ඝාතකයන් යළි රිමාන්ඩ් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා (ක්ලබ් වසන්ත) ඝාතනය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් ලබන 20 වැනි දා තෙක් යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චනීමා විජේබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය. 05 August 2024
ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමිය වෙත මීට ස්වල්ප වේලාවකට පෙර ළඟා විය. 05 August 2024
බංග්ලාදේශ අගමැතිනිය ඉල්ලා අස්වෙයි බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඩකාහි අග්‍රාමාත්‍ය නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් කරා ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 05 August 2024
පොහොට්ටුවෙන් කැඩුණු අයගෙන් වෙනම සන්ධානයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 05 August 2024
’’සුරක්ෂා’’-’’උරුමය’’ මැතිවරණ කොමිසමෙන් නවත්වයි සුරක්ෂා සිසු රක්ෂණය උරුමය ඔප්පු යනාදී සියලු ඔප්පු ප්රදානය කිරීම් ඡන්දය අවසන් වනතුරු නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා අැතුලු ප්‍රධානීන්ට දැනුම් ඇත. 05 August 2024
ආර්ථිකය ගැන වෙන අදහසක් දැරුවොත් රට හාන්සියි අධ්‍යාපනය, ව්‍යවස්ථාව සහ බලය බෙදීම වැනි කරුණු පිළිබඳ විවිධ අදහස් දැරිය හැකි මුත් රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේදී වත්මන් රජයේ වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. 05 August 2024
ක්‍රිකට් කණ්ඩායමෙන් පොඩි හාමුදුරුවන්ට අවසන් ගෞරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයට පැමිණ අපවත්වීවදාල හුණුපිටිය ගංඟාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඥානීස්සර නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීය. 05 August 2024
සිරිපාල අමරසිංහ ඇප තියයි ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන සිරිපාල අමරසිංහ මහතා එළඹෙන ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඇප මුදල් අද (5) පෙරවරුවේ තැන්පත් කළේය. 05 August 2024
රුසියන් සබ්මැරීනයට ප්‍රහාරයක් රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයේ නවතා තිබුණු රුසියාවට අයත් ප්‍රහාරක සබ්මැරීනයක් පහර දී විනාශ කිරීමට යුත්රේන හමුදාව සමත් විය. 05 August 2024
කෝටි 8ක ගංජා ඉරණතිව් දුපතේ රුපියල් කෝටි 8 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චි ඉරණතිව් දූපතේදී සිය භාරයට ගත් බව නාවික හමුදාව පැවැසීය. 05 August 2024
දිස්ත්‍රික්ක තුනකට පොහොර ඉල්ලමක් පෑදෙයි කුරුණෑගල, මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවල එලවළු වගා කරන අඩු ආදායම්ලාභී පවුල්වල ගොවීන් 3476කට නොමිලයේ යුරියා, මඩ පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට කටාර් චැරිටී ආයතනය ඉදිරිපත් වී සිටී. 05 August 2024
ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් යුද නැව් ඊශ්‍රායලයේ සහායට ප්‍රහාරක ජෙට් යානා සහිත යුද නැව් යෙදවීමට පියවර ගන්නා බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය පවසයි. 05 August 2024
දුම්රිය මැදිරි උපාංග ගැලවූ 5ක් අත්අඩංගුවට රත්මලාන දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රිය මැදිරිවලින් රුපියල් ලක්ෂ 4 කට ආසන්න වටිනා යකඩ උපාංග කට්ටල සොරාගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 05 August 2024
ඊශ්‍රායලයට අද පහර දෙනවා ඉරානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද (5) දිනය ඇතුළත ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අනතුරු අඟවයි. 05 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026