
(රෝෂන් තුෂාර)
ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි පැමිණිලි ආකෘති පත්‍රයක් සකසා සියලු පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.
වංචාකාර සමාගමේ අධ්‍යක්ෂකවරුන්වරයකු සහ මෙම නඩුවේ තෙවන සැකකරු වන සම්පත් සඳරුවන් නමැත්තාට ඔක්තෝම්බර් මස 4 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එම සැකකරු සතුව තිබෙන දේපළ සහිත වටිනා ඉඩම් පහක පිඹුරුපත් හා සැලැස්ම එම දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙසටද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට පේනවා දැන් අධිකරණය නව ප්‍රබෝධයක් ඇතිව කටයුතු සිදු කරන බව, ඊයේ ඇමැතිගේ ලණු කාලා ඇමැතිගේ හයිය අරගෙන අධිකරණය හෑල්ලු කළ එක්කෙනෙක් නඩුව අවසන් වෙනතුරු ඇතුලේ, විනිසුරුවරුත් මනුෂ්‍යයින් බව අමතක කරන්න එපා, පරිසරය හොඳ වෙනකොට මනස ප්‍රකෘතිමත් වෙනවා...