
(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි.
ඔවුහු පිටබැද්දර මෙදේරිපිටිය පාසලෙන් මාරු වී යෑමේ උත්සවයෙදී ලද තෑගිද රැගෙන සිය සැමියා සමග මාකදුර නිවස දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිට ඇති අතර පිටබැද්දර ව්‍යාපාරිකයකු තම සුඛෝපභෝගී වෑන් රථයෙන් අකුරැස්ස දෙස සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබී ඇති අතර වෑන් රථය ඔවුහු යටකරගෙන ගොස් අසල පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය කීය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ 28 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා වන ඉන්දික සම්පත් නැමති මාකදුර ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හදුනාගෙන ඇති බවත් පොලීසිය කීය.
සැකකාර ව්‍යාපරික රියදුරු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට ඇත්දැයි සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලට රැගෙන විත් තිබූ අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ගොස් තිබුණි.
මියගිය භාග්‍යා ගැබිණියක් බවත් පොලීසිය වැඩිදුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරේ නීතිය අවනීතිය වෙලා තියෙන්නේ. ඊට අමතරව අපේ රටේ පාරවල් වලට සම්බන්ධයෙන් සම්මත වෙච්චි ප්‍රතිපත්තියක් තියෙනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පාරවල් හදලා තියෙන්නේ වාහන පුමුඛ කරගෙන මිසක් පදිකයින් පුමුඛ කරගෙන නෙමෙයි. හුඟාක් පාරවල්, පාලම් වගේ දේවල් සැලසුම් කරලා හදලා තියෙන්නේ මාරාන්තික රිය අනතුරු වලට අතවනන විදිහට. බොරු නම් ළඟදී කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය ඉහළින් හදපු ගුවන් පාලම් දෙකේ ගිහිල්ලා බලන්න. ළඟදීම ඒ හදපු විදිහටයි.. අපේ මිනිස්සු යන වේගයයි එක්ක මාරාන්තික රිය අනතුරක් ලඟදීම වෙනවා...
ජීවිතාන්තය දක්වාම එයාගේ රියදුරු බලපත් අවලංගු කරන්න..!
ඔබ දෙපලට නිවන්සුව අත්වේවා. නිවන්දක්නා තුරු මෙවන් ශෝචනීය මරණයකට ගොදුරු නොමවේවා..!
සිදුවී තිබෙන්නේ නම් දැරිය නොහැකි විපතකි... පොලිසිය දැන්වත් හිරියට නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු...