
(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මෙවර අයවැයෙන් මහ මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති හෙයින් මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදීමට ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සතු වන බවත් ඒ මුදල් ලබාදීමට ඔහු නීතියෙන් බැඳී සිටින බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හදිසියේ විසුරුවා හැරුණු අතර පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මස 14 පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටි 4 බැගින් වටිනා වාහන 300ක් පමණ විකුණාගත්තොත් හරි.
අර ගෝල්ෆේස් ගෙනාපු වාහන ටික විකිනුවනං මහ මැතිවරණ පහක් කරන්න සල්ලි හොයාගන්න පුළුවං
එකෙම්ම දෙකම කරන්න තිබුණා. එහෙම වුණා නම් ඔය මුදල් ඉතිරි වෙනවා. ඊට පස්සේ තව තව එයි...
ඔය තමයි මාලිමාවේ පළමුවැනි ඇණ ගැනීම. ලබන මාර්තු වෙනකොට සෙල්ලම් ඉවරයි. ඒ නිසා ඉක්මණටම හොරු ටික අල්ලපල්ලා. ඒ කරලා ගෙදර ගියත්, ජනතාවට ඒ ඇති...!