
(යොහාන් භාසුර)
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් කොළඹ ගාලුමුවදොර පිටියේ මේ වන විට ගාල්කර තිබේ.
කොළඹ පදනම් ආයතනය සහ ලක්සළ අසළ ද තවත් වාහන මේ ආකාරයට ගාල්කර තිබේ.
ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා අද එම වාහන පරීක්‍ෂා කිරීමෙන් පසුව පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ඒවා පාවිච්චි කළ නිලධාරීන් ගාලු මුවදොර පිටියේ ඇතුළු ස්ථාන කීපයක මෙසේ නවත්වා ගොස් ඇති බවයි.
මෙම වාහන තොගය සමඟ මෙරට මහජන දේපළ පාවිච්චි කර ඇති ආකරය ප්‍රදර්ශනය වන බවත් අනුර දිසානායක ජනාධිපති නොවුණේ නම් තවමත් එම වාහන පාරේ ධාවනය වන බවත් සමරසිංහ මහතා කීය.
මහජනතාවගේ තෙල් සහ සල්ලිවලින් එම වාහන ධාවනය වූ බව කී වසන්ත සමරසිංහ මහතා ජනාධිපති කාර්යාලයට අයත් වාහන 833 ක තොරතුරු ලේඛණවල ඇති බව ද සඳහන් කළේය.
එම වාහන 833 න් 2022 වසර වන විට 29 ක් අතුරුදහන්ව තිබූ බවත් හිටපු ජනාධිපතිවරු වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අය වාහන ගිල දැමුවේ දැයි ගැටලුවත් මතු වන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත දේශපාලුවන්ගේ කෙරුවාවල් ඇස් පනාපිටම දකින්න තියෙනවා.
හොඳට වාහන පාවිච්චි කරලා තියෙනවා. ස්තුතියි ආපහු ගෙනාවාට. තව ටික දවසකින් මාලිමාවේ කට්ටිය ගාව මේවා.
ලොක්කා අපේ හිටපු ජනාධිපති එකවර කොළඹින් අතුරුදහන් වෙලා මාලදිවනෙන් මතුවුණා. ඉතින් ඔය වාහන 20-30 අතුරුදහන් වෙන එක ලොකු දෙයක් නොවේ. සමහරවිට ඔවා ඩේසි ආච්චිගේ ගෙදර ගිය වෙලේ අමතක වෙලා දමලා එන්න ඇති.... එහෙම නැතිනම් ඔය බේබිලාට සහ හාමුලාට පහසුකම් සපයපු හොර ගෑනියෙක් ළඟ ඇති ...
මේවල නැගලා ගිහින් අපිට සේවය කරපු අය පයින් යනවා නේද කියලා මතක් වෙද්දී පපුව හෝක් ගාලා යනවා. සේවය තරමට රට සුඛිත මුදිත වෙලා තියෙන්නේ...!
ඔව්, දේශපාලනයට වගේම සමහර නිලධාරීන්ටත් ලොකු රථගායක් තියෙනවා. විශේෂයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්ට. වාහන කියන්නේ ඉඳිකටු වගේ දෙයක්ද?
රාජ්‍ය නිලධාරින් දැන් තමන්ගේ රාජකාරියට එන්න ඕනෑ පොදු ප්‍රවාහනයේ. නියමයි ජනාධිපති සහෝදරයා. මේ වසන්ත සමරේට නම් වැඩිය දඟලන්න දෙන්න එපා. මිනිහා කප්පමා කියලා පෙසපේ කට්ටිය එළිදරව් කළානේ.
මටත් එකක් දෙන්නකෝ..!
කියකිය ඉන්නේ නැතිව වහාම හොයලා බලලා එක්කෙනෙක් ඇතුළට දැම්මා නම් හොඳයි නේද?
2022 කට පෙර හිටපු ජනාධිපතිවරු, ජනාධිපතිවරු නම් රනිල් වික්‍රමසිංහ එයත් නොවේ...
මෙම රථවාහන අයථා ලෙස පරිහරණය කොට තිබේ නම් කඩිනමින් නීතිමය පියවරගෙන ඔවුන්ට ලැබෙන දඬුවම් සම්බන්ධයෙන් ජනතාව දැඩි විමසිල්ලෙන් බලා සිටියි...
ගෙදර පාපැදියක්වත් නැති සමහර අය මේ වාහනය පාවිච්චි කළා.
සේල් කරනවා නම් කියන්න. අපරාදෙ, නැතිනම් මුහුදේ ගිල්වලා දානවනේ.
ජපන් රටින් වාහන ආනයනය කරන්න අවශ්‍ය නැහැ. මෙව්වා වෙන්දෙසි කළාම කාලෙකට ඇති....
ඔක්කෝම හරි. ඔහොම පාරෙ නවත්තලා බැහැලා යන්නේ නම් නෑ. ඒවා බාරදෙන ක්‍රමවේදයක් කියන්න. පාලන අංශය හෝ මානව සම්පත් කළමනාකරණ අංශය මගින්. අනික ඕවා රජය සතු දේපළ...!
හමුදා නිලධාරිනුයි , පොලිසියේ අයයි ගැනත් මේ විදිහටම බැලුවොත් මේ හා සමාන දේවල් දැකගන්න පුළුවනි . ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ට වඩා වැඩි වාහන ගණනක් සමහර පහළ නිලධාරීන් භාවිතා කරනවා . ප්‍රධාන පාසල් ලඟ සතියක් බලාගෙන හිටියොත් මේ බව පෙනේවි.
ඔය ගොඩගහලා තියෙනවා කියන වාහන, රථගාල්වලට ආවේ කොහොමද? ඒවායේ යතුරු කොහේද කියා බැලුවානම්...? නව ජනාධිපති කෙනෙක් පත්වුණු විගස ඔය වගේ දේවල් විදුලි සැර වගේ ඉක්මණට පහත් වෙනවා...!!!
සංදර්ශන සමය..
මේවා රජයේ දේපළ. අලුතින් පත්වන ඉහළ නිලධාරින්ට මේවා නැවත පාවිච්චියට දෙනවා. ඒත් ඇමැතිලා අඩු වුණු නිසා වාහන යම් ප්‍රමාණයක් ඉතිරි වේවි. අනික, පවුල්වල සහ රාජකාරි නොවන කටයුතු සඳහා වාහන යොදා ගැනීමත්, රජයේ වාහන භාවිතාවේදී පවතින මාපියාව වැළකීමටත් පියවර ගැනීමට ඒ ඒ නිලධාරින් සහ සේවකයෝත් අවංකව සිතාගත්තොත් තමයි රට හරියන්නේ. මජර පුරුදු වලින් සමාජය මුදා ගැනීම පුනරුදයේ එක් කොටසකි. රට හරි මගට යැවීමට අපි සියල්ල අවංක වෙමු. පූජ්‍ය පක්ෂයෙන් කෙරෙන දේශනාද එම දිශාවට යොමු කිරීම ඉතා වැදගත්...
රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව කිව්වම කැතයි. භාසුර නුඹ දන්නෙ නැද්ද රනිල් ජනාධිපති වුනාට පස්සෙ වාහන බලපත්‍ර දීලා වාහන ආනයනය කලේ නැහැ කියලා. ඒවා ඔක්කොම ගෝඨාභය ජනාධිපති කාලයේ ගෙන්වූ වාහන තමයි. කොහොම වුනත් මහජන ඡන්දයෙන් පත්වෙන මංත්‍රී සදහා ජනතා මුලින්ම වාහන නොදීමට කටයුතු කරන්න ඕන. දෙවනුව බලපත්‍ර යටතේ ගෙන්වන වාහන අවුරුදු දහයක් වත් යනතුරු විකිණීම තහනම් කරන්නත් රජයේ නිළධාරි සදහා බලපත්‍ර ලබාගෙන ඇත්නම් මාසිකව රුපියල් දාහක් දෙදාහක් දීලා තමන්ගෙ පුද්ගලික පරිහරණය සදහා රජයේ වාහන දීමත් සම්පූර්ණයෙන්ම තහනම් කරන්න ඕන. රජයේ සේවය සදහා පත්වෙන වෛද්‍යවරුන් හැරුණු විට අනෙක් අයට විශ්‍රාම යනවිට පමණක් වාහන බලපත්‍ර දුන්නාම ඇති වෛද්‍යවරුන් සදහා වුනත් අවුරුදු දහයක් වත් යනතුරු විකිණීම තහනම් කරන්න ඕන .නැත්නම් වෙන්නෙ බලපත්‍ර විකිණීම කර ජනතා මුදල් යටිමඩි ගැසීම පමණයි වත්මන් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව එහෙම කලොත් නැවත කිසිදාක වෙන ආණ්ඩුවක් ඇති නොවේවි
88/89 වාහන 10000 පුච්චලා මෙතන 100 පෙන්නනවා .රටේ තාමත් බූරුවෝ ඉන්න හින්දා හොඳයි
ගැලරිය පිනවන මේ වගේ මෝඩ චූන් වැඩවලින් උත්සාහ දරන්නේ ඉදිරි ඡන්දේ දි වාසි ගන්න. යහපාලනයේදිත් 2015 මේ දේම කලා.වාහන පාරේ,කැලෑ අස්සේ දාලා නැනේ. ඔය තැන අපේ වාහන පාක් කරන්න බෑ. ආරක්ෂිත කලාපයක්.වාහන නැවැත්තුවත් බලනවා පොලීසිය .අනික මේවගේ යතුරුත් බාරදිලා ඇතිනේ. දාලා නිකම්ම් හොරෙන් ගියා නම් මේ වගේ පිළිවෙළට පාක් කරන්නෙ නෑ.මේව වසන්ත සමරසින් හට ගොන් චූන් වුණාට අපිට වැඩක් නෑ.කිව්ව දේවල් ඩිලිවර් කරන්න.වැට් අඩු කරන්න.පඩි වැඩි කරන්න.ඒත් ඒව කලහිත් ප්‍රායෝගිකව රට කඩන් වැටෙනවා.වැට් අඩු කරලා කොහෙන්ද ඒ සල්ලි හොයන්නෙ? 88,89දි ගිනි තිබ්බ ට්‍රාන්ස්ෆෝමර්,බස් ටික,රජයේ ගොඩනැගිලි ටිකත් මෙතෙන්ට ගෙනත් පෙන්නුවා නම් හොදයි
@Don Perera, ඒකට හේතුව හොයාගත්තොත්, සමහරවිට ඔයා, එහෙම නැත්තං පවුලේ වැඩිහිටියෙක් ඡන්දේ දීපු කෙනෙක් තමයි ඒවාට පාර කැපුවේ කියලා පෙනෙයි...