අවුරුදු දා වෙඩි කෑ ගිරිතලේ දැරිය මරුට මින්නේරිය ගිරිතලේ ප්‍රදේශයේ පැවැති අවුරුදු සාජ්ජයකට කඩා පැන සිදු කළ (14) වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වයස අවුරුදු 17 පාසල් සිසුවිය දින 14කට පමණ පසු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 28 April 2024
පොලිස් බාරයේ සිටි සැකකරු පලායයි පොලිස් නිලධාරීන් සිව් දෙනකු භාරයේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගිය හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි. 28 April 2024
කැලණි ගඟේ හඳුනානොගත් මළ සිරුරක් කැළණි ගගේ අවිස්සාවේල්ල කිරිවන්දල උතුර ප්‍රදේශයේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් හමු වූ බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 28 April 2024
රිය අනතුරින් අයෙක් මරුට පුත්තලම අනුරාධපුර ඒ-12 මාර්ගයේ පණ්ඩුලගම ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදිකරුවකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා ඇති බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය පවසයි. 28 April 2024
කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩ තහනමට ලක්වූ පොලිස්කො ස්තාපල්වරයෙකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි 28 April 2024
කසිප්පු බී තුනක් මැරිලා වරකාගොාගඩ ප්‍රදේශයේ තිදෙනකු හදිසියේ මිය යාම හේතුවෙන් මේ පුද්ගලයන් තිදෙනා නීති විරෝධී මත්පැන් පානය කර මියගිය බවට ප්‍රදේශවාසීන් සැක පල කරන සිදුවීමක් වරකාගොඩ ප්‍රදේශයෙන් පෙරෙදා (27) වාර්තාවිය. 28 April 2024
පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන බලාපොරාත්තුවක් පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධව ඊට විසදුම් සහ නිර්දේශ යෝජනා කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාවෙත පොලිස් මූලස්ථානයේදී ඉකුත් දා බාරදෙනු ලැබීය. 28 April 2024
හන්තානේ ගණිකා මඩමක් වටලයි හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි . 28 April 2024
අගමනයෙන් පැන්න ඊජිප්තු ජාතිකයා කොටුවෙයි වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඊජිප්තු ජාතිකයෙකු අගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටියදී ඉන් පලා ගොස් මහනුවර ප්‍රදේශයේ ලැගුම්හලක සැඟව සිටියදී නැවත අත්අඩංගුවට ගෙන තිබේ . 28 April 2024
නමගිය අපරාධකරුවෙක් ඇතුළු 5ක් පොලිස් දැලේ වෑන් රථයකින් කිසියම් අපරාධයක් සඳහා යමින් සිටි දිවයිනේ නම ගිය අපරාධකරුවකු සහ තවත් සැකකරුවන් පස් දෙනෙක් සමග විදේශ රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බයක් ඇතුළු අවි ආයුධ තොගයක් මාදම්පේ පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 28 April 2024
රටේ ලොකුම ප්රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොවේ වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 28 April 2024
අදත් තැනින් තැනට තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ස්ථාන කීපයකට පස්වර 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 28 April 2024
යතුරුපැදිය කුඹුක්ගසේ හැපී තරුණයා මරුට පොළොන්නරුව වැලිකන්ද සිංහපුර මාර්ගයේ මුතුවැල්ල ප්‍රදේශයේදි, යතුරු පැදියක් කුඹුක් ගසක ගැටී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් තරුණයකු මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 28 April 2024
මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය. 27 April 2024
නිලධාරි හිඟයෙන් විගණනය කොටඋඩ නිලධාරීන්ගේ උග්‍ර හිඟයෙන් ජාතික විගණන කාර්යාලයේ විගණන විමර්ශනවලට දැඩි බලපෑම් මතුව ඇත. 27 April 2024
අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක් ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ. 27 April 2024
මහරගමිනුත් කුඩු හමුවේ රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 27 April 2024
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක් ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේ) නියෝජ්‍ය ලේකම් මිචෙල් චැං (Michelle Chan) මහත්මිය එකඟතාවය පළ කර තිබේ. 27 April 2024
’’රනිල්ට ඉඩ දෙමු’’ ’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි. 27 April 2024
ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ. 27 April 2024
බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි. 27 April 2024
’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්ණ තොරතුරු වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබන සතියේදී ඉදිරිපත් කෙරේ. 27 April 2024
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 April 2024
හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාටට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඔහුගේ නීතීඥවරුන්ට අද (26) දැනුම් දුන්නේය. 26 April 2024
කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙකක් පමණ ජලයේ සැඩ පහරට ගසාගෙන ගොස් දියේ ගිලීමෙන් අනතුරුව මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි. 26 April 2024
සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන පේර් ලොදම්මාර් ප්‍රකාශ කළේය. 26 April 2024
මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම විශේෂත්වයකි. 26 April 2024
වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව විරෝධ දක්වමින් කොළඹ, ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් අද (26) පස්වරු පැවැත්වීය. 26 April 2024
ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 26 April 2024
දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණගේ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් විශේෂ මෝෂමක් ගොනුකරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 26 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026