IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

 

( ප්‍රසාද් රුක්මල් ) 

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ  අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය  පිලිපැනීමට ලක්වීමෙන් අඩාලව පැවති බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (24) පස්වරුවේ යලි යථා තත්වයට පත් කල බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ පිටුපස නැරඹුම් මැදිරිය මෙසේ පිලිපැනීමට ලක්ව තිබූ අතර , මෙම දුම්රිය  තෙවන වතාවටත් දෙමෝදර දුම්රිය ස්ථානය ට ආසන්නයේ එකම ස්ථානයකදී මෙසේ පිලිපැනීමට ලක්වීමද විශේෂත්වයකි .

දුම්රිය පිලීපැනිමට ලක් වීමෙන් අවහිර වී තිබූ කොළඹ කොටුව සිට පැමිණි පොඩිමැනිකේ , දුන්හිඳ ඔඩිසි ,  උඩරට මැණිකේ , මහනුවර සිට පැමිණි අංක 1126 දරන  භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය මේ වන විට ප්‍රමාද වී බදුල්ල කරා දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටවී ගිය බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇති අංක 1046 දරන රාත්‍රි තැපැල් දුම්රිය අද (24)දින ප්‍රමාද වී කොළඹ කොටුව බලා ධාවනය වන බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (0)

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site