
(අංජුල මහික වීරරත්න)
නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
ජනමාධ්‍ය අමාත්‍යංශයට අමතරව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂණ,ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය, මහජන ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශවල කැබිනට් අමාත්‍යවරයා වන්නේ ද විජිත හේරත් මහතායි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට හොඳක්ම සිදු වේවා
සුභපැතුම් ඔබට! මැර බලයෙන් තොර සුහදශීලී කාර්යක්ෂම ඇමතිවරයෙක් වන්න.
ගරු ජනමාධ්‍ය ඇමති තුමෙනී, කරුණාකර ලංකාවේ පවතින පාදඩ ජඩ මඩ කරණය තුරන් කරමින් සදාචාර මාධ්‍ය කාරණයක් මෙරටේ බිහි කිරීමට හැකි කඩිනමින් නිසි පියවර ගන්න...නයි නටවමින්, කොවිඩ් වසංගතයට පැණි බොමින්, ජනතාව ගොනාට අන්දවමින් නොමග යවන මෙන්ම මහාචාර්ය පට්ටම් දරමින් පත්තරවලට ලිපි ලියා බොරුව සමාජ ගත කිරීමට වෙර දරන අයට නිසි දඬුවම් ලබා දෙන්න... ඒ වගේම කසිකබල් ටෙලි නාට්‍යය නිසි නියාමනයකින් යුතුව විකාශනය කරන්න පියවර ගන්න...නිසි විවේචනයකින් තොරව පාලකයින්ට මුට්ටි අල්ලමින් වන්දිබට්ටකම් කරන මාධ්‍ය පාදඩයින් හඳුනා ගන්න...ජයවේවා!!
නව ජනමාධ්‍ය ඇමැතිවරයාට උණුසුම් සුබපැතුම් ! මේ රටේ මාධ්‍ය වලින් වඩාත්ම බැට කෑ හා අසාධාරණයට ලක්වූ කණ්ඩායමක සමාජිකයෙක් වූ ඔබට මෙරට ජනමාධ්‍ය හැසිරවිය යුතු ආකාරය ගැන අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නොවනු ඇත...
හරිදේටත් ඩිස්ලයික් දාන කුලියට කොටන මඩ බලකායට මේ මාසෙ ඉවර වෙනතුරු වැටුප් ලැබෙනවාද?
මගෙනුත් සුබපැතුම් ඇමැතිතුමනි. ජනමාධ්‍ය කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය ලොවට පෙන්වන කැඩපතක්. අපේ රටේ රජයේ ජනමාධ්‍ය සියල්ලම ඒ ඒ යුගවල පැවැති රජයන්වල හොරණෑ ලෙස පමණයි ක්‍රියාකළේ. විරුද්ධ පක්ෂ සමාජයේ වැඩදායි දෙයක් කළත් එවැනි සිදුවීම් ජනතාව ඉදිරියට ගෙනයෑම රජයේ ජනමාධ්‍යයන්ට තහනම් වෙලා තිබුනේ. මැතිවරණ කාලවල තත්වය ඊටත් නොදෙවෙනියි. ජාතික ජනබලවේගයේ රජයක් යටතේ මේ " පවතින රජය පමණක්ම හුවා දැක්වීම" නම් රජයේ මාධ්‍යයන් කරන අශීලාචාර සෙල්ලම නවත්වා දමන්න ඔබට ශක්තිය ලැබේවා. එදාමෙදා තුර ජාතික ගුවන් විදුලියට අරක්ගෙන සිටි අශීලාචාර, උදේ පාන්දරම කුණුහරුප වමාරන, මුළු රටම හඩු ගඳ ගැස්සු, මිනිස් ඝාතකයා එළවා දැමීම ගැන ඔබට බොහෝමත්ම ස්තුතියි...!