
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියදී සොයා ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
නිවසේ ඉදිරිපස ජනේලයේ ආවරණයට යොදා තිබූ රෙද්ද ඉවත් කර නිවස ඇතුළු වී පියා සමඟ සාලයේ නිදා සිටි දැරිය ඔසවාගෙන පුරන් කුඹුරු වෙල්යායේ තාප්පයක් අසලට රැගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දැරියගේ මවට සාලය දෙසින් යම් ශබ්දයක් ඇසි විමසිලිමත් වි බලද්දි සැමියා අසල නිදා සිටි දරුවා එහි නොමැති බව දැක කලබලයට පත්ව මහ හයියෙන් කෑ ගසා සැමියා අවදිකර තිබූ බව පොලිසිය කියයි.
පසුව සොයා බලද්දී නිවසට මදක් ඈතින් දරුවා කෑගසන හඬ මිත්තණියට ඇසී කළුවරේම දිව ගොස් පුරන් කුඹුරු අසල සිටි දියණිව සොයා ගෙන ඇත.
දැරිය දමා ගිය ස්ථානයේ තිබූ පාවාහනයක ආධාරයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
fairoos Wednesday, 25 September 2024 10:56 AM
කාලකණ්ණ.