
(තිසර සමල් )
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේතුවෙන් රාහුල ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් නැවත නිවෙස් කරා රැගෙන යාමට අද (25) පෙරවරුවේ දෙමාපියන් කටයුතු කළහ.
අද දරුවන් පාසල වෙත රැගෙන ආ දෙමාපියන් දෙදෙනකු බඹරුන්ගේ ප්‍රහාරයටද ලක්ව ඇති අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවට පාසල් ආරංචි මාර්ග පවසයි.
එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථිමක විද්‍යාලයට යාබදව පිහිටි, එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලට අයත් ගුරු නේවාසිකාගාරයක ගෙවත්තේ පිහිටි අඩි 20 ක් පමණ උස අඹ ගසක මුදුනේ තිබූ බඹර වදයකට මෙලෙස අද (25) උදෑසන 7.00 ට පමණ උකුස්සකු ප්‍රහාර එල්ල කර ඇත.
මේ සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ ආයතන දැනුම්වත් කිරීමට කටයුතු කළ බවද විදුහල්පතිතුමිය පැවසුවාය.
පාසලේ දරුවන් නොමැති වීම හේතුවෙන් අද (25) පාසලේ අධ්‍යාපන කටයුතු සිදු නොකරන බවටද පාසල් බළධාරියකු පැවසීය.
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි