IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයේ උත්සාහයක් තිබෙන බවට ඇමෙරිකානු බුද්ධි අංශ දැනුම්දී ඇතැයි ඔහුගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කණ්ඩායම පැවැසීමත් සමග ට්‍රම්ප් මෙම ප්‍රකාශය කළේය. 

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන එල්ල වී තිබෙන බවත් ඇමෙරිකානු හමුදාව ඒ පිළිබඳ විමසිල්ලෙන් මෙන්ම සූදානමින් සිටින බවත් ටෘ සෝෂල් සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ට්‍රම්ප් පැවැසුවේය.

තම ජීවිතයට තර්ජනයක් එල්ල කිරීමට ඉරානය දැනටමත් පියවර ගෙන ඇති බවත් නමුත් ඒවා අසාර්ථක වූ බවත් ට්‍රම්ප් එහිදී ප්‍රකාශ කළේය.

ඉදිරියේදීත් ඉරානය ඒ ආකාරයෙන්ම සිය ජීවිතයට තර්ජනයක් එල්ල කිරීම සඳහා නැවත වරක් උත්සාහ කරනු ඇති බවද ට්‍රම්ප් පැවැසුවේය.

ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානයෙන් එල්ල වන සැබෑ සහ නිශ්චිත තර්ජනයන් පිළිබඳ ඇමෙරිකානු ජාතික බුද්ධි අංශ කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ට්‍රම්ප් දැනුවත් කළ බවත් ඇමෙරිකාව අස්ථාවර කර කලබලකාරී තත්වයක් ඇති කිරීම ඉරානයේ බලාපොරොත්තුව වී ඇති බවත් ට්‍රම්ප් ජනාධිපතිවරණ ප්‍රචාරණ කඳවුරේ සන්නිවේදන අධ්‍යක්ෂක ස්ටීවන් චන්ග් ඉකුත්දා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

අඛණ්ඩව මනා සංවිධානයකින් යුතුව ඉරානයෙන් එල්ල වන තර්ජනයන් පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන් දැනුවත් බවත් ට්‍රම්ප් ආරක්ෂා කිරීමටත් නිදහස් සහ සාදාරණ මැතිවරණයක් සහතික කිරීමටත් ඇමෙරිකානු ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවත් චන්ග් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 



අදහස් (0)

ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site