IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා

(යොහාන් භාසුර)

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15 ත් 20 ත් අතර කාල වන විට පෝලිම අවසන් කළ හැකි යැයි අධ්‍යක්‍ෂවරයා  දැනුම් දුන් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය.

බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.

විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඇති පෝලිම නැති කිරීමට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව කී විජිත හේරත් මහතා ඒ අනුව එම යෝජනා ලැබුණු පසු විකල්ප වෙත යන බව ද සඳහන් කළේය. 



අදහස් (13)

පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා

de silva Wednesday, 25 September 2024 03:48 PM

විකල්ප යෝජනා නොවේ.. මෙහෙම වෙන්න හේතුව කුමක්ද කියලා, සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 1500 පමණ නිකුත් කරනවා. මසකට දින 24 පමණ වැඩ කරනවා. මාසෙකට පාස්පෝර්ට් 36000ක් පමණ නිකුත් කරනවා. මාසේ 1 වෙනිදා ඉදිරි මාස 3 අවශ්‍ය ගමන් බලපත්‍ර ගබඩාවල තිබෙනවාද කියලා පරීක්ෂා කර බලා නොමැති නම් වහාම ඇනවුම් කරන්න කියලා ආගමන විගමන පාලකට නියම කළ යුතුයි.. මේ පෝලිම් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට ඉන්න නිලධාරීන් අල්ලස් ගැනීම සඳහා කෘතිමව හදපු බව පෙනී යනවා. රියදුරු බලපත් ප්‍රශ්නෙත් මේ සමගම හොයා බලන්න. ඔය රියදුරු බලපත් මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් කරන්න.

:       4       50

අරවින්ද මොනරවිල Wednesday, 25 September 2024 06:03 PM

සිල්වා කියන තුරු විජිතට ඒක අමතක වෙලා තියෙන්න ඇති...

:       0       0

fairoos Wednesday, 25 September 2024 05:32 PM

ඒ කියන්නේ ඔබතුමන්ලා ළඟ විසඳුම් නැද්ද?

:       25       20

අරවින්ද මොනරවිල Wednesday, 25 September 2024 06:07 PM

ඔය තරම් විජීත හේරත්ට වැඩේ තේරෙන්නේ නැහැ වගෙයි නේද ෆයිරූස්, ඒ වුනාට වැඩිය උම්බෑ ගාන්න යන්න එපා හොඳේ...

:       8       15

සෝමවංස (සුදු අයියා)Wednesday, 25 September 2024 07:26 PM

අරවින්ද, ඔච්චර නැමෙන්න එපා...! ගඟක, මුහුදක බහින්න බැරිවෙයි...!

:       4       11

ජිල්බුWednesday, 25 September 2024 08:47 PM

අත්දැකීමෙන් නේද කියන්නේ..?

:       0       0

Banda Wednesday, 25 September 2024 05:35 PM

ගබඩා චෙක් කරන්න. අල, ළූණු, සීනි විකුණන තොග ගබඩාවක් නෙවෙයි. පාස්පෝට් ඔෆිස් එකේ පරිගණකවලින් වැඩකරන තැනක්. දිනපතා නිකුත් කරන කොට ස්ටොක් එක අප්ඩේට් වෙන්න ඕනෑ.

:       1       29

chandima Wednesday, 25 September 2024 06:30 PM

ඇමෙරිකාවේ නම් ගමන් බලපත්‍ර ඉල්ලන්නේ තැපැල් කන්තෝරුවෙන්... දැන් දින කිහිපයකට කලින් පටන් ගත්තු කල් දිගු කිරීම මාර්ගස්ත ක්‍රමයට කරන්නත්... තැපැල් කන්තෝරුවට මාර්ගස්ථ පහසුකම් දුන්නා නම් පාස්පෝට්, හැඳුනුම්පත්, ඇතුළු බොහෝම ඉල්ලුම්පත් එතැනදීම ඉල්ලුම් කරන්න පුළුවන්...! 

:       1       22

ජිල්බුWednesday, 25 September 2024 08:52 PM

අයියෝ චන්දිම, ශ්‍රී ලංකාව ඇමරිකාවට වඩා කොච්චර දියුණුද?... ඒ අයට අපේ ගානට එන්න තව අවුරුදු 400ක් වත් යයි...

:       0       0

pjThursday, 26 September 2024 03:19 AM

ඉන්ටනෙට් කන්ද කියලා ඇහැව්වා නේද ඉස්සර

:       0       0

sunilThursday, 26 September 2024 06:39 AM

අපේ තැපැල් කන්තෝරු තවම හැටේ දශකයේ තියෙන්නේ.

:       0       0

අමල් Wednesday, 25 September 2024 07:10 PM

පියුරු බබා (ගෝනි බිල්ලා) හරියට පොරටෝක් දෙන්නේ වැඩ භාරගෙන පැය 2න් 3න් ප්‍රශ්නේ විසඳුවා වගේ ! ගිහින් කියනවා ඕවා කොන්ඩේ බැන්ද චීන්නුන්ට..! පෝලන්තෙන් ඇනවුම් කරපු අලුත් E පාස්පෝර්ට් ඔක්තෝම්බර් මැද එනවා කියලා රනිල් සීයා කිව්වේ දැනට මාසෙකට විතර කලින් ! අපි නොදන්න විජිත...!

:       0       0

ගමයා Thursday, 26 September 2024 01:17 PM

පහුගිය මාස 6 පාස්පෝට් ගත්තු අයගෙන් 23% ක් පමණයි... ඒවා භාවිතා කරලා තියෙන්නේ. ඔහේ ගන්නවා. අතේ සතේ නැතිව, ගේ ඉස්සරහ නවත්තන්න සොබනේට කාර් ගන්නවා වගේ. බලන්න ගෙවල් වල තියෙන වාහන අවුරුද්දකටවත් පාවිච්චි කරන්නේ නෑ. සති අන්තෙට කඩේ යන්නේ ත්‍රීවීල් එකේ, එහෙමවත් පාවිච්චි කරන්නේ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site