
(යොහාන් භාසුර)
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15 ත් 20 ත් අතර කාල වන විට පෝලිම අවසන් කළ හැකි යැයි අධ්‍යක්‍ෂවරයා දැනුම් දුන් බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.
විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඇති පෝලිම නැති කිරීමට විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බව කී විජිත හේරත් මහතා ඒ අනුව එම යෝජනා ලැබුණු පසු විකල්ප වෙත යන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකල්ප යෝජනා නොවේ.. මෙහෙම වෙන්න හේතුව කුමක්ද කියලා, සාමාන්‍යයෙන් දිනකට පාස්පෝර්ට් 1500 පමණ නිකුත් කරනවා. මසකට දින 24 පමණ වැඩ කරනවා. මාසෙකට පාස්පෝර්ට් 36000ක් පමණ නිකුත් කරනවා. මාසේ 1 වෙනිදා ඉදිරි මාස 3 අවශ්‍ය ගමන් බලපත්‍ර ගබඩාවල තිබෙනවාද කියලා පරීක්ෂා කර බලා නොමැති නම් වහාම ඇනවුම් කරන්න කියලා ආගමන විගමන පාලකට නියම කළ යුතුයි.. මේ පෝලිම් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට ඉන්න නිලධාරීන් අල්ලස් ගැනීම සඳහා කෘතිමව හදපු බව පෙනී යනවා. රියදුරු බලපත් ප්‍රශ්නෙත් මේ සමගම හොයා බලන්න. ඔය රියදුරු බලපත් මුද්‍රණය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් කරන්න.
ඒ කියන්නේ ඔබතුමන්ලා ළඟ විසඳුම් නැද්ද?
ගබඩා චෙක් කරන්න. අල, ළූණු, සීනි විකුණන තොග ගබඩාවක් නෙවෙයි. පාස්පෝට් ඔෆිස් එකේ පරිගණකවලින් වැඩකරන තැනක්. දිනපතා නිකුත් කරන කොට ස්ටොක් එක අප්ඩේට් වෙන්න ඕනෑ.
ඇමෙරිකාවේ නම් ගමන් බලපත්‍ර ඉල්ලන්නේ තැපැල් කන්තෝරුවෙන්... දැන් දින කිහිපයකට කලින් පටන් ගත්තු කල් දිගු කිරීම මාර්ගස්ත ක්‍රමයට කරන්නත්... තැපැල් කන්තෝරුවට මාර්ගස්ථ පහසුකම් දුන්නා නම් පාස්පෝට්, හැඳුනුම්පත්, ඇතුළු බොහෝම ඉල්ලුම්පත් එතැනදීම ඉල්ලුම් කරන්න පුළුවන්...!
පියුරු බබා (ගෝනි බිල්ලා) හරියට පොරටෝක් දෙන්නේ වැඩ භාරගෙන පැය 2න් 3න් ප්‍රශ්නේ විසඳුවා වගේ ! ගිහින් කියනවා ඕවා කොන්ඩේ බැන්ද චීන්නුන්ට..! පෝලන්තෙන් ඇනවුම් කරපු අලුත් E පාස්පෝර්ට් ඔක්තෝම්බර් මැද එනවා කියලා රනිල් සීයා කිව්වේ දැනට මාසෙකට විතර කලින් ! අපි නොදන්න විජිත...!
පහුගිය මාස 6 පාස්පෝට් ගත්තු අයගෙන් 23% ක් පමණයි... ඒවා භාවිතා කරලා තියෙන්නේ. ඔහේ ගන්නවා. අතේ සතේ නැතිව, ගේ ඉස්සරහ නවත්තන්න සොබනේට කාර් ගන්නවා වගේ. බලන්න ගෙවල් වල තියෙන වාහන අවුරුද්දකටවත් පාවිච්චි කරන්නේ නෑ. සති අන්තෙට කඩේ යන්නේ ත්‍රීවීල් එකේ, එහෙමවත් පාවිච්චි කරන්නේ නෑ...