
(ගයාන් සූරිය ආරච්චි)
ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය මාපා කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
සැකකරු පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු බව පවසා ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිල්ලේ අංශයේ පැමිණිල්ලක් කිරීමට පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
එහිදී එම පෞද්ගලික බැංකුව විසින් විද්‍යුත් තැපෑල මඟින් ඉදිරිපත් කර තිබූ බලය පැවරීමේ ලිපියක් සැකකරු විසින් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර තිබූ අතර එම ලිපියට අත්සන් කර තිබූ නිලධාරියාගේ නිල මුද්‍රාවක් හෝ නමක් සඳහන් නොවී තිබූ බව පොලිසිය පවසයි.
එහිදී නැවත නම, නිල මුද්‍රාව සහ අත්සන සහිත බලය පැවරීමේ ලිපියක් රැගෙන එන ලෙස සැකකරුට පොලිසිය දන්වා ඇත.
පසුව සැකකරු ප්‍රමාද නොකර පැමිණිල්ල සටහන් කරගන්නා ලෙස පවසමින් විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ලිපිගොනු අතර රුපියල් 5000ක නෝට්ටුවක් තබා අල්ලස් දීමට තැත් කළ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලස් දෙන්න ගියොත් දැන් හිරේ තමා. උත්සාහ කරන්න එපා.
නව යුගයක ආරම්භය, සියලු යහපත් දේ සිදුවේවායි ප්‍රාර්ථනා කරමු.