IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි

(ගයාන් සූරිය ආරච්චි)

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ  විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය මාපා කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

සැකකරු පෞද්ගලික බැංකුවක වාහන අත්පත් කර ගැනීමේ නිලධාරියකු බව පවසා ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා මාතලේ පොලිස් ස්ථානයේ විවිධ පැමිණිල්ලේ අංශයේ පැමිණිල්ලක් කිරීමට  පැමිණ තිබූ බව පොලිසිය පවසයි.

එහිදී එම පෞද්ගලික බැංකුව විසින් විද්‍යුත් තැපෑල මඟින් ඉදිරිපත් කර තිබූ බලය පැවරීමේ ලිපියක් සැකකරු විසින් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට ඉදිරිපත් කර තිබූ අතර එම ලිපියට අත්සන් කර තිබූ නිලධාරියාගේ නිල මුද්‍රාවක් හෝ නමක් සඳහන් නොවී තිබූ බව පොලිසිය පවසයි.

එහිදී නැවත නම, නිල මුද්‍රාව සහ අත්සන සහිත බලය පැවරීමේ ලිපියක් රැගෙන එන ලෙස සැකකරුට පොලිසිය දන්වා ඇත.

පසුව සැකකරු ප්‍රමාද නොකර පැමිණිල්ල සටහන් කරගන්නා ලෙස පවසමින් විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ලිපිගොනු අතර රුපියල් 5000ක නෝට්ටුවක් තබා අල්ලස් දීමට තැත් කළ  බව පොලිසිය පවසයි.

 



අදහස් (2)

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි

Amara Wednesday, 25 September 2024 11:37 AM

අල්ලස් දෙන්න ගියොත් දැන් හිරේ තමා. උත්සාහ කරන්න එපා.

:       0       19

Ahamed Wednesday, 25 September 2024 12:36 PM

නව යුගයක ආරම්භය, සියලු යහපත් දේ සිදුවේවායි ප්‍රාර්ථනා කරමු.

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site