
(සුරංග රාජනායක සහ ඩබ්ලිව්. ඒ. අසේල)
තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.
මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ ගලහා කස්තුරි වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස මාස 18 ක් වූ කුලතුංග මුදියන්සේලාගේ ලිතුමි සෙහංසා නැමැති දියණියකි.
මෙම සිදුවීමෙන් පසු දරුවාගේ සිරුර වීඩියෝ හා ඡායාරූප ගත කර පැය තුනකට පසු රෝහල් ගත කර ඇතැයිද පොලීසිය කියයි.
සැකකාර මව සහ දරුවා පමණක් නිවසේ සිට ඇති අතර පියා රැකියාව සඳහා පිටත්ව ගොස් ඇතැයි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මවට අනිවාර්යයෙන් පසු ප්‍රසව විශාදය වැනි මානසික තත්වයක් තියෙන්න ඇති ඒ බව හඳුනා ගත්තානම් සහ ඒ අනුව ක්‍රියාකර දරුවා ඇය සමඟ තනිව තැබීමට කටයුතු නොකළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් මේ ගැන සැළකිලිමත් වෙන්න තිබුණා.