IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී

(අංජුල මහික වීරරත්න)

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නව අග්‍රාමාත්‍යවරියට සහ කැබිනට් මණ්ඩලයට සුබ පැතුම් පළ කරමින් පවසයි.

බහුතර ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිවූ ජන වරම අනුව දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලයට මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි යනුවෙන් සරත් ෆොන්සේකා මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.

දුෂණයෙන් තොර විනය ගරුක රටක් හා ස්ථාවර ආර්ථිකයක් වෙනුවෙන් මම තවමත් තිර අදිටනින් යුතුව කැපවී කටයුතු කරමින් සිටිමි. මේ රටේ අති බහුතර ජනතාවගේද ප්‍රාර්ථනය එයයි යනුවෙන් ද ෆොන්සේකා මහතා කියයි.

 



අදහස් (13)

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී

ගමේ එකාලා Tuesday, 24 September 2024 10:35 PM

තම දිවි පරදුවට තබා යුද්ධය දිනාදුන් වීරෝදාර රණවිරුවෙක්.ඔබතුමා ගේ සියලුම සිහින සැබෑවේවා. නිදුක් නීරෝගී සුව නිරතුරුවම ලැබේවා .

:       3       18

Prabha Tuesday, 24 September 2024 11:09 PM

මෙයා හොඳයි .හැබැයි විසයි

:       3       14

Sugath Tuesday, 24 September 2024 11:15 PM

අනේ මන්දා, පුතාණෝ සමඟ සම්බන්ධ වීමෙන් මිනිසුන්ට ඔබ කෙරෙහි තිබූ විශ්වාසනීයත්වය නැති විය. ඊට පස්සේ, ඔයා විහිළුවක් වුණා. ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨ හමුදාපතිවරයෙක්ද, දේශපාලනය ඔබේ බලකොටුව නොවේ. ඔබ අනුරව අගය කරනවා නම්, ත්‍රස්තවාදය කිසිදා මතු නොවන බව සහතික කිරීම සඳහා ඔහුගේ උපදේශකයෙකු වීමට උත්සාහ කරන්න.

:       4       13

Susa Tuesday, 24 September 2024 11:29 PM

මගේ අම්මෝ. ඒකත් කන්නද හදන්නේ මාෂල්කම ගන්න හිතාගෙන. මාලිමාව ඔළුවක් තියනවා නම් මොකාව ගත්තත් මෙයාව නම් ගන්න එපා. කන්න දීපු හැම අතක්ම හපා කාපු මනුස්සයෙක්.

:       5       16

ravi Kodikara Wednesday, 25 September 2024 05:20 AM

බොහොම හොද දෙයක්. එතුමා ලැග්ගෙ බල්ලෝ සමග. එ සිහිනය ඉටු වෙනවා කොහොමත්.

:       2       8

Lalla Wednesday, 25 September 2024 08:09 AM

ප්‍රශ්නය කලවැද්දො ක්‍රියාත්මක වෙන්නේ අඳුරේදී විතරක් වීම. එලිමහනේ වැඩකරන්න බෑ.

:       7       17

Liyanage Wednesday, 25 September 2024 08:31 AM

පිස්සු

:       5       13

pj Wednesday, 25 September 2024 09:23 AM

ඒ සිහිනවලින් වැඩක් නෑ. ඔයාගේ සතය යුද්ධ ජයග්‍රහණයට වඩා එයාලගේ කෙප්ප වරුසාව මිනිස්සු පිළිගත්තා නේ.

:       27       10

Bakmeegola Wednesday, 25 September 2024 01:29 PM

ඔබතුමාගේ හදිසි තීරණ ගැනීම තමයි වරද. හෙමින් යා යුතු ගමනක් මේක. අනුරලා කොච්චර කට්ටක් කොච්චර කාලයක් ඉවසීමෙන් ආවද mමේ ගමන. මින් පෙර ලලිත්, ගාමිණී, පේමචන්ද්‍ර ඇතුළු උගත්, බුද්ධිමත් මිනිස්සුන්ගෙන්ම හැදුනු රාජ අලියා පක්ෂෙට මිනිස්සු චන්දේ දුන්නේ නෑ. ඇයි ඒ. චන්ද දායකයෝ වැඩි හරියක් නුගත් උන් රට ගැන හිතන්නේ නෑ මොනවා කීවත්. තමන්ට වාසියක් ලැබෙනවානම් මොකාට හරි දුන්න. මේ. පාර විතරයි ඒක වෙනස් උනේ. මිනිස්සුන්ට ඇත්තටම වෙනසක් ඕනෑ උනා.

:       3       14

පිටරැටියා Wednesday, 25 September 2024 02:07 PM

යුද්ධය දිනාදුන් වීරෝදාර රණවිරුවෙක් වන ඔබතුමාට අපගේ ගෞරවය හැමදාමත් තියෙනවා. නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී චිරත් කාලයක් ආයු බොහෝ වේවා කියා ප්‍රාර්ථනා කරනවා...

:       1       9

Bollagama Wednesday, 25 September 2024 03:48 PM

යන්න යන්න...!

:       1       0

de silva Wednesday, 25 September 2024 03:57 PM

කල්පනා කරලා බලන්න... ඔබතුමාට වැඩිය දිලිත් ජයවීරත් ඡන්දේ ගත්ත ෆොන්සේකා නමැති යුද විරුවාට ජනතාව ආදරය ගවුරවය දැක්වූවත්, ෆොන්සේකා නමැති දේශපාලකයාට ජනතාව කැමති නැත. දිගින් දිගටම ප්‍රතිරූපය විනාශ කරගන්නේ නැතිව, විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන්න.

:       0       10

m. saman perera Wednesday, 25 September 2024 06:48 PM

තියන තැන තියාගෙන ඉන්නේ නැතිව නිකන් පච වුණා..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site