
(අංජුල මහික වීරරත්න)
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නව අග්‍රාමාත්‍යවරියට සහ කැබිනට් මණ්ඩලයට සුබ පැතුම් පළ කරමින් පවසයි.
බහුතර ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට හිමිවූ ජන වරම අනුව දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලයට මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරමි යනුවෙන් සරත් ෆොන්සේකා මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.
දුෂණයෙන් තොර විනය ගරුක රටක් හා ස්ථාවර ආර්ථිකයක් වෙනුවෙන් මම තවමත් තිර අදිටනින් යුතුව කැපවී කටයුතු කරමින් සිටිමි. මේ රටේ අති බහුතර ජනතාවගේද ප්‍රාර්ථනය එයයි යනුවෙන් ද ෆොන්සේකා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තම දිවි පරදුවට තබා යුද්ධය දිනාදුන් වීරෝදාර රණවිරුවෙක්.ඔබතුමා ගේ සියලුම සිහින සැබෑවේවා. නිදුක් නීරෝගී සුව නිරතුරුවම ලැබේවා .
මෙයා හොඳයි .හැබැයි විසයි
අනේ මන්දා, පුතාණෝ සමඟ සම්බන්ධ වීමෙන් මිනිසුන්ට ඔබ කෙරෙහි තිබූ විශ්වාසනීයත්වය නැති විය. ඊට පස්සේ, ඔයා විහිළුවක් වුණා. ඔබ කෙතරම් ශ්‍රේෂ්ඨ හමුදාපතිවරයෙක්ද, දේශපාලනය ඔබේ බලකොටුව නොවේ. ඔබ අනුරව අගය කරනවා නම්, ත්‍රස්තවාදය කිසිදා මතු නොවන බව සහතික කිරීම සඳහා ඔහුගේ උපදේශකයෙකු වීමට උත්සාහ කරන්න.
මගේ අම්මෝ. ඒකත් කන්නද හදන්නේ මාෂල්කම ගන්න හිතාගෙන. මාලිමාව ඔළුවක් තියනවා නම් මොකාව ගත්තත් මෙයාව නම් ගන්න එපා. කන්න දීපු හැම අතක්ම හපා කාපු මනුස්සයෙක්.
බොහොම හොද දෙයක්. එතුමා ලැග්ගෙ බල්ලෝ සමග. එ සිහිනය ඉටු වෙනවා කොහොමත්.
ප්‍රශ්නය කලවැද්දො ක්‍රියාත්මක වෙන්නේ අඳුරේදී විතරක් වීම. එලිමහනේ වැඩකරන්න බෑ.
පිස්සු
ඒ සිහිනවලින් වැඩක් නෑ. ඔයාගේ සතය යුද්ධ ජයග්‍රහණයට වඩා එයාලගේ කෙප්ප වරුසාව මිනිස්සු පිළිගත්තා නේ.
ඔබතුමාගේ හදිසි තීරණ ගැනීම තමයි වරද. හෙමින් යා යුතු ගමනක් මේක. අනුරලා කොච්චර කට්ටක් කොච්චර කාලයක් ඉවසීමෙන් ආවද mමේ ගමන. මින් පෙර ලලිත්, ගාමිණී, පේමචන්ද්‍ර ඇතුළු උගත්, බුද්ධිමත් මිනිස්සුන්ගෙන්ම හැදුනු රාජ අලියා පක්ෂෙට මිනිස්සු චන්දේ දුන්නේ නෑ. ඇයි ඒ. චන්ද දායකයෝ වැඩි හරියක් නුගත් උන් රට ගැන හිතන්නේ නෑ මොනවා කීවත්. තමන්ට වාසියක් ලැබෙනවානම් මොකාට හරි දුන්න. මේ. පාර විතරයි ඒක වෙනස් උනේ. මිනිස්සුන්ට ඇත්තටම වෙනසක් ඕනෑ උනා.
යුද්ධය දිනාදුන් වීරෝදාර රණවිරුවෙක් වන ඔබතුමාට අපගේ ගෞරවය හැමදාමත් තියෙනවා. නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී චිරත් කාලයක් ආයු බොහෝ වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
යන්න යන්න...!
කල්පනා කරලා බලන්න... ඔබතුමාට වැඩිය දිලිත් ජයවීරත් ඡන්දේ ගත්ත ෆොන්සේකා නමැති යුද විරුවාට ජනතාව ආදරය ගවුරවය දැක්වූවත්, ෆොන්සේකා නමැති දේශපාලකයාට ජනතාව කැමති නැත. දිගින් දිගටම ප්‍රතිරූපය විනාශ කරගන්නේ නැතිව, විශ්‍රාම සුවයෙන් කාලය ගත කරන්න.
තියන තැන තියාගෙන ඉන්නේ නැතිව නිකන් පච වුණා..