
(තිසර සමල්)
මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියේ අද (25) පෙරවරුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය,
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද කීය.
මේ රටට ආදරය කරන මිනිස්සු නම් ඔය දේශපාලඥයන් ඇත්තටම වර්ථමාන ජනාධිපතිවරයාගේ කකුලෙන් අදින්නේ නෑ, ඊයේ දැනගන්න ලැබුණා දැන් ලොකු ජාලයක් හදන්න යනවා මේ ගොල්ල, එක සන්ධානයක් හදලා, මේ සියලු දෙනා එකට එකතු වෙලා මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙලා ඊට පස්සේ බහුතර බලයක් අරගෙන. ඒ ගොල්ල බලාපොරොත්තු වෙනවා ජනාධිපතිවරයා තනතුරෙන් පහ කරන්න.
මේවා සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියට ගැලපෙන ඒවා නෙමෙයි.ඔය ඔක්කොම කෑ ගැහුවේ අපි රටට ආදරෙයි, අපි අරක කරනවා, මේක කරනවා, කියලා.දැන් ඉතින් ජනතාවගේ කැමැත්තෙන් ජනාධිපතිවරයකු පත් වුණා නේ, ජනතාව බලාපොරොත්තු වෙන දෙයක් තමයි සිස්ටම් චේන්ජ් එකක්, අරගලයේ ඉඳලාම ඔකනේ කිව්වේ, අරගලයේ ඉඳලා ඒ ඉල්ලපු ජන මතයට ගරු කරලා වර්ථමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති ධූරය භාර ගත්තා, දැන් කළ යුත්තේ දේශපාලඥයන් හැටියට රටට ජාතියට ආදරය කරන මිනිස්සු නම් පැහැදිලිවම මෙතුමාට මේ අවුරුදු 05 කකුලෙන් අදින්නේ නැතිව කර ගෙන යන්න ඉඩ දෙන්න.ඒක තමයි දේශපාලඥයන් කළ යුතු එකම ක්‍රියාදාමය.
මම දැක්කා දේශපාලඥයන් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා, මේ ජනාධිපතිවරයාට ජනතාවගේ කැමැත්ත ලැබුණේ ඇත්තටම බොහෝම අතලොස්සයි එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්ද තියෙන්නේ, අනෙක් ඒවා දුන්නේ මේ රටේ දේශපාලඥයන් කෙරෙහි, මේ කරපු ජඩ වැඩ හින්දා, වෛරයකින්, වෛරී දේශපාලනයක් තමයි අනුර කුමාර මැතිතුමාගේ ජයග්‍රහණයට හේතු වුණේ, මේ රටේ අල්ලස, දූෂණය, වංචාව, රජකරපු යුගයක්නේ තිබුණේ, මැති ඇමතිවරු, මන්ත්‍රීවරු වරප්‍රසාද භුක්ති විඳපුවා දැක්කා නම් අර මුහුණු පොතේ යන වාහන ගොඩ දැක්කා නම් මෙව්වා කොහෙද තිබුණේ කියලා හිතෙනවා.එක වාහනයක මම හිතන්නේ ලීටරයකට වැඩ කරන්නේ කිලෝ මීටර 05 ක් නැත්මන් 03 යි.බලන්න කොළඹ ඉඳලා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ සමස්ථ රටේම මේ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් පාවිච්චි කරපු වාහන වලට ගියපු වියදම්,තෙල් , වැටුප් දිහා බැලුවම මේ රට ඇත්තමට ගොඩනගන්න පුලුවන් ඒ වගේ ඉතුරු කරලා, ඉතින් ජනාධිපතිතුමා අදර්ශයක් දුන්නා මේ රටට එතුමාගේ දිවුරුම් දීමේ උත්සවය බොහෝම සරලව සිදු කරනු ලැබුවා.
හැබැයි මතක තියා ගන්න ඕන, ජනාධිපතිතුමාට මම මේ කාරණය කියන්නේ, යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් පත් වුණාට පස්සේ ඔය විදිහටම කළා, ඒකත් ජනතාව ඒවත් දන්නවා.ඒ නිසා ප්‍රායෝගිකව ක්‍රියාවෙන් මේ හැම දෙයක්ම ඔප්පු කරන්න මම ඉල්ලීමක් කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිත දේශපාලුවන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. ජනතාවගේ පරමාධිපත්ය ඊට වඩා ඉහළයි...
සහතික ඇත්ත.
මහජනතාව දැන ගන්න ඕනෑ ජනාධිපතිතුමාට හරි, කැබිනට් එකක් තෝරලා දෙන්න. පාර්ලිමේන්තුවට පරණ පුරුදු හොරු ටිකම යැව්වොත් කිසිම වැඩක් නැතිවෙනවා. කිසිම පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිතුමා සමඟ රටට වැඩකරන කොටසක් යවන්න ඕනෑ මහ මැතිවරණයෙන්...!
කකුලෙන් අදින කොට හිටපු හිටපු ජනාධිපතිගේ නම් කලිසම් බිමට වැටෙනවා...
ඉක්මණින් වයසක උන්දැලා යන්න ඕනේ... රට කරන අයට කරන්න දීලා...
සිරිසේන ග්‍රාම සේවක උන්නැහැ වගේ රටට විහිළුවක් වෙන විදියට වැඩ නොකරන බව සහතිකයි. විශාල සැලසුමක් ඇතිව මෙතුමා කටයුතු කරන බව අපට හිතෙනවා. කකුල් මාට්ටු දාලා නිකන් සවුත්තු වෙන්න එපා...!
එහෙම කකුලෙන් අදින්න කවුරුහරි ,ජනතාව ඉන්නවා උන්ගේ පස්සට පයින් ගහලා එලවන්න
රටේ ඔනෑම දේශපාලන පක්ෂයක් එළඹෙන මැතිවරණයක දී තම පක්ෂයට හෝ දේශපාලන ව්‍යාපාරයට උපරිම බලය ලබා ගන්න සාමූහිකව හෝ කේවලව කටයුතු යොදනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායක්. හැබැයි ගරු ජනාධිපතිතුමාට බලය දීපු ජනතාව දැන ගන්න ඔ්න ඉදිරියට ස්ථාවර පිහිටුවීමට අවශ්‍ය අවම බලයක් හෝ ජනාධිපතිතුමාට එළඹෙන මැතිවරණයේ දී ලබා දෙන්න.
දැන්ද මේවා පේන්න ගත්තේ..? මෙච්චරකල් රහත් වෙලාද හිටියේ..? "වාසි පැත්තට හෝයියා" කියමින් උඩ පනින අයගේ වත්කම් විගණනය කළ යුතුයි.." කපන්න බැරි අත ඉඹිමින්" මේ නටන්න හදන නාඩගම ගැන අපිට නම් අමුතුවෙන් උගන්වන්න ඕනෑ නැහැ... මම හිතන්නේ, අනුරකුමාර ජනාධිපති තුමාට හා එතුමා සමග සම්බන්ධ වී වැඩ කරන අයට මේ රටේ තක්කඩියන් පිළිබඳව හොඳ අවබෝධයක් ඇති..." ගොනා හැරෙන්නේ, පොල් පැලේටයි" කියලා මොලේ කළඳක් තියන ඕනෑම කෙනෙකුට තේරෙනවා... බලාගෙන ගියාම මේක නියම ජොබ් එකක්නේ.. ආතල් ජීවිතයක්නේ...!