IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බයිඩන් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන අතර, මේ ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින අවසන් සති කිහිපයයි.

“ඇමෙරිකන් ජනාධිපති ලෙස මේ මහ සමුළුව අමතන සිවුවැනි අවස්ථාව මෙයයි. ඒ වගේමයි ඇමෙරිකන් ජනාධිපති ලෙස මම එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වන අවසන් වතාව වන්නේ ද මෙයයි.” යැයි ජනාධිපති බයිඩන් සිය දේශනය ආරම්භ කරමින් පැවැසීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීම සහ ජනාධිපති ධුරයෙන් සමුගැනීමට තමන් ගත් එම තීරණය ඉතා වේදනාකාරී එකක් යැයි බයිඩන් සමුළුවට සහභාගී වූ ලෝක නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිස අමතමින් පැහැදිලි කළේය. බයිඩන් මිනිත්තු 25 ක කාලයක් සිය දේශනය පැවැත්වීය.

තමන් ජනාධිපති ධුරයෙන් සමුගන්නේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟත් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟත් ගැටුම් පවතින අවස්ථාවක බවත්, එම ගැටුම්වලට තමන්ට ඇමෙරිකන් ජනාධිපති ලෙස විසඳුම් සෙවීමට නොහැකි වූ බවත් බයිඩන් පැවැසුවේ කනස්සල්ලෙනි. ජනාධිපති ධුරයෙන් සමුගැනීම වේදනාකාරී යැයි බයිඩන් පැවැසුවේ මේ නිසාය.

සෙසු ලෝක නායකයන් මෙන්ම බයිඩන් ද සිය වැඩි අවදානයක් යොමු කළේ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මේ වනවිට හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙනි. ලෙබනනය සමඟ යුද ගැටුම් ඇති කර ගැනීමෙන් වළකින්නැයි බයිඩන් ඊශ්‍රායලයට දැඩි අනතුරු ඇඟවීමක් කිරීමට ද අමතක නොකළේය.

ඊට අමතරව, රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ද ජනාධිපති බයිඩන් අදහස් දැක්වීය. රුසියන් ප්‍රහාර හමුවේ දිගින් දිගටම යුක්රේනයට බටහිර නායකයන්ගේ සහාය අවශ්‍ය බව ජෝ බයිඩන් සමුළුව අමතමින් අවධාරණය කළේය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site