
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද සහභාගී විය.
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්ටර් ද ඩ්‍රැගන්...!
මට නම් ඔය තක්කඩින් දෙන්නාව පෙනෙන්නට බැහැ. ජාතික ජනබල වේගයේ සමහරුන්ද චෝදනා කලා නන්දලාල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාම වැටුප් ලබන ඒ නිසා ඒ පදේට නටන අයෙක් කියලා එහෙම එවුන් තවදුරටත් හුරතල් කරන්න අවශ්‍ය නැහැ.
මහ බැංකු අධිපති අයින් කරන්නෙ නැද්ද? ඒ කියන්නෙ රනිල්ගෙ වැඩ පිලිවෙල දිගටම යනවා. අයි එම් එකට අනුව යනවා. රටේ මිනිස්සු කළේ රනිල් වෙනුවට අලුත් පක්ෂයක් ගෙනාවා. ඒ පක්ෂෙ අයට අලුත් වරප්‍රසාද ලැබෙනවා. මහජනයාට හුලන්.
මේ රටේ ජනතාව අනූ හතරේ ඉදල රනිල්ව ප්‍රතික්ශේප කළා. හැබැයි රට හැදුවේ රනිල් අන්තිමේ. ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට රනිල්ල බලයේ ඉන්නව ඉවසන්න අමාරුයි. ඒ නිසා රනිල්ල පැන්නුවත් යන්නෙ රනිල්ගෙගව් වැඩපිලිවෙල.
ජනපතිතුමනි වේලාවට දුවන අධිකව මගීන් පටවන්නේ නැති පොදු ප්‍රවාහන සේවයක් හදලා දෙන්න. පාරට එන පුද්ගලික වාහන අඩු වෙයි. ඩොලර් ඉතුරුයි. හිතත් සතුටුයි.
රනිල් නැතිව මෙහි ඉදිරි කටයුතු කලහැකි බව පෙන්වන්න ඇති. මුලදී කිව්වේ රනිල් නොහිටියොත් මේ එකක්වත් කරගන්න බැරි බවයි. එහෙම කියල රනිල්ට තවත්වසර 5 ට බලය ඉල්ලුවා.
මොහුගේත් සියලු අතිරේක වරප්‍රසාද ඉවත් කළ යුතුයි ,බොරදියේ මාලු බාපු අය
දේශීය කර්මාන්ත කඩිනමින් යාවත්කාලීන කිරීමෙන් හා හිතකර කර්මාන්ත නගා සිටුවීම සදහා කටයුතු කර ආර්ථිකය ගොඩනංවනවා නම් ඉතා විශිෂ්ටයි.
ජනාධිපතිතුමනි, කරුණාකර ඔවුන්ට කියන්න, ඔබ වෙනස් දේවල් කිරීමට යන්නේ නැත, නමුත් දේවල් වෙනස් ආකාරයකින් කරන බව ...
මේ සියල්ලටම කාලයක් දෙමු,මැතිවරණ වේදිකාවල කියූ සැනින් ඒවා කල නොහැකි බව ජනතාව අවබෝධ කර ගනු ඇත.
සහෝදරයා අපි මාලිමාවට ඡන්දෙ දුන්නෙ හොරු එලවන්න ඡන්දෙට කලින් නන්දලාල් කියපුව අමතකද එයා රනිල්ට කඩේ ගියේ එලිපිට ඔයා පරද්දන්න සිරිවර්ධන තමයි පළාත් පාලන ඡන්ද නොතියන්න වර්ඩ කරේ ඒවා අපට මතක නිසා තමයි අපි මාලිමාවට කතිර ගැහුවේ අමතක කරන්න එපා නයින්ට කිරි පොවන්න එපා ඔබ විනාස වෙයි...