IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද සහභාගී විය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ඇතුළු ආර්ථිකයට බලපාන කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (15)

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්

දුම්න්ද රන්කොත්ගෙදර Wednesday, 25 September 2024 12:38 AM

එන්ටර් ද ඩ්‍රැගන්...!

:       0       6

අරවින්ද මොනරවිල Wednesday, 25 September 2024 06:47 AM

මට නම් ඔය තක්කඩින් දෙන්නාව පෙනෙන්නට බැහැ. ජාතික ජනබල වේගයේ සමහරුන්ද චෝදනා කලා නන්දලාල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාම වැටුප් ලබන ඒ නිසා ඒ පදේට නටන අයෙක් කියලා එහෙම එවුන් තවදුරටත් හුරතල් කරන්න අවශ්‍ය නැහැ.

:       11       49

AnuraWednesday, 25 September 2024 01:06 PM

පින්තුරයේ ඉන්නේ නන්දලාල් අයියයි අනුර සහෝදරයයි .ඔහේ මක්කැයි කියන්නේ හත්වලාමේ ඔහෙත් මිද්දෙනියේද ලඟදි ගමේ ගියැයි

:       1       2

SumithWednesday, 25 September 2024 06:07 PM

නන්දලාල් රනිල් දිනවන්න වැඩකර මිනිහා එයාට ලැඡ්ඡාවක් කියලා දෙයක් තිබුණා නම් 23 උදේ පාන්දරම අකුලන් ඕස්ට්‍රේලියාවට යන්න ඕනෑ මහ පුටුවේ රස දන්නා නිසා දාලා යන්න... දුක ඇති මාලිමාවට අමතකද දන්නේ නෑ. මහ මැතිවරණයක් තියෙන බව අපි මාලිමාවට ඡන්දේ දුන්නේ ඇයි කියලා එයාලාට අමතක නම් නොවැ 14 අපි කොරඤ්ඤන්කෝ...! බලන් ඉන්නකෝ...!

:       6       3

විතානගේ Thursday, 26 September 2024 04:03 AM

මහ බැංකු අධිපති ඉල්ලා අස්නොවුණ හොත් ඔහු ඉවත් කරගැනීම පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කළයුතු වෙනවා. දැන් පාර්ලිමේන්තුව නැති නිසා අලුතින් එනකල් ඉන්න ඕනෑ. ඒ නිසා ජනාධිපති තුමා ට ඉන්න කෙනා එක්ක වැඩ කරන්න සිද්ද වෙනවා..ඒ ගැන හැමෝම දැනුවත් වෙන්න.

:       0       0

විජිත Wednesday, 25 September 2024 07:24 AM

මහ බැංකු අධිපති අයින් කරන්නෙ නැද්ද? ඒ කියන්නෙ රනිල්ගෙ වැඩ පිලිවෙල දිගටම යනවා. අයි එම් එකට අනුව යනවා. රටේ මිනිස්සු කළේ රනිල් වෙනුවට අලුත් පක්ෂයක් ගෙනාවා. ඒ පක්ෂ‍ෙ අයට අලුත් වරප්‍රසාද ලැබෙනවා. මහජනයාට හුලන්.

:       0       0

කසුන් Wednesday, 25 September 2024 07:28 AM

මේ රටේ ජනතාව අනූ හතරේ ඉදල රනිල්ව ප්‍රතික්ශේප කළා. හැබැයි රට හැදුවේ රනිල් අන්තිමේ. ප්‍රශ්නේ තියෙන්නේ ජනතාවට රනිල්ල බලයේ ඉන්නව ඉවසන්න අමාරුයි. ඒ නිසා රනිල්ල පැන්නුවත් යන්නෙ රනිල්ගෙගව් වැඩපිලිවෙල.

:       0       0

විදුර Wednesday, 25 September 2024 07:39 AM

ජනපතිතුමනි වේලාවට දුවන අධිකව මගීන් පටවන්නේ නැති පොදු ප්‍රවාහන සේවයක් හදලා දෙන්න. පාරට එන පුද්ගලික වාහන අඩු වෙයි. ඩොලර් ඉතුරුයි. හිතත් සතුටුයි.

:       2       45

Rohana Wednesday, 25 September 2024 10:01 AM

රනිල් නැතිව මෙහි ඉදිරි කටයුතු කලහැකි බව පෙන්වන්න ඇති. මුලදී කිව්වේ රනිල් නොහිටියොත් මේ එකක්වත් කරගන්න බැරි බවයි. එහෙම කියල රනිල්ට තවත්වසර 5 ට බලය ඉල්ලුවා.

:       40       22

Sadun Wednesday, 25 September 2024 10:21 AM

මොහුගේත් සියලු අතිරේක වරප්‍රසාද ඉවත් කළ යුතුයි ,බොරදියේ මාලු බාපු අය

:       22       48

nandalalWednesday, 25 September 2024 01:07 PM

ඔහේ ළඟදී ගමේ ගියයි හත්වලාමේ ඔහෙත් මිද්දෙනියෙයි

:       4       2

Ajantha herath Wednesday, 25 September 2024 10:49 AM

දේශීය කර්මාන්ත කඩිනමින් යාවත්කාලීන කිරීමෙන් හා හිතකර කර්මාන්ත නගා සිටුවීම සදහා කටයුතු කර ආර්ථිකය ගොඩනංවනවා නම් ඉතා විශිෂ්ටයි.

:       0       13

UPALI Wednesday, 25 September 2024 11:53 AM

ජනාධිපතිතුමනි, කරුණාකර ඔවුන්ට කියන්න, ඔබ වෙනස් දේවල් කිරීමට යන්නේ නැත, නමුත් දේවල් වෙනස් ආකාරයකින් කරන බව ...

:       2       6

සෙනෙවිරත්න Wednesday, 25 September 2024 12:14 PM

මේ සියල්ලටම කාලයක් දෙමු,මැතිවරණ වේදිකාවල කියූ සැනින් ඒවා කල නොහැකි බව ජනතාව අවබෝධ කර ගනු ඇත.

:       2       12

සුමිත් Wednesday, 25 September 2024 01:47 PM

සහෝදරයා අපි මාලිමාවට ඡන්දෙ දුන්නෙ හොරු එලවන්න ඡන්දෙට කලින් නන්දලාල් කියපුව අමතකද එයා රනිල්ට කඩේ ගියේ එලිපිට ඔයා පරද්දන්න සිරිවර්ධන තමයි පළාත් පාලන ඡන්ද නොතියන්න වර්ඩ කරේ ඒවා අපට මතක නිසා තමයි අපි මාලිමාවට කතිර ගැහුවේ අමතක කරන්න එපා නයින්ට කිරි පොවන්න එපා ඔබ විනාස වෙයි...

:       3       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site