
(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.
මිතුරන් දෙදෙනකු සමඟ කනංගමුව ප්‍රදේශයේදී දිය නෑමට ගොස් ඇති අතර මිතුරන් දෙදෙනා සමග ගඟෙන් එගොඩට පීනීමට තැත් කළ අවස්ථාවේදී දියේ ගිලී මරණයට පත්ව ඇත.
තොටගමුව කනගමුව ප්‍රදේශයේ පදිංචි විසල් තිබීර යශෝදර බණ්ඩාර මෙසේ මියගොස් තිබේ.
දියේ ගිලී මරණයට පත්වූ පුද්ගලයාගේ සිරුර ගොඩ ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි කැපවීමක් කර උත්සාහ කළ අතර අද (25) ප්‍රදේශවාසීන් විසින් ගඟේ කෙලවරක රැඳී තිබියදී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd