
(යොහාන් භාසසුර)
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවත් මහජන ආරක්‍ෂක අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේදී වැඩ භාරගැනීමෙන් පසුව විජිත හේරත් මහතා අද (25) පෙරවරුවේ එසේ පැවසීය.
වර්තමාන ආණ්ඩුව යටතේ එවැනි දේ නොවීම නිසා පරණ සංස්කෘතිය වෙනස් කර අලුත් සංස්කෘතියක් ඇති කළ යුතු බවත් දේශපාලන වශයෙන් ජාතික ජනබලවේගයට හිතවත් කෙනෙක් වරදක් කළත් විශේෂයෙන් සැළකීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඒ මහතා කීය.
එවැනි වෙනසක් බලාපොරොත්තුවෙන් මෙරට ජනතාව ජාතික ජනබලවේගයට බලය දුන් බව කී විජිත හේරත් මහතා පොලිසිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජනතාව තුළ විශ්වාසය බිඳ වැටී තිබූ බව ද සඳහන් කළේය.
නීති හා සාමය රැකීමේ වගකීම පොලිසියේ වගකීම වන නිසා එයට ඉඩ ප්‍රස්තාව දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් වැරදි ක්‍රම වෙන්ස් කර දේශපාලන මැදිහත්වීම් නොමැති පොලිස් සේවයක් ඇති කළ යුතු බවත් විජිත හේරත් මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පොලිස් නිලධාරියෙක් වෙරි මරගාතේ වාහනයක් එලවලා හප්පලා අහුවුනොත් මොකද කරන්නේ? උසස් වීමක් දෙනවැයි ලේකම්තුමාට වගේ...!
දැනට සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් සියල්ලටම ස්ථාන මාරුවීම් දිය යුතුය හිටපු පොලිස්පතිවරයා කී පරිදි ස්ථානාධිපතිවරුන්ගෙන් සීයයට අනුනමයක්ම දේශපාලන පත්වීම් ලැබ සේවයට පැමිණි අය නිසා.
ඒ වගේම දීර්ඝ කාලයක් එකම පොලිසියේ ඉඳලා, අවුරුදු 10ටත් වඩා, ඉන්න අයට වහාම ගමේ ඉඳලා කිලෝ මිටර් 10 දුරක්වත් මාරු කරන්න. මේ අය කවම දාකවත් නීතීයට නම් වැඩ කරන්නේ නෑ. වරද දැක දැක දෙපැත්තෙන්ම පගාව අරන් වැරැදි කරන්න ඒ අයට උපදෙසුත් දෙනවා. අත්දැකීමෙන් කියන්නේ. පගාව දුන් නැත්නම් නිවැරැදි පාර්ශවයට හරියට කරදර කරනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹට ඉතාම ළඟ පොලිසියක මෙවැනි වැරැදි හරියට කරනවා....
කරෝපිස්ලා තවමත් කුලියට කොටනවා, ඔය ගතිය ඇරිලා යයි, රට හරිය කියන පැත්තට එරෙහිව යන අය ඉතිහාසයේ කුණු කූඩයට යනවා...
එහෙම වෙනවා නම් හොඳයි. මේ වෙනකොට හැම ආයතනයකම ඉන්න සභාපතිවරු, ආණ්ඩුකාරවරු වෙනස් කරනවා. ඒක තමයි මෙච්චර කාලයක් අනිත් පක්ෂ දෙකම කරගෙන ආපු පිළිවෙළ. ඒවට ජාතික ප්‍රතිපත්ති ඉදිරියේ දි හෝ හැදුණොත් හොඳයි.
ඇමැතිතුමා පොලිසිය ස්වාධින කිරීම වගේම පොලිසියේ අය කරන වැරැදි වලට ක්ෂණිකවම දඬුවම්කරන ක්‍රමයකුත් හදන්න ඕනෑ. මොකද පොලිසිය පසුගිය කාලේ වැරැදි කලේ දේශපාලන ඇඟිලි ගැසීම් නිසා පමණක්ම නොවෙයි...!
කරුණාකරලා රාජපක්ෂවරු ඇතුළු සියලු දේශපාලකයන්ට දී ඇති පොලිස් සහ හමුදා ආරක්ෂාව ඉවත් කර ඒ පොලිස් නිලධාරීන් හා හමුදා නිලධාරීන් නිසි සේවාවල යොදවන්න.
බීමතින් රිය පදවා අනතුරක් වුණොත් ඒක මහ බැංකුව කොල්ල කෑවා වගේ හෝ පාස්කු ප්‍රහාරය සැලසුම් කෙරුවා වගේ අපරාධයක් නොවෙයි කියලා කරෝලිස්ගේ කුඩා මොළයට තේරෙන්නේ නැතුව ඇති. අනික රවී සෙනෙවිරත්න ඒක කරලා දේශපාලකයින් හෝ පොලිසියේ ලොක්කෝ පස්සේ ගිහින් හැංගෙන්න හැදුවේ නැහැ. නීතිය ඉස්සරට ආවා. ඇවිත් තීන්දුව පිළිගත්තා. ඒක මහත්මා ගතියක් කියලා කරොලිස් නොදන්නවා ඇති...
karolis, ravi senevirathna නීතිය කැඩුව එකට දඬුවම් වින්දා මොකද්ද ප්‍රශ්නේ ?
ඔහොම කෙනෙක් ඉන්නවා බොරලැස්ගමුව පොලිසියේ උසාවි යන...