(සුජිත් හේවාජුලිගේ)
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අරඹා ඇත.
මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් කොමිෂන් සභාව හමුවට හෙට (26) කැඳවා ඇතැයි එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන්ට ඉන් සිදු වූ බලපෑම සහ ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සලකා බලන බවද ඔහු සඳහන් කළේය.
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශන අාරම්භ කළේය.
එම විමර්ශනය අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd