
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පළාත් 9 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කර තිබේ.
හනීෆ් යූසුෆ් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර ලෙසත්,සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙසත් ,බන්දුල හරිස්චන්ද්‍ර මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස සහ තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස පත් වී සිටිති.
වසන්ත කුමාර විමලසිරි මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලෙස පත් කර ඇති අතර නාගලිංගම් චේතනායහන් මහතා උතුර පළාත් ආණ්ඩුකාර ලෙසත් ජයන්ත ලාල් රත්නසේකර මහතා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලෙස සහ චම්පා ජානකී රාජරත්න මහත්මිය සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙස පත් වූහ.
කපිල ජයසේකර මහතා ඌව පළාත් ආණ්ඩුකාර ලෙස පත් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනීපාල හේරත් වගේ අය නැතිව පාලුයි වගේ අප්පා. මොන ආණ්ඩුකාරයෝද මේ.? දාන්ඩ එපැයි බඩ තඩි මුදලාලිල ටිකක්. අපිට මේවා දැකලා හුරු නැහැ වගේ...
මෙතෙක් කල් මේ තනතුරු දේශපාලන ගෝල බාලයින්ට වෙන්වෙලා තිබුණේ. රනිල්, මහින්ද දැන්වත් රටක් පාලනය කරන හැටි මේ ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්න.
විශ්ව විද්‍යාලවලට ගැලපෙන කුලපතිවරු පත්කරන්න. ගෝඨාභය පත්කළේ එයාගේ ඡන්ද ව්‍යාපාරයට උදව් කළා කියලා ... ප්‍රසිද්ධියේ කිව්වා අපිට මතකයි.
කරුණාකර එකෙක් ආණ්ඩුකාරයාගේ අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් පලකළොත් හොඳ නැද්ද?
ඇවිදගන්න බැරි නාකියෝ, ඡන්දෙන් දිනන්න බැරි හාදයෝ,උන්ගෙ පවුල්වල උන් එක්ක දාපු වරිග සභා ඉවරයි, කෝට් එක දාල හිටියට ගෙදර යවපු උන් අමුඩෙටවත් සුදුසු නැහැ, ඒක අමුඩෙටත් කරන අපහාසයක්.
අරගලය ඉල්ලුවේ මේ වෙනස තමයි. ඒක පියවරෙන් පියවර වෙනවා. ඉවසිල්ලෙන් ඉන්න, ඔය තඹුත්තේගම ගොවි පුතාට රකින්න හෝ රැකගන්න දෙයක් නැහැ, ඔහු හොඳටම දන්නවා වසර හැත්තෑවක් විතර යනකොට මැරෙන බව හෝ අබල දුබල වන බව, ඔහුගේ එකම අරමුණ මේ මජර ක්‍රමයෙන් අප රට හරි පීල්ලට ගන්න එක.
ඉතාමත් හොඳ පත්වීම්... එක් අයෙක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති. තව කෙනෙක් නීතීඥ ප්‍රජාවේ ගෞරවය දිනා සිටි හිටපු මහාධිකරණ විනිසුරුවරියක්. අනික් අයත් එසේ උගත්, බුද්ධිමත් වැදගත් අය විය යුතුයි.