ලංකාව - කසකස්ථානය ගුවන් සේවා ගිවිසුමක ශ්‍රී ලංකාව සහ කසකස්ථානය අතර ද්විපාර්ශවික ගුවන් සේවා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 April 2024
කන්කසන්තුරේ වරාය හදන්න ඉන්දියාවෙන් සල්ලි ඉන්දීය ණය අරමුදල් යටතේ කන්කසන්තුරය වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස 2017-5-2 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති අතර ව්‍යාපෘති කළමනාකරණ උපදේශක සේවා පිරිනැමීම සඳහා 2019-12-18 දින අනුමැතිය සඳහා ලබාදී තිබේ. 30 April 2024
ළමා හිංසනයට තද නීති සියලුම ක්ෂේත්රවල ශාරීරික දඩුවම් පැනවීම තහනම් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 April 2024
විදුලි පනත පාර්ලිමේන්තුවට දාන්න කැබිනට් අනුමැතිය 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 April 2024
ගුවන්තොටේ ගුවන් සෙබළාගේ ගිනි අවිය පත්තුවෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ ප්‍රභූ පර්යන්තය තුළ රාජකාරියේ නිරත වී සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයෙකු සතු ගිනි අවිය පත්තු වීමෙන් එම පර්යන්තයේ වහළයට හානි සිදු වී තිබේ . 30 April 2024
ජනපති මැයි රැලි දෙකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය සමරමින් හෙට (1) මැයි රැළි දෙකකට සහභාගී වෙයි. 30 April 2024
කෝටි 2ක ගජමුතු සමග අයෙක් අත්අඩංගුවට කෝටි දෙකහමාරකට අධික වටිනාකමකින් යුතු ගජමුතු තොගයක් රිදී මංජුසාවක් සමග ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් මඩකලපුව ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (29) අත්අඩංගුවට ගනු ලැබීය. 30 April 2024
කෝටි දෙකේ ගෙවල් නඩුවෙන් මහින්දානන්ද නිදහස් අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රමවලින් උපයාගත් රුපියල් කෝටි දෙකහමාරකට අධික මුදලක් වියදම් කර බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවෙසක් මිලදී ගත් බවට මුදල් විශූද්ධීකරණ පනත යටතේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නඟා තිබු චෝදනා වලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (30) නියම කළේය. 30 April 2024
මැයි රැලියට සියල්ල සූදානමින් ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය හෙට (1) උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි. 30 April 2024
යාපනයේ නව දේශපාලන පක්ෂයක් එක්සත් ජනතා පක්ෂය නමින් නව දේශපාලන පක්ෂයක් යාපනයේදී අද( 30 )නිල වශයෙන් ඇරැඹිණි. 30 April 2024
ගෝඨාභයට එදා මං විරුද්ධ වුණා රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 30 April 2024
අකුණු සැරින් අයියා නගෝ මරුට මාතලේ රත්තොට දන්කන්ද වැල්ගාලායාය ප්‍රදේශයේ නිවෙසකට අකුණු සැර වැදීමේන් අවුරුදු 12ක පාසල් සිසුවියක හා වයස අවුරුදු 23 තරුණයකු අකුණු සැර වැදීමෙන් මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. 30 April 2024
සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 30 April 2024
අකුණු සැරෙන් අයෙක් මරුට මුලතිව් තුනුක්කායි අයියන්කුලම්හිදී අකුණු සැර වැදී එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සදහන් කරයි. 30 April 2024
පොලිස් ගාඩ් පිට දඹුල්ලේ වැවක රක්ෂිතය අල්ලාගෙන දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම අල්ලා ගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති. 30 April 2024
අනියම් පෙම මන්නා පහරින් කෙළවර වෙයි ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි. 30 April 2024
කෝටි හතක ගජමුතු විකුණන්න බැරිවෙයි රුපියල් කෝටි හතක මුදලකට ගජමුතු පහක් අලෙවි කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් සිව් දෙනකු ජයල රුක්මණී දේවී හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව ජා ඇල පොලිසිය පවසයි. 30 April 2024
අද වහින පළාත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 April 2024
අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක් බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත 30 April 2024
කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. 30 April 2024
විපක්ෂයේ තවත් හතකට බාර් තෑගි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර( බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ. 30 April 2024
බදු නොගෙවූ අරක්කු සමගමේ ලොක්කෙක්ට කෝටි 135ක ඇපයක් කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංගසිංහ මහතා අද(29) නියෝග කළේය. 29 April 2024
කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ එම ප්‍රදේශයෙන් පරීක්ෂාකාරීව ගමන්කළ යුතු බව පොලිසිය පවසයි. 29 April 2024
තනිව සිටි නීතිවේදනිය මරා දමලා නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය කියයි. 29 April 2024
ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 29 April 2024
කළුතර මුහුද ගොඩගලයි කළුතර උතුර ප්‍රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී. 29 April 2024
සංගීතඥ ප්‍රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්‍රාප්ත විය. 29 April 2024
සංචාරක කලාප 49ක් ගැසට් කෙරෙයි සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය. 29 April 2024
කොතලාවල වෛද්‍ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්‍ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පන්දම් දල්වාගෙන අද (29) රාත්‍රී උද්ඝෝෂණයක් පැවැත්වුහ. 29 April 2024
’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’ කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. 29 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026