
(අංජුල මහික වීරරත්න)
දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.
අධ්‍යාපන අමාත්‍යංශයේ සියලු අංශවල නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
"ගුරු පුරප්පාඩු පිරවීමේදී නිසි ක්‍රමවේදයක් මගින් සිදුවිය යුතුයි. ජනතාව තුල විශ්වාසය ඇති වන පරිදි විනිවිද භාවයෙන් පුරප්පාඩු පිරවීම සිදු කරන්න වෙනවා. පාසල් පැත්තෙන් මට පොඩි යෝජනාවක් තියෙනවා. පාසල් වල මානසික සෞඛ්‍ය මානසික අසහන පිළිබඳ ප්‍රශ්න තිබෙනවා . මේ ගැන අපි මැදිහත් වෙන්නම ඕන,යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිනියනි පොත්පත් පාසල් උපකරණ මිල අඩු කර දෙන්න. එය දරුවන්ට සහනයක්.
ඉතා හොඳ තීරණයක්.
තවත් එකක් තියෙනවා, රජයේ සේවකයන්ට මොන ක්‍රමේක හරි පක්ෂ දේශපාලනය කරන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම රස්සාවෙන් ඉල්ලා අස්වෙන්න කියල කොන්දේසියක් දාන්න ඕන. ශිෂ්‍යයන්ටත් පක්ෂ දේශපාලනේ තහනම් කරන්න ඕන. ඒ වගේම ගහකින් කොළයක් වැටුණත් වැඩවර්ජන අය ගැනත් පියවරක් ගන්න.
ඒකනම් හොද දෙයක්..සමහර දේසපාලුවෝ පාසැල් වෙලාවේ ඇවිත් ළමයින් ඉගෙන ගන්න කාලයත් කා දමනවා.ජපන් භාශාව දන්නවද කියලා ගොන් ප්‍රශ්න අහනවා.
ඔයා අපේ හිටිය විපක්ෂ නායක තුමාට අපහාස කරනවා නේද ?
තවත් එකක්, දේශපාලුවන්ගේ නම් පාසල් වලින් ඉවත් කරන්න ඕන.
අගමැති තුමියනි, පාසල් ළමුන් සඳහා විෂයය නිර්‌දේශයට නීතිය පිලිබඳ අධ්‍යාපනය ඇතුලත් කරන්න. ගුණධර්ම, සහජීවනය සහ යහපත් හැසිරීම ප්‍රායෝගික විෂයයක් ලෙස ශ්‍රී ලාංකිික අධ්‍යාපනයට එක් කරන්න.
අල්ලස, දූෂණයට එරෙහිව පාඩම් අධ්‍යාපනයට කුඩා කල සිට උගන්වන්න. ඒ වගේම දේශප්‍රේමය උගන්වන්න. ජාතිවාදය පිටු දකින්න උගන්වන්න...
පොඩි ලමයින්ගේ පොත් බෑග් වල බර ඒ ලමයින්ට දරාගන්න බෑ මැතිනියනි.ඒ ගැන කලින් ලොකු ප්‍රචාරයක් දීලා බර අඩු කරා කිව්වට අදටත් ඒ ලමයි බැරි බර කරේ තියන් පාසැල් යනවා.