‘‘දූෂණ හෙළි කරනවාට බයේ මට වස දුන්නා‘‘ මීට මාස එතහමාරකට පමණ පෙර විදේශ ගතවන අවස්ථාවේ තමා ඝාතනය කිරීමට පිරිසක් උත්සාහ කළ බවට සැකයක් ඇතැයි, හිටපු වාරිමාර්ග හා ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා අම්පාරේ දී පැවසීය. 02 May 2024
යාපනයේ රෝහලක් අසලින් මිනිස් ඇටකටු හමුවේ යාපනය පුන්කුඩිතිව් රෝහල ආසන්නයේ තිබී මිනිස් අස්ථි කොටස් තොගයක් හමුවූ බව උර්කාවතුර පොලිසිය සඳහන් කරයි. 02 May 2024
පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි 2024 මාර්තු මාසයේ දී පොල් ආශ්රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. 02 May 2024
කෝටි 15ක මත්ද්‍රව්‍ය සමඟ යුවළක් කොටුවෙයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සිරාන් බාසික්ගේ නමැත්තෙකුගේ ප්‍රධාන ගෝලයෙකු සහ ඔහුගේ බිරිඳ රුපියල් කෝටි 15 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 02 May 2024
දකුණට - වයඹට නව ආණ්ඩුකාරවරු දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 02 May 2024
කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 02 May 2024
හපුතලේ-බෙරගල අතර එක් මංතීරුවකට සීමා වෙයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතරදී අද(01) දින දෙවන වරටත් ගල් පර්වත කිහිපයක් පෙරළී මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය. 02 May 2024
දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 May 2024
උසස් පෙළ ප්‍රතිඵල මේ මස අග අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 01 May 2024
‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘ “මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්නේ නෑ. එලඹෙන වසරේ මැයි දින රැලිය මේ රටේ පවත්වන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට යටතේයි.” යයි ජාතික ජන බලවේගයේ මැයි දින මාතර රැලියේ දී එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 01 May 2024
‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘ එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ගමනක් යෑමට අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (1) පැවසීය. 01 May 2024
‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘ ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරනවා. ඒ සදහා සියල්ල සූදානම් යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 01 May 2024
විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන් අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙන් ගසාගෙන ගොස් අතුරුදන් වි ඇති බව අහංගම පොලිසිය පවසයි. 01 May 2024
‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘ අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සමරු රැලිය අමතමින් අද (1) පැවසීය. 01 May 2024
වෑන්රියක්-අත්ට්‍රැක්ටරයක් ගැටී අයෙක් මරුට:5ක් රෝහලට යාපනය මහනුවර ඒ්-9 ප්‍රධාන මාර්ගයේ චාවකච්චේරි නූනාවිල් ප්‍රදේශයේදී වෑන් රියක් සහ අත්ට්‍රැක්ටරයක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පොලීසිය පැවසීය. 01 May 2024
බාල හාල් බෙදූ මෝල් හිමියාට වැඩ වරදි සෙවනගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන්ට ප්‍රමිතියෙන් තොරව සහල් බෙදූ බව කියන මෝල් හිමියාගේ සහල් සැපයුම නවතා දැමීමට සෙවණගල ප්‍රාදේශීය ලේකම් නයන රංජිත් ප්‍රියශාන්ත මහතා පියවර ගෙන ඇත. 01 May 2024
මැයි දිනයට ලංගමයෙන් බස් 685ක් පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය 01 May 2024
‘‘වතුකම්කරුවන්ට 1700 දෙන්න බෑ‘‘ තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා වැය වන ඉහල පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට නොහැකි බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසයි. 01 May 2024
තෙල් බැස්සත් බස් ගාස්තු එහෙමමයි’’ ඩීසල් මිල අඩු වුවද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. 01 May 2024
මැයි දින රැළි වලින් කොළඹ ගිගුම් දෙයි ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය. 01 May 2024
ට්‍රම්ප් දඩ කයි අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය. 01 May 2024
ප්‍රේමදාස ගුණ සමරයි හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සැමරීමේ උත්සවයක් කොළඹ ආමර් වීදියේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසළදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවැත්විණි. 01 May 2024
සා පෙළ ටියුෂන් තහනම් අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාර පන්ති පැවැත්වීම තහනම් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 01 May 2024
මන්ත්‍රී ගයාෂාන් එජාපයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත. 01 May 2024
සිමෙන්ති මිල අඩු වෙයි කිලෝග්‍රෑම් 50 සිමෙන්ති බෑගයක මිල රුපියල් 50 කින් පහළ දැමීමට තීරණය කළ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් සිමෙන්ති සමාගම් පවසයි. 01 May 2024
නිදහස් පක්ෂයේ ජනපති අපේක්ෂක විජයදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසීය. 01 May 2024
වතු කම්කරු දෛනික වැටුප 1700ක් කරයි වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 May 2024
සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට කොළඹට නුදුරු සරසවියක සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 01 May 2024
අයි.ඕ.සී. ඉන්ධන මිලත් පහළට ‘සිපෙට්කෝ’ ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) ද ඉන්ධන මිල ද පහත දමා තිබේ. 01 May 2024
අපිට නැති උන්ට ඇති කම්කරු දිනය ලෝක කම්කරු දිනය යෙදී ඇති අද (1) දිනයේ ද විවේකයක් නොමැතිව සේවය කරන පිරිසක් බවට මාර්ග පිරිසිදු කරන කම්කරුවන් පත්ව සිටිති. 01 May 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026