කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පෙරැළෙයි මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාවත් සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයට හපුතලේ බෙරගල අතර ප්‍රදේශයේදී ගල් පෙරළීමේ අවදානමක් පවතින බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 01 May 2024
රට ශක්තිමත් කරන වගකීම අත්හරින්න බෑ රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද අප සියලුදෙනා වෙත පැවරී තිබෙන අතර ඒ වෙනුවෙන් සියලුදෙනා සාමුහිකත්වයෙන් වැඩ කළයුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. 01 May 2024
අද වහින තැන් බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 May 2024
ඕඅයිසීලා දාහක් ගමේම පොලිසියේ බින්න බැහැලා දිවයින පුරා පොලිසිවල ස්ථානාධිපතිවරුන් සහ අංශභාර ස්ථානාධිපතිවරුන් 5308 දෙනාගෙන් 1106 දෙනකුම රාජකාරී කරන්නේ තමන් ස්ථිර ලෙස පදිංචිව සිටින පොලිස් බල ප්‍රදේශයේම බව මේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට බාරදී ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් වේ. 01 May 2024
ක්‍රිකට් පිත්තකට සිසුවකු මරලා පාසල් සිසුන් දෙදෙනකු අතර ක්‍රිකට් පිත්තක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් එක් සිසුවකුට ක්‍රිකට් පිත්තකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් පිත්තෙන් පහර දුන්නේ යැයි කියන සිසුවකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි. 30 April 2024
සීඅයිඩී වෙසින් කෝටි හතරක කප්පම් ඉල්ලලා රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 30 April 2024
ඡන්දෙ දෙන්න ඕනෑ කාටදැයි මා කීවේ නෑ කිසිඳු පක්ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයකදී කළ ප්‍රකාශ සහමුලින්ම ප්රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති. 30 April 2024
ඉන්ධන මිල පහළට ලංකා පෙට්‍රල් (92) රුපියල් තුනකින් සහ ලංකා සුදු ඩීසල් රුපියල් තිහකින් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කර ඇත. 30 April 2024
විපක්ෂයේ ලොක්කෙක් ප්‍රා. සහා අපේක්ෂිකාවක නමට බාර් අරන් විපක්ෂයේ දේශපාලන පක්ෂයක නායකයකු ද මහියංගනය රිදීමාලියද්ද නගරයේ මත්පැන් අලෙවිසලක් විවෘත කිරීමට ආණ්ඩුවෙන් මත්පැන් බලපත්‍රයක් ලබාගෙන ඇතැයි ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත. 30 April 2024
විදුලි බිලට ලබන මාසෙ ලොකු සහනයක් විදුලි බිල වෙනසක් දැනෙන ආකාරයෙන් මැයි මාසයේදී අඩු කිරීමට බලාපොරොත්තුවන බව විදුලි බල රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 30 April 2024
නාමල් උයන රැකීමට සහය වූ මාධ්‍ය ආයතනවලට සම්මාන ජාතික නාමල් උයන රැක ගැනීම සඳහා සහාය දුන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වලට සම්මාන ප්රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේ දි අද පස්වරු වේ පැවැත්විණි. 30 April 2024
අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට (1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ලබාගත යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය. 30 April 2024
ස්පීකරයේ සැඟවූ ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි බ්ලු ටුත් ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග මට්ටක්කුලිය දුවේ ගිම්හාන් නොහොත් ශාන් නමැත්තා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 April 2024
රටවල් 67කට නොමිලේ වීසා රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය. 30 April 2024
දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කටයුතු කළ බව කියන කාන්තාවක් අද(30) අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 30 April 2024
පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක් අද (30) ප්‍රකාශ සටහන් කර ගත්තේය. 30 April 2024
ජනපතිට එරෙහිව වාරණයක් අගවිනිසුරු ධුරයට හැර අනෙකුත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුධුරවලට විනිසුරුවරුන් නිර්දේශ කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (30) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 30 April 2024
උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළට ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස (අප්‍රේල්) මෙරට උද්ධමනය සියයට 1.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. 30 April 2024
රට විරුවන්ගේ වාහන බලපත නවත්වයි විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 30 April 2024
රතුපස්වල නඩු තීන්දුව කල් යයි පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කොට තවත් 45 දෙනකුට තුවාල සිදු කළ කළ බවට චෝදනා ලැබු යුද හමුදා බි්රගේඩියර්වයකුට සහ හමුදා සෙබළුන් තිදෙකුට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය. 30 April 2024
ලංකාදීප ප්රවෘත්ති කර්තෘ රංජන්ට සම්මානයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛපෙලේ උසස් අධ්‍යාපන ආයතනයක් වන APAX Campus හි 2024 උපාධි ප්‍රදානෝත්සවයේ දී ලංකාදීප පුවත්පතේ ප්රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතාට සම්මානයක් හිමි විය. 30 April 2024
රුසියන් මිසයිල ප්‍රහාරයෙන් හැරී පොටර් මාළිගය වැනසෙයි යුක්රේනයේ ඔඩෙසා නගරයේ පිහිටි හැරී පොටර් මාළිගයට එල්ල රුසියානු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් පස් දෙනෙක් මියගොස් තවත් 31 දෙනෙක් තුවාල ලැබූහ. 30 April 2024
උමා ඔය ඉරි තැලීම් තිබේදැයි බලන්න භූ විද්‍යාඥ කණ්ඩායමක් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව ඒ ආශ්රිත නායයාමක් හෝ වෙනත් ගැටළුකාරී තත්ත්වයක් මෙතෙක් වාර්තා වී නොමැති බවත් වර්ෂාපතනය සමඟ ඇති වන කුඩා දිය ඇලි පෙන්වමින් ඇතැමුන් ජනතාව නොමඟ යැවීමට උත්සාහ දරණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 30 April 2024
වජිරත් කෝච්චියෙන් කොළඹට එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට සහභාගී වීම සඳහා පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා හෙට (1)උදෑසන අහංගම දුම්රිය ස්ථානයේ සිට මරදාන දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් පැමිණීමට නියමිතයි. 30 April 2024
පෝෂණයේ කඩා වැටීම මහ බැංකුව පිළිගනී ආර්ථික ප්‍රශ්න හේතුවෙන් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ තත්ත්වය අසතුටුදායක මෙන්ම දුර්වල වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන්වේ. 30 April 2024
රුවන්ඩාව - ලංකාව නිදහස් වීසා ගිවිසුමක රාජතාන්ත්‍රික-රාජකාරි හෝ විදේශ සේවා ගමන් බලපත්‍ර හිමි පුද්ගලයින් වීසා අවසරපත් බාර ගැනීමෙන් නිදහස් කිරීම සඳහා රුවන්ඩාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 30 April 2024
ජාතික මැයි රැළියට ඉන්දියාවෙන් ගායක ගායිකාවන් රජය විසින් සංවිධානය කර පවත්වනු ලබන ජාතික මැයි රැළියට සමගාමීව සංවිධානය කර ඇති සංගීත ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා ඉන්දියාවේ සිට ගායක ගායිකාවන් පිරිසක් අද(30 ) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 30 April 2024
සිල්ලර මත්පැන් අළෙවිසැල් හෙට වහයි ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති හෙට (1) දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ සිල්ලර මත්පැන් අළෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 30 April 2024
ගුවන්තොටේ රත්තරන් සාප්පුවක් අරින්න අවසර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ /සංක්‍රමණ කලාපයේ රත්තරන් සාපුවක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 30 April 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026