IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත. 

ඊශ්‍රායල හමුදාව ඊයේ (27) ලෙබනනයේ බීරූට් අගනුවර ඉලක්කයකට ප්‍රහාර එල්ල කළේය. හසන් නසරැල්ලා මියගොස් ඇත්තේ එම ප්‍රහාරයෙනි.

ඊශ්‍රායලය පසුගිය කාලයේ එල්ල කළ ප්‍රහාරවලින් හිස්බුල්ලා සටන්කාමී සංවිධානයේ නායකයන් බොහෝ දෙනකු ඝාතනය කළත්, නසරැල්ලා ඝාතනය කිරීම එසේ මෙසේ සිදුවීමක් නොවනු ඇති බවත්, මෙය මහා යුද්ධයක පෙර නිමිත්තක් බවත් ජගත් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

හසන් නසරැල්ලා 1960 වසරේ දී බීරූට් අගනුවර, බොරූජ් හැමෝද් පළාතේ උපත ලබා ඇත. නස්රල්ලාගේ පවුලේ 9 දෙනෙකි. වැඩිමලා හසන් නසරැල්ලා ය.   

ඊශ්‍රායලය ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇත්තේ, ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සමඟ ගෙන යන යුද්ධයේ දිගුවක් ලෙසය. හමාස් සටන්කාමීන්ට හිස්බුල්ලා සංවිධානයේ සහාය නොඅඩුව හිමිවෙයි.

හිස්බුල්ලා සංවිධානය, දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. ඊශ්‍රායලය සමඟ ගැටෙන්නේ හිස්බුල්ලා සන්නද්ධ අංශයයි.

‘හිස්බුල්ලා’ යනු අරාබි බසින්, ‘දෙවියන්ගේ කණ්ඩායම’ යන අර්ථයයි.

හිස්බුල්ලා සංවිධානයේ ආරම්භය සිදුවූයේ ලෙබනන් සිවිල් යුද සමයේදීය.

1982 දී, ලෙබනනයේ බීරූට් අගනුවර ඊශ්‍රායලය විසින් අල්ලා ගනු ලැබ තිබුණි. 2000 තෙක් දකුණු ලෙබනනය පැවැතියේ ද ඊශ්‍රායලයේ ග්‍රහණයේය.

හිස්බුල්ලා සන්නද්ධ අංශය පිහිටුවීම සිදුවූයේ ඉරාන විප්ලවීය හමුදාවේ මැදිහත් වීමෙනි. ඒ, ඊශ්‍රායල හමුදා සමඟ සටන් වැදීමටය.



අදහස් (2)

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ

nimal Saturday, 28 September 2024 05:40 PM

මැදපෙරදිග යුද තත්වයක් මතුවෙමින් පවතින නිසා ලෙබනනයේ සිටිනා වෙනත් රටවල පුරවැසියන් ඉවත්කරගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී...

:       1       41

Asith Saturday, 28 September 2024 09:43 PM

කොහේද මහ යුද්ධයක් වෙන්නෙ. ඔක්කොම හිස්බුල්ලා නායකයො ටික මැරිලා. අන්න සෞදි රජ කුමාරය කියල තිබුනෙ ඔය පලස්තීනෙ උන්ට ගැහුවත් එකයි නැතත් එකයි තමන් ඒව ගනන් ගන්නෙ නෑ කියල. ඉතින් ලෙබනනේ ගැන කවර කතාද. තමන්ගේ හමුදාවට දුන්න වෝකි ටෝකි, පේජර්ස් ගන්න ඕන මොකාගෙන්ද කියල තීරණයක් ගන්න බැරි වෙච්ච ගොන් ත්‍රස්තවාදීන් ඉවරෙටම ඉවරයි.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 88 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site