
(සුජිත් හේවාජුලිගේ)
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කළේය.
මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී වික්‍රමරත්න මහතා ලංකාදීපයට පැවසීය.
කොළඹ ගාලු මුවදොර පිටියේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අදාල තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇත. ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් වේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී ඇත.
ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර රට විරුවන්ට වාහන පර්මිට් 1077ක් ලබාදීමේදීද අක්‍රමිකතා රැසක් සිදුව ඇතැයි තොරතුරු අනාවරණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ සම්බන්ධයෙන්ද සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට භාර දුන් බව විගණකාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මයිනලා, සූත්තර පුංචා, හිටන්ලා එකතුවෙලා රටට කරලා තියෙන විනාශයෙන් ගොඩ එන්න සෑහෙන කාලයක් යයි. මොවුන්ට හෙනම ගහන්න ඕනෑ...
ආණ්ඩුවේ ආයතනවල ඉන්න හොරු හැටියට 4000න් නැවතිලා තිබුණොත් ඇති...
ව්‍යාජව කූඨලේඛන සකසා වාහන පැවරීම කරන සමහර රක්ෂණ ආයතන තියෙනවාද කියලා හිතෙනවා. මම දන්න කෙනෙක් මියගිය වෙලාවේ ඔහුගේ යතුරු පැදිය බිරිඳගේ සහෝදරයා අරගෙන ගියා ලියාපදිංචි සහතිකය ගෙන ගියේ නැහැ. කාලෙකට පස්සේ රක්ෂණ හෝ ෆිනෑන්ස් ආයතනයක් සැකසූ කූඨලේඛන ඉදිරිපත් කර වාහනය අයිතිකරුගේ බිරිඳගේ සහෝදරයා ඔහුගේ නමට ලියාපදිංචි කරගෙන තියෙනවා. ඒ වගේ ඔය වාහන පවරාගෙන ඇති. ඒවා ගැන විගණකාධිපතිගේ අවධානයට යොමුවේවා. රජයේ වාහන අස්ථානගත වෙලා තියේ නම් එම ආයතනවල වාහන භාරනිලධාරි ගැන විශේෂ අවධානයක් කරන්න ඕනෑ සාමාන්‍යයෙන් රජයේ සේවයට ගොස් වසරකින් දෙකකින් වාහන භාරකරුවන් වාහන හිමිකරුවෙක් වෙන්නේ කොහොමද බලන්න...!
වාහනත් නෑ... ඒවාට සම්බන්ධ ලේඛනත් නෑ. කළමනාකරණය කොතරම් හොඳින් සිදුවී තිබෙනවාද?
CID පරීක්ෂණ කරන්නේ නැද්ද?
රජයේ වාහන සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වාහන සංචිත ඇතිකර, විධිමත් ක්‍රමවේදයක් යටතේ රාජ්‍ය නිලධාරීන්ට සහ මහජන නියෝජිතයින්ට රාජකාරි අවශ්‍යතාව පරිදි වාහන නිකුත්කළ යුතුයි. පුද්ගලික වාහන මෙන් රජයේ වාහන පාවිච්චියට තිත තැබිය යුතුයි.
රජයේ වාහන 4000 ක් උස්සලා කියලා තියෙනවා ඇත්තටම රජයේ ඉහළම නිලධාරින් සඳහා වර්ෂ පහකට වරක් රජයට ලැබෙන ආදායම් අඩුකර ගෙන බලපත්‍ර දෙනවා.. කියන්නෙත් වාහන ඉස්සිල්ලක්ම තමයි. ඊළඟට පාවිච්චි කරන වාහනය පුද්ගලික පරිහරණය දෙනවා කියන්නෙත් ඒකමයි උදාහරණයක් හැටියට කාන්තාවක් තමන්ගේ වරප්‍රසාද යටතේ වාහනය පුද්ගලික පාවිච්චියට ගත්තාම සැමියා ඔහුට අවශ්‍ය ආකාරයට වාහනය පාවිච්චියට ගන්නවා ඒවා හරිද? සමහරක් අය නිලරථය අලුත්වැඩියා සඳහා යැව්වාම කුලියට වාහනයක් ගන්න අවසරය ගන්නවා. ඊළඟට කාර්‍යාලයේ පොදු සංචිතයේ වාහනයක් වෙනත් කෙනෙක් නමින් අරගෙන රාජකාරි කරන්න යනවා.. කුලියට අවසරය මත මාසිකව කුලියත් ගන්නවා.. මේක ගැන නීතියක් හදන්න පුළුවන් නම් හොඳයි...
බොහෝ වාහනවල එන්ජින් මාරු කර ඇති බවට තොරතුරු ඇත. සොයා බලා දඬුවම් කරන්න.
21ට කලින් මේ කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. දැන් තමයි මේ ඔක්කෝම? මේ NPP එක නම්, අනේ මන්දන්නෑ. අපි කොච්චර සතුටින් හිටියාද? අපි රාජකාරියත් කරගෙන, ළමයිවත් පංති දාලා, නෝනයි, එයාගේ යාලුවෝයි ඒ අයගේ වැඩත් කරගෙන හිටියේ. අපිට වෙච්චි දෙයක්...!
දැන් වෙයිස් කට් දෙයි මේව කරපු සහ මෙතැන්සිට ඉදිරියටත් මේ ක්‍රමයම කරන්න හිතපු අය මේව මාධ්‍ය සංදර්ශනයක් කියල. ඒත් හිතන්න එපා මේක හිටන්ගෙ කාලෙ කියල ඒ කේ ඩී ජාතියෙ පිනට පහළවුන නායකයා තඹුත්තේගම ගොවිපුතා එහෙම නොකරන බව විශ්වාසයි. මොකද ඔහුට රකින්නට කෙනෙක් නැති නිසා, ජනතාව ඔබ සමගයි
සිනිබදු,සුදුලුනු,මහබැංකු එතනෝල් බැංකුවලට පොලු තියපු එක මේවලේ බොහෝ දේවල් වල පරික්ෂණ කඩිනමින් කරන්න
මහින්ද්‍රා බොලෙරෝ ඩබල් කැබ් එකක් ඔය මොන කෙනාටත් හොඳටම ඇති...!
සෙට් එක පට්ට බය වෙලා තමයි තැපැල් ජන්ද දැමිමේ.. දින්නාම ජන්දේ දුන්න හින්දා බේරෙනින පුළුවන් වෙයි කියලා හිතලා
සමිතා මුදුන්කොටුවට ජොනී වාහන 3ක් දීලා කියලා අද කියෙව්වා. ඔය 4000 ඇතුලේ ඒ 3ත් ලියාගන්න...
ඕක දාන්න පළමුව හිතලා බලන්න රජයට අයත් වාහන 4000ක් අමාත්‍යාංශවල ලියාපදින්චි කරලා තියෙනවාද කියලා මේවා නිකන් චිත්‍රපටිවල කොටස් වගේ මවන ප්‍රවෘත්ති පමණයි ඡන්ද ගොඩ වැඩි කරගන්න...
මේවා නම් ඡන්දෙ බලාගෙන ජනතාව අඬවන මවන අලුත් තාලේ ප්‍රවෘත්ති මාධ්‍යත් මේවා රස කරකර දානවා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අපි ඒ තරම්ම මෝඩයෝද? වාහන 4000ක් වන මේවා විශ්වාස කරන්න මේවා කොස් ඇටද?