
(සුජිත් හේවාජුලිගේ)
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික පක්ෂය, සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ආරම්භ කරනු ලැබ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
පොදු සන්ධාන පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ නායකයන් සමඟ රහසිගත සාකච්ඡාද පසුගිය දිනවල කෙරුණු බව දැනගන්නට ඇත.
සන්ධාන පිහිටුවා ගැනීම සඳහා දේශපාලන පක්ෂ නම්මවා ගැනීමට එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය වෙනම කණ්ඩායම්ද පත්කරනු ලැබ සිටිති.
පොදු සන්ධානයක් පිහිටුවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වෙන ලෙස එම පක්ෂයේ නායකයෝ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහ සාමාජිකයන්ගෙන් පසුගියදා ඉල්ලීමක්ද කළහ.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමඟ සන්ධාන ගතවීමට සාකච්ඡා අරඹා ඇත.
මේ සම්බන්ධයෙන් අප හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා කළ බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන දිළුම් අමුණුගම මහතාද මව්බිම ජනතා පක්ෂය සමඟ එක්විය. ඔහුට එම පක්ෂයේ ජාතික සංවිධායක ධූරයද ඉන් අනතුරුව පිරිනැමිණ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනපතිවරණයේදී සහාය දීමට ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා සන්ධානයක් පිහිටුවා ගනු ලැබීය. පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එම සන්ධානයයි.
එම සංවිධානයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාය.
පොදු ජන එක්සත් නිදහස් පෙරමුණට තවත් පාර්ශ්ව සම්බන්ධ කර ගැනීම වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු කණ්ඩායමක් මේ දිනවල කටයුතු කරගෙන යන බව ආරංචි මාර්ග සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ සමග සන්ධානගත වීමට දැනටමත් එකඟත්වය පළකර ඇතැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ අතර ඉදිරි මහ මැතිවරණයේදී වැඩි මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ විය යුතු බව සමගි ජන බලවේගයේ සාමාජිකයන් රැසක් එහි නායකත්වයට පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත. කෙසේ වෙතත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊට තවමත් එකඟත්වයක් දක්වා නැත.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්රධාන පක්ෂ බිලි කොකු සෙල්ලමක
Perera Saturday, 28 September 2024 11:48 PM
දිනේෂ්ලා කොපමණ බංකොළොත්ද ඇපත් ගහලා ගිය නාගදිලිත් එක්ක එකතු වෙන්න.
B Amarasinghe Sunday, 29 September 2024 01:58 AM
හිටපු අගමැති කෙනෙක් සංධාන ගත වෙන්න දිලිත් ජයවීගෙන් අහ අහ යනවා. දැන් ඇති දෙදර යන්න
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 29 September 2024 11:02 AM
මේ දන්සැල දාලා යන්න හිත නෑ, කොහොමහරි උත්සාහය ඉතිරි ටිකත් කන්න මිස රට වෙනුවෙන් හෝ ජනතා සේවයට නොවී, කුමන නමකින් කුමන සන්ධාන හැදුණත් අවසානයේ ඡන්දය දෙන්නේ මහජනතාව... මෙවර අපි විශ්වාස කරනවා ජනතාව බුද්ධිමත් වේවි..!