IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන  "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය"  සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28)එක් විය.

මෙවර පොත් ප්‍රදර්ශනය කුටි 400කින් පමණ සමන්විත වන අතර දෙස් විදෙස් පොත් ඇතුලත් කුටි කිහිපයක් නිරීක්ෂණ කළ ජනාධිපතිවරයා ප්‍රදර්ශනයට පැමිණ සිටි ජනතාව සමඟ ද කෙටි පිළිසදරක නිරත විය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා විසින් ළමා පොත් පිළිබඳ ජාතික ප්‍රතිපතියේ කෙටුම්පත ද මෙහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය  වාර්ෂිකව සංවිධානය කරනු ලබන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සැප්තැම්බර් 27 වන දින සිට ඔක්තෝබර් 06  දක්වා පෙ.ව 9.00 සිට රාත්‍රි 7.00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ප්‍රදර්ශන ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ.



අදහස් (12)

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි

Photo Op Saturday, 28 September 2024 03:09 PM

මේ ෆොටෝ හරිම ස්වාභාවික විදිහට ගත්තුවා. අර ළමයි ඉඹින, කාර් කෑලි මැද හිටවල ගත්තු ඒවා වගේ නොවේ. "පොලවේ පය ගහපු" ගතිය... තියෙනවා.

:       90       53

අරැන Saturday, 28 September 2024 03:12 PM

දැන්වත් තෙරුම්ගන්න හැම ජනාධිපතිමට එකම ආසාවල් තියෙන්නේ කියලා...

:       62       86

Prabha Saturday, 28 September 2024 04:14 PM

අරුන දන්නේ නැද්ද සාහිත්‍යය කන්නද කියලා අහපු ජනාධිපතිලත් ලංකාවේ හිටියා කියලා...

:       35       57

Korale Saturday, 28 September 2024 04:49 PM

සාහිත්‍ය කන්නද කියපු ජනාධිපති නිසා මිනිසුන්ට යමක් හරිහැටි තේරුම් ගන්න මොළයක් නැතිවෙලා තමන් විශ්වාස කරන කවුරු හරි කෙනෙක් මොනදේ කිව්වත් ඒක හිස් මුදුණින් පිළිගෙන ඒක විතරක් හරි අනෙක්වා ඔක්කොම වැරැදියි කියලා හිතන පිරිසක් ඇතිවුණා. කල්පනා ශක්තියක් නැතිවුණා. හරියට අපේ අසල්වැසි පිනා වගේ ජාතියක් රටේ ඇතිවුණා..!

:       25       16

සෙනෙවිරත්න Saturday, 28 September 2024 04:37 PM

කියන්නකෝ පොත් කියවපු ජනාධිපතිලා, මෝඩයෝ පත්කරලා මෙතුමාත් ඒ ගානට දාන්න එපා...

:       29       15

විජිත් Saturday, 28 September 2024 04:43 PM

ජනාධිපති අනුර කුමාර සහෝදරයාට ඉතාම ආදරයෙන් කියන්න දෙයක් තියෙනවා, ඒ ඔබගේ ආරක්ෂාව පිළිබඳවයි. කරුණාකර ඔබ ඔබගේ ආරක්ෂාව පිළිබඳව මීට වඩා බොහෝ සැලකිලිමත් වන්න. ඔබ දැන් අවුරුදු විසි ගණනක් ආරක්ෂාව ලබාගෙන නැති බව අපි දන්නවා. නමුත් අද ඔබ සිටින්නේ සුවිශේෂී තැනක. දැන් මුළු පරිසරයම නිසංසලේ සිටින බව පෙනුනත් "සතුරන්" දැන් පෙරටත් වඩා රහසින් ක්‍රියාකාරී වෙලා ඉන්න පුළුවන්. ඒ තමයි ඔවුන්ගේ නිවටකම. ඒ නිවටයින් රහසිගතව ඔබට යම් කිසි උපද්‍රවයක් සිදුකළොත්.. මේ නැවත පණ ගසාගෙන ඒමට තැත්කරන මුළුරටම යලිත් ගොඩනැගීමට බැරිවෙන අගාධයකට වැටෙන්න ඉඩතියෙනවා. ඒ තමයි සතුරාගේ අරමුණ. එනිසා දෙවරක් නොව තුන් හතර වරක් සිතා ඔබගේ ආරක්ෂාව ගැන මීට වඩා අවධානය යොමු කරන්න...!

:       9       64

බස්තියන් Saturday, 28 September 2024 04:56 PM

ගරු ජනාධිපතිතුමා පිටකොටුවේ මධ්‍යම බස් නැවතුම්පොළ ඇතුළත සංචාරයේ යෙදුනොත් මගී ජනතාවට පිළිකුලෙන් තොරව බස් නැවතුම්පොළ වෙතට යන්න පුළුවන් වේවි සාමාන්‍යයෙන් මී උණට අවශ්‍ය බෙහෙත් පාවිච්චියට අරගෙන මිස සංචාරයේ නොයෙදෙනවා නම් ඉතාමත් හොඳයි.. ඊළඟට ලංගම (ලං ගොම) බස් අපිරිසිදු වුනත් ඒවා එතුමා නොබලනවා නම් අපිට තවත් කලක් අපිරිසිදු ඇඳුම් ඇඳගෙන (පිරිසිදු ඇඳුම් ඇඳගෙන ගියාම බහින්න වෙන්නේ නම් ගරාජයේ බාස් කෙනෙක් වගේම තමයි) ගමන් බිමන් යන්න පුළුවන් වේවි...

:       0       36

ජනරළ Saturday, 28 September 2024 05:47 PM

විජිත්ගේ කතාව 100% ක් හරි. මටත් මහා බියක් දැනෙනවා... මේ වෙන දේවල් දකින කොට. හැබෑවෙමින් දිගහැරී යන සොඳුරු සුභ සිහිනය හිටි ගමන් අතර මග හෙනයක් පතිත වූවා හිස් මුදුනට කියලා නතර වෙයිද කියලා මහා අවිනිශ්චිත බවක් දැනෙනවා මේ වෙද්දී. මොකද එන්න එන්නම සතුරු ගහනය ඉහළ යමින් ඉන්න බව තේරෙනවා.

:       7       17

Smooth operator Saturday, 28 September 2024 11:46 PM

කනින් කොනින් ආරංචි ලැබෙනවා "ඩීප් ස්ටේට්" එක, එක එක වැඩවලට අර අඳිනවා කියලා. අනුර මේක නොදන්නවා වෙන්න බෑ. රාජ්‍යයේම සමහර කොටස් ගැනත් අමුතු කතා ඇහෙනවා. මේ ආණ්ඩුවට තියෙන රැල්ල ආපහු හැරෙව්වොත් කාටද වාසි වෙන්නේ...? සාමාන්‍ය ජනතාවටද?

:       1       0

රාසික් Sunday, 29 September 2024 06:31 AM

විජිත්... ඔබගේ අදහස් හරි ඉහළයි.ඔහු සිතනවා නම් රටවැසියන් සියළුම දෙනාම එක සමානයි කියලා. ඔහුට ආදරෙයි කියල මම නම් කීයටවත් විශ්වාස කරන්නෙ නෑ. ඔබව මේ රටට ඉතාමත් වැදගත් කෙනෙක් ය. එම නිසාම ඔබගේ ආරක්ෂා ව ගැන මීට වැඩිය සිතන්න.

:       0       3

Manjula Pradeep Monday, 30 September 2024 01:04 PM

මේ පාර අපිත් පොත් ප්‍රදර්ශනය බලන්න සෙනසුරාදා උදෙන්ම ගියා යනකොට පහකින් කෙටි වාහන ගන්න දෙන්නෙ නැතුව එළියට යන්ඩ කියලා කිව්වා පස්සේ අපි මුදල් ගෙවා පාකින් ගත හැකි තැනකට වාහනය නවතා පයින්ම ආවා ටිකට් අරන් ඇතුළට යනකොට තවත් තැනක බෑග් සහ ශරීරය අතගා චෙක් කරන තැනක් දමලා දිග පෝලිමක් ඇතුළට යන්න තිබුණා. පස්සේ අපි ප්‍රදර්ශනය ඉවර කරලා එළියට එනකොට වාහන කිසිදු අපහසුවකින් තොරව ඇතුලේ පාක් එකට දානවා දැක්කා ගිනි අව්වේ වාහනය තියෙන තැනට ඇවිත් මුදල් ගෙවා වාහනේ අරගෙන එළියට ආවා පස්සෙ සොයලා බැලුවමයි තේරුනේ ජනාධිපති පොත්පත් දර්ශනය නරඹන්න ඇවිල්ල කියලා කොළඹ ආනන්දයේ උත්සවයක් සඳහා අගමැතිතුමියට ආරාධනා කරලා තියෙනවා බලමු ඒකටත් ඒ එනවද කියල

:       0       3

Manjula Pradeep Monday, 30 September 2024 01:51 PM

මට නම් තේරෙන්නේ පරණ සිස්ටම් එකම තමයි දුවන්නේ... සෙනසුරාදා උදෙන්ම පොත් ප්‍රදර්ශනයට යනකොට වාහන පාකින් වහලා වාහන ඇතුළට ගන්නට දුන්නේ නෑ. ඇතුළට ගියාට පස්සේ වෙනම චෙක් පොයින්ට් එකක් දාලා දිග පෝලිමක්... බෑග් එකත් කරලා ඇඟපත අතගාලා තමයි ඇතුලට ගත්තේ. හැබැයි ජනාධිපති ගියාට පස්සේ ඒ චෙක් පොයින්ට් එකත් අයින් කරලා, කිසි ප්‍රශ්නයක් නැතුව වාහන පාකින් එකට දාන්නත් දුන්නා. උදෙන්ම කරදරයක් නැතුව වාහනය පාක් කරලා ප්‍රදර්ශනය බලන්න ගිය අපිට වාහනේ එළියේ පාක්කරලා, පෝලිමේ ඉඳලා ඇතුලට ගිහිල්ලා, දරුවනුත් එක්ක ගිනි අව්වේ වාහනය තියෙන තැනට ගිහිල්ලා පාකින් වලට සල්ලිත් දීලා ගෙදර එන්නයි සිද්ධ වුනේ... හෙට අගමැති පුස්තකාලය විවෘත කරන්න කොළඹ ආනන්ද විද්‍යාලයට එනවා. මම හිතන්නේ ඒ අය කැට හොල්ලලා සල්ලි එකතු කරලා හදපු බිල්ඩින් එකක් වෙන්න ඇති...

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2335 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 598 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 814 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1145 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 669 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 422 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 373 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 97 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site