
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
මෙම අලුත් සඳ එසේත් නැතිනම් චන්ද්‍රයා, මීටර් 10 ක් පළල ග්‍රහකයකි.
විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යන නමිනි. විද්‍යාඥයන් මෙම ග්‍රහකය හඳුනා ගත්තේ පසුගිය අගෝස්තු 7 වැනිදාය. ග්‍රහකය මේ වනවිට පෘථිවිය දෙසට පැමිණෙමින් ඇත.
ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ අභ්‍යවකාශයේ සැරිසරයි. සමහර ඒවා මීටරයකට වඩා ප්‍රමාණයෙන් කුඩාය. සමහර ඒවා කිලෝ මීටර් දහස් ගණනක් විශාලය. ග්‍රහක හෙවත් ඇස්ට්‍රොයිඩ පෘථිවිය දෙසට පැමිණීම අරුමයක් නොවෙයි. දැවැන්ත ග්‍රහක බොහොමයක් පෘථිවිය පසු කර යයි. ඇතැම් කුඩා ග්‍රහක පෘථිවි වායු ගෝලයට ඇතුළු වී දැවී විනාශ වෙයි.
මේ 2024 PT5 ග්‍රහකය පෘථිවිය අසලින් යද්දී, එය පෘථිවියේ ගුරුත්වාකර්ශන බලයට හසුවනු ඇතැයි විද්‍යාඥයයන් ගණනය කර ඇත. එසේ හසුවූ විට එය පෘථිවිය සමඟ රැඳෙමින් පෘථිවිය වටා භ්‍රමණය වීමට පටන් ගනී. පෘථිවියට අලුතින් කුඩා සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් ලැබෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් පැහැදිලි කර ඇත්තේ ඒ අනුවය.
2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් හෙට (සැප්තැම්බර් 29 වැනිදා සිට), ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී තිබෙනු ඇති බවත් පසුව එය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යනු ඇති බවත් පැවැසෙයි.
එන්.ඩී.ටීවී ඇසුරිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංගල යෝජනාවක් ලැබිලා ගම්බිම් බලන්න එනවා ඇති. ඒත් නව සඳ බලන්න දිනයක්, වේලාවක් ලිතේ නැහැනේ කොහොම වුණත් ඈත විශ්වයෙන් ආපු ග්‍රාහකයක් නිසා එහි මොනවා තිබේද කියලා විමසිල්ලෙන් හිටියොත් නැවතත් කෝවිඩ් වගේ වසංගතයක් ඇතිවීම වළක්වන්න පුළුවන් වේවි ලෝකය වටේ දින 53 කැරකෙනවා කියන්නේ ගෙනෙන දේවල් විසුරුවාලීමට කාලය ඉතාමත් ප්‍රමාණවත් කියන්න පුළුවන්...
රෑට රෑට පිස්සු ඩබල් වෙන සීන් එකක් තියෙන්නේ…. දරු උපත් සෑහෙන්න වැඩි වෙයි….
කොච්චර තාක්ෂණය දියුණුයි කිව්වත් මේක අපේ පැත්තට එනවා කියලා හොයාගෙන තියෙන්නේ අගෝස්තු 07...
ගුරුත්වාකර්ශණය වැඩි වෙලා ඒකත් මෙහාටම පාත්වෙන්නත් බැරි නැහැ. ළඟට එනකන් හොයාගන්න බැරි වුණු එකේ ඔය ගණන් වරදින්නත් පුළුවන්...
අදහස් වලට අන්ලයික් දාන්නේ කියවා තේරුම් අරගෙන නොවෙයි කියලා පැහැදිලියි... ෆෝන් කොට කොටා සිටින අයට කරන්න වැඩක් නැතුව කරනවා වෙන්න පුළුවන්...!