
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද(28) පැවසුවාය.
තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනා වලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට පැකිලෙන්නේ නැතැයි ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
මහනුවර දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මහ මැතිවරණය සඳහා ඔබලාගේ සූදානම කොහොමද?
මහ මැතිවරණය සඳහා අප හොඳින් සූදානම් විය යුතුයි.ජනාධිපතිවරණයේදී අපට ලබා දුන් ජයග්‍රහණය තවත් විශිෂ්ට ලෙස ලබාදී රට හදන්න හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට තෝරා එවනු ඇතැයි අප විශ්වාස කරනවා.
ප්‍රශ්නය:-
තුන් දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට රටේ වගකීම ඉටු කරගන්න හැකිවේද?
පිළිතුර:-
අප මෙය බාර ගත්තේ ඒ කැපකිරීම කරන්න සූදානමින්.අප මේ කාලයේදී ඒ වගකීම බාර ගත්තා. ප්‍රශ්නය:-
රජයේ ඉහළ තනතුරු සඳහා චෝදනා ලත් නිලධාරීන් පත් කර තිබෙන බවට යම් චෝදනාවක් නැගෙනවා.
පිළිතුර:-
අපේ පාලනය යටතේ යමෙකු චෝදනාවලට ලක් වුණොත් ඒ සම්බන්ධව ක්‍රියා කරන්න පැකිලෙන්නේ නැහැ.අප දැනටත් සාධනීය වෙනස්කම් සිදුකරමින් සිටිනවා. ඉදිරියටත් එවැනි වෙනස්කම් කරනවා.
ප්‍රශ්නය:-
චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
පිළිතුර:-
ඔවුන් අතුරින් ද සමහර අය ගැන දැනටමත් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.අපට රාජ්‍ය සේවකයන් පිටින් ගෙනෙන්න බැහැනේ .ඉන්න අය සමග වැඩ කළ යුතුයි.අප පත් කරන අයට අපි වග කියනවා.
ප්‍රශ්නය:-
අධ්‍යාපනය විධිමත් අයුරින් ක්‍රියාත්මක නොවන බවට සමාජයේ මතයක් තිබෙනවා. එය විධිමත් කරන්නට වැඩපිළිවෙළක් තිබෙනවාද?
පිළිතුර:-
මට ජාතික පාසල්වල විදුහල්පතිවරුන් මුණ ගැසෙන්නට අවස්ථාවක් ලැබුණා.ජාතික ජන බලවේග ආණ්ඩුවට අධ්‍යාපනය යනු ප්‍රමුඛ කාර්යභාරයක්.අද අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන විශ්වාසය හොඳටම බිඳ වැටිලා.අපගේ ප්‍රමුඛතම කාර්යය වන්නේ ඒ බිඳ වැටුණු විශ්වාසය නැවත ගොඩනැගීමයි.දරුවන්ට සතුටින් පාසල වෙත යාමට පසුබිම සැකසිය යුතුයි.මාපියන්ටත් අධ්‍යාපනයේ බරක් නොවිය යුතුයි .ගුරුවරුන්ටත් තම වෘත්තිය සතුටින් කරගෙන යාමට පසුබිම සැලසිය යුතුයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
Rakitha W Saturday, 28 September 2024 09:32 PM
සැබෑ ඉගෙනීමක් ඇති, ඉගෙනීම තුළින් තමා තුළ වෙනසක් කරගත්, වර්ධනය කරගත් බුද්ධියකින් හා සංයමයකින් දුන් පිළිතුරු. අපි දන්නා කලින් හිටපු අධ්‍යාපන ඇමැතිලාම මේ ප්‍රශ්න වලට මොනවගේ පිළිතුරු දෙයිද කියලා කැමැති අය හිතලා බලන්න.
ravin Sunday, 29 September 2024 07:45 AM
වගකිම වගේම වගවිමත් එගෙසම ඉටුකරන්න
සෝමවංස (සුදු අය්යා) Sunday, 29 September 2024 07:54 AM
බීලා ගිහින් 2023 ඔක්තෝම්බර්වල එයාගේ කාරෙක වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් හි නවතා තිබූ වැගන් ආර් මෝටර් රථයක සහ බස් රථයක හප්පලා රිමාන්ඩ් කරපු කෙනෙක්තමයි...
Rama Sunday, 29 September 2024 08:18 AM
අමාත්‍යංශ ලේකම්වරයෙක් හැටියට උසාවියේ නඩුවක විත්තිකරුවෙක් පත්කිරීම ගැන කියනවා. ඒ ගැනත් පියවර ගන්න. ඒ වගේම මාදිවෙල මන්ත්‍රී නිවාසවලින් ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවෙන් ගිය අයට යන්න කියද්දී තමන්ගේ පක්ෂයේ පරණ මන්ත්‍රී කෙනෙක් කාලයක් තිස්සේ ඉන්න එක ගැන කතා කරන්නේ නෑ. නව පාලනයේ මුලින්ම පේන දුර්වලකමක් ඒක. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර ගන්න බව කිව්වට තමන්ට ඕන විදිහට වැඩ යනවා. ඒ ගැන කතා කරන්න ඉඩක් නෑ වගේත් පෙනෙනවා. රාජා භවතු ධම්මිකෝ කියන එක අමතක කරන්න එපා. එහෙම වුණු නිසා තමයි අනික් අයට යන්න වෙලා ඔබට එන්න පාරක් හැදෙන්න ලොකුම හේතුවක් වුනේ.
Lalla Sunday, 29 September 2024 09:23 AM
ගුරුවරු පන්ති කාමර වලට නොපැමිණීම සහ පැමිණියත් ඉගැන්වීමෙන් වැළකීම නවත්වන්න පියවර ගන්න. මෙය බොහෝ පාසල්වල තියෙන දරුණු ප්‍රයත්නයක්. දෙමාපියන් සහ දරුවන් දෙකොටසම අසරණයි.