IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි

(චන්ද්‍රසේන ගමගේ)

ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වලස්මුල්ල  මුරුතවෙල,ජූලම්පිටිය, ගලහිටිය හා ඕමාර යන ප්‍රදේශවල ගස් කඩා වැටීම් රැසක් වාර්තා වෙයි.

ගලහිටිය ප්‍රදේශයේදී මාර්ගය හරහා ගසක් කඩා වැටීමෙන් වලස් මුල්ල මිද්දෙණිය මාර්ගයේ ගමනාගමනයට අද සවස බාධා ඇතිව තිබුණි.

ගලහිටිය ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් නිවසේ කොටසකට හානි සිදුව තිබුණි.

ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත් මොරකන්දේ ගොඩ ප්‍රදේශයේද ගස් කඩා වැටීම් රැසක් සිදුව තිබේ.

ප්‍රදේශ කිහිපයකට විදුලි බලයද ඇණ හිට තිබේ.

 



අදහස් (0)

වලස්මුල්ලට හැමූ සුළඟකින් ප්‍රදේශයට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site