IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නව සඳ අද සිට

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.

විද්‍යාඥයන් මෙම ග්‍රහකය නම් කර ඇත්තේ 2024 PT5 යනුවෙනි. දුරේක්ෂ ආධාරයෙන් ඔවුන්ට ග්‍රහකය සොයා ගැනීමට හැකිවූයේ පසුගිය අගෝස්තු 7 වැනිදාය.

2024 PT5 ග්‍රහකය දින 53 ක්, එනම් සැප්තැම්බර් 29 වැනිදා සිට, ලබන නොවැම්බර් 25 දක්වා පෘථිවියේ ගුරුත්ව බලයට හසුවී පෘථිවිය වටා කක්ෂයක ගමන් කරයි. එය දෙවැනි සඳක් යැයි පැවැසෙන්නේ ඒ නිසාය.

නොවැම්බර් 25 වැනිදා ග්‍රහකය පෘථිවි ගුරුත්ව බලයෙන් මිදී විශ්වයේ ඈතට යෑමට නියමිතය.

2024 PT5 ග්‍රහකය මීටර් 10 ක පළලකින් යුක්ත බව පැවැසෙයි.

ග්‍රහකය පෘථිවිය වටා යද්දී එය පියවි ඇසින් හෝ සාමාන්‍ය දුරේක්ෂ ආධාරයෙන් හෝ දැක ගත නොහැකිය. හේතුව එය ඉතා වේගවෙන් ගමන් කරන කුඩා වස්තුවක් බැවිනි.

කෙසේ නමුත් තාරකා විද්‍යාඥයන් විශ්වය නිරීක්ෂණයට යොදා ගන්නා ප්‍රබල දුරේක්ෂවලින් කුඩා පැල්ලමක් ලෙස මෙම නව සඳ දැක ගැනීමට හැකිවනු ඇතැයි පැවැසෙයි.



අදහස් (1)

නව සඳ අද සිට

පිටිගල මිලානෝ Sunday, 29 September 2024 09:22 PM

නව සඳ ලංකාවට නම් හරිම වාසනාවන්තයි වගේ…

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 190 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site