
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
ඒ අනුව, නසරැල්ලාගේ අනුප්‍රාප්තිකයා වනු ඇත්තේ හසීම් සෆිද්දීන් සහ නයීම් කසීම් යන දෙදෙනාගෙන් අයකු බව පැවැසෙයි.
60 හැවිරිදි හසීම් සෆිද්දීන් හිස්බුල්ලා සංවිධානයේ උත්තරීතර මණ්ඩලයේ ප්‍රධානියාය. 70 හැවිරිදි නයීම් කසීම්, මේ වනවිට හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායකයා ලෙස කටයුතු කරයි.
විදෙස් විශ්ලේෂකයන්ට අනුව, හිස්බුල්ලා සංවිධානය, ඔවුන්ගේ නව නායකයා ලෙස හසීම් සෆිද්දීන් තෝරා ගනු ඇතැයි අල් ජසීරා පුවත් සේවය පවසයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd