’’රබර්’’ රට පුරා නෑගම් යන්න සැරසෙයි සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත කිරීම සඳහා නව රබර් ක්ලෝන 14ක් පරීක්ෂා කර අවසන් බව රබර් පර්යේෂණාතයනය පවසයි. 12 August 2024
දරුවකු පැහැර ගත් කොස්තාපල් සොයුරන් දෙදෙනා අත්අඩංගුවට දහසය හැවිරිදි පිරිමි දරුවෙකු මෝටර් රථයකින් පැහැර ගෙන යමින් සිටි එකම පවුලේ පොලිස් කොස්තාපල් සොයුරන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 12 August 2024
තිදරු මව අත්පා බැද මරා දාලා වයෝවෘද්ධ තිදරු මවක් අත්පා බැද ගැට ගසා නිරුවත් කර මදුරන්කුලිය නල්ලන්දළුව ප්‍රදේශයෙ ඇගේ නිවස තුළදී අභිරහස් අයුරීන් මරා දමා තිබියදී අද (12) සොයාගත් බව පොලීසිය කියයි. 12 August 2024
තෙල් කෝච්චියට ගසක් කඩා වැටේ කඩිගමුව - ඉහල කෝට්ට දුම්රිය ස්ථාන දුම්රිය මාර්ගයේ දී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මතට ඊයේ (11) රාත්‍රි විශාල මාරගසක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . 12 August 2024
අද වැස්සට හොඳ කාලගුණයක් ඉදිරි දින කිපයේදී සවස් කාලයේදී දිවයිනේ වැසි ඇති වීමට හිතකර වායු ගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 12 August 2024
අපේක්ෂකයන්ගේ ආරක්ෂාවට එස්.ටී.එෆ් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් නාමයෝජනා බාර ගන්නා ලබන 15 බ්‍රහස්පතින්දා මැතිවරණ කොමිෂන් සභාවට සහ ඒ අවට කලාපයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදවෙන බව එම කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. 12 August 2024
චන්ද්‍රිකා පැත්තකට වෙයි ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග කරන කිසිදු අපේක්ෂකයකුට තමා සහයෝගය නොදක්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අත්තනගල්ල මැතිවරණ බල ප්‍රදේශයේ ක්‍රියාකාරී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී පවසා තිබේ. 11 August 2024
පශ්චාත් උපාධි ලියාපදිංචිය සියයට හැත්තෑ හතරකින් පහළ බැහැලා දිවයින පුරා පශ්චාත් උපාධි ආයතනවලට සිසුන් ලියාපදිංචිවීම පසුගිය වසර හතරක කාලයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්යක්ෂ, ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය. 11 August 2024
කාබනික පොහොර ටොන් ගණනින් කෙලවරපිටියේ ගොඩගැහිලා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කෙරවලපිටිය ගබඩාවේ කොම්පෝස්ට් පොහොර ටොන් දාහක් පමණ ගොඩ ගැසී ඇතත් ඒවා මිලදී ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවීමෙන් විනාශ වීමේ අවදානමක් මතුව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය. 11 August 2024
හෙට සිට ග්‍රාම නිලධාරීන් විරෝධයේ ග්‍රාම නිලධාරීන්ගේ සේවා ව්‍යවස්ථාවට ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් ලබා දුන් යෝජනා ඇතුළත් නොකිරීමට විරෝධය පළ කරමින් අඟහරුවාදා (13) රාජකාරී වලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සංජීව අතුකෝරල මහතා පැවසීය. 11 August 2024
රොෂාන් රණසිංහත් ජනපති සටනට ඉදිරි ජනාධිපතිවරණයට තමා ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 11 August 2024
ෂෙයික් හසීනා ඇමෙරිකාවට ඇඟිල්ල දිගු කරයි බෙංගාල බොක්කේ ශාන්ත මාටින් දූපත ඇමෙරිකාවට පවරා දුන්නේ නම් තමන්ට තව දුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ සිටීමට හැකියාව තිබූ බව හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඉකොනොමික් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ප්‍රකාශ කළාය. 11 August 2024
ගම්පහින් රනිල් දිනවන්න පක්ෂ රැසකින් ඒකාබද්ධ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ආසන ආවරණය වන පරිදි පක්ෂ රැසක සහභාගීත්වයෙන් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කර තිබේ. 11 August 2024
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තර කෝටි තුනක් මේ මාසයේදී ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තරගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි. 11 August 2024
කන්තෝරුවලට හිටිහැටියෙ කඩා පනින බලඇණි රාජ්‍ය දේපළ මැතිවරණ කටයුතුවලට යොදාගන්නේ දැයි රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැන සෙවීමටත් එවැනි නීති විරෝධී ක්‍රියා සිදුවන ආයතනවල ප්‍රධානීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් වෙනම කණ්ඩායම් පත්කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසීය. 11 August 2024
මාලිමාවලට එරෙහි කටකතාවලට උත්තර 26 ලැබෙයි ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) ප්‍රතිපත්ති ප්‍රකාශය මේ මස මස 26 වෙනිදා එළි දක්වන බව පක්ෂයේ නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇඹිලිපිටියේදී පැවසීය. 11 August 2024
අලි ඇතුන් නැතිව මහනුවර දේවාල පෙරහරේ දෑල නොයයි හීලෑ අලි ඇතුන් නොමැති නිසා මෙවර මහනුවර ඇසළ පෙරහරේ සතර මහා දේවාලවල කරඩුව වැඩම වන හස්තියා දෙපස දෑලේ ඇතුන් ගමන් නොකළ බව සමස්ත ලංකා බස්නායක නිළමේ වරුන්ගේ සංඟමයේ සභාපති මහනුවර ශ්‍රී පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ හේමන්ත බණ්ඩාර හේරත් මහතා පවසයි. 11 August 2024
කඩා වැටුණු යානයේ 62 කගේ සිරුරු සොයා ගනී බ්‍රසීලයේ වින්හෙඩෝ නගරයට පසුගිය සිකුරාදා කඩා වැටුණු වෝපාස් ලින්හාස් ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගමන් ගත් 62 දෙදෙනාගේ මළ සිරුරු මුදා ගැනීමේ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබ ඇතැයි එරට බලධාරීහු ප්‍රකාශ කළහ. 11 August 2024
‘‘පොහොට්ටුව කළ කී දේවල් අද පාරාවළල්ලක් වෙලා‘‘ ’’ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා යහපාලන ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදී කෝටි 9990 ක මහ බැංකු මහා කොල්ලයට චෝදනා ලැබුවා. පොහොට්ටු පක්ෂයේ නායකයන් ඒ චෝදනාව ජනගත කළා. ජනතාව එය පිළිගත්තා. 2019 මහ මැතිවරණයෙන් එජාපයේ අන්ත පරාජයට ප්‍රධාන සාධකය වුණේ එය යැයි සමගි ජනබලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායක කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය. 11 August 2024
බංග්ලාදේශ මහබැංකු අධිපති ඉල්ලා අස්වීම දෙයි බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දුර් සෞඛ්‍ය හේතුන් මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දන්වමින් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය වෙත යොමුකර ඇතත් මුදල් උපදේශක සලෙහුදීන් අහමඩ් මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය සඳහන් කළේය. 11 August 2024
කොළඹ වරායේ නෞකාවක් ගිනිගනී කොළඹට වරාය තුළ නැංගුරන් දමා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක අද අලුයම ගින්නක් ඇති වී පුපුරා යාමක් ද සිදුවී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය. 11 August 2024
වැටුණු ආර්ථිකයක් වසර දෙකෙන් හරි ගැස්සුවේ ලංකාවේ පමණයි රටක බිඳ වැටුණු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයකදී ස්ථාවර මට්ටමකට ගෙන ආවා නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 11 August 2024
අම්බුලුවාව නගින්න ගිය අයෙක් ගලක් පෙරැළී මරුට දෙහිඕවිට සිට ගම්පොළට පැමිණ වැරදි මාර්ගයකින් අම්බුලුවාව කඳු මුදුනට නැගීමට ගිය පුද්ගලයකුගේ ඇඟට ගලක් පෙරලීමෙන් එම පුද්ගලයා මියගොස් ඇතැයි පොලීසිය කියයි. 11 August 2024
සුදර්ශනිගේ සහාය සජිත්ට පාර්ලිමේන්තු මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක් එක්විය. 11 August 2024
අනතුරින් පොලීසියේ තුනක් රෝහලේ රත්මලාන බොරුපන ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 11 August 2024
මං ඔරිජිනල් පොහොට්ටුවෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට බාර නොගත්තා නම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බව නාගරික හා නිවාස සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 August 2024
හොර පාරෙන් ආ ෆොන් -ලැප් ටොප් ගුවන්තොටේ හිරවෙයි රුපියල් කෝටියක් පමණ වටිනා ’’ අයි පෝන් ’’ වර්ගයේ ජංගම දුරකථන 36 ක් සහ ලැප්ටොප් පරිගණක 06 ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් තිදෙනෙකු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 11 August 2024
‘‘ජනතාව අවංක දේශපාලන පිපාසයකින් පෙළෙනවා‘‘ අපේ රටේ ජනතාව අවංක දේශපාලනඥයන්ගේ දැඩි පිපාසයකින් පෙළෙන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ පැවැසූහ. 11 August 2024
සවස් කාලයේ දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි ඉදිරි දින කිපයේදී සවස් කලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 11 August 2024
නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා බෙලිඅත්ත කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි. 11 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026