
(ලක්මි කුඩලිගම සහ සුමිත් පොතුපිටිය)
හිටපු අමාත්‍ය සහ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද සවස (30) මතුගම පාන්තිය ආදාහනාගාරයේදී සිදුකෙරිණි
මතුගම හොරවල ඩැනිස්ටන්වත්තෙහි පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහයට අවසන් ගෞරව දක්වන්නට විශාල පිරිසක් පැමිණි සිටියහ.
ආගමික වතාවත් සිදු කරමින් පැවිදි අනුශාසනා අනුනායක යටදොලවත්තේ චන්ද්‍රසිරි ,තෙබුවන පියනන්ද, රන්දොබේ සුමනාලංකාර , හිමිවරු සිදු කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක ප්‍රකාශය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහා කියවීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ශෝක ප්‍රකාශය අවමංගල සහාවට ඉදිරිපත් කළේය.
හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ,පියල්නිශාන්ත, සුසිල් ප්‍රේම ජයන්ත ,නවලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් යුසුෂ් ,නවලංකා නිදහස් පක්ෂයේ ලේකම් මොන්ටේගු හරිස්චන්ද්‍ර යන මහතුන් අවමංගල සහාව ඇමතූ අතර මේ අවස්ථාවට හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු හිටපු මැති ඇමතිවරු රැසක් මේ අවස්ථාවට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයාට අරගලය දවසෙ ගහපු එකෙන් නැවත 100% ගොඩ ආවෙ නැහැ. දැන් කාටවත් එය මතකත් නැහැ