
අධ්යාපන ක්ෂේත්රය සඳහා වැඩි ප්රතිපාදන වෙන්කරන ලෙසත්, පාසල් පන්ති කාමරවල සිසුන් සංඛ්යාව සීමා කරමින් පාසල්වල යටිතල පහසුකම් නැංවීමට පියවර ගන්නා ලෙසත් බල කරමින් ග්රීසියේ ඇතන්ස් අගනුවර සහ සෙසුප ප්රධාන නගරවල විරෝධතා ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය.
එම විරෝධතාවලට පාසල් සිසුන්, ගුරුවරුන්, විශ්ව විද්යාල සිසුන්, ශිෂ්ය සංගම් සහභාගී වන බවත් විපක්ෂ දේශපාලන ක්රියාකාරීන් විරෝධතා මෙහෙයවන බවත් ඇතන්ස් රජය පවසයි. පොලාසිය පැවැසුවේ ඇතන්ස් අගනුවර පැවැති විරෝධතාවට 10,000 කට වැඩි පිරිසක් සහභාගී වුණු බවය. කෙසේ නමුත් අසල්වැසි යුරෝපා රටවල් වන ප්රංශයේ පැවැත්වෙන විරෝධතා මෙන්, ඇතන්ස් නුවර විරෝධතා ප්රචණ්ඩ නොවුණු බවය.
ඇතැන්ස් අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසලට රැස්වූ විරෝධතාකරුවන්, රජයට අවධාරණය කළේ, ග්රීසියේ සිට ප්රංශය දක්වා අපට නිදහස්, රාජ්ය අධ්යාපනයක් අවශ්ය බව යැයි ග්රීක මාධ්ය වාර්තා කර ඇත. ඇතැන්ස් අගනුවරට අමතරව තෙසලෝනිකි, පැට්රාස් සහ ලැරිසා ඇතුළු ග්රීසියේ ප්රධාන නගර රැසක ද මෙම විරෝධතා සංවිධානය කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd