
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.
ඔහුට ලබන දෙසැම්බර් මාසයේ 3 වැනිදා දක්වා සේවය කිරීමට කාලය තිබුණේය.
යසරත්න මහතාට ඉවත්වීමට බලපෑ හේතුව පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.
කෙසේ වෙතත් ඔහු සිකුරාදා දින අමාත්‍යාංශ කාර්යාලට පැමිණ ධුරයෙන් ඉවත්වන බව ඉහළ නිලධාරීන්ට දන්වා ඇතැයි සඳහන්වේ.
ප්‍රදීප යසරත්න මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට පසුගියදා පත් ගනු ලැබුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.
ඔහු කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම බස්නාහිර පළාත් ලේකම්වරයා ලෙසද කලක් කටයුතු කළේය.
මේ සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට අප ප්‍රදීප් යසරත්න මහතා සම්බන්ධ කර ගැනීමට අද උත්සාහ දැරුවද එය ව්‍යාර්ථ විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙ ඉල්ලන්නලු නේද?
හොර කපුවා අහුවෙයි කියලා තමයි ඉස්සෙල්ලාම ඉල්ලා අස්වුණේ. දැන් වෙන දේවල් දැක්කම කළ කී දේවල් මතක් වෙලා බයට යන්න ඇති. ඒක තමයි වේලාසනින් පැනගන්ඩ මේ හදන්නේ.
අමුතු දෙයක් නෙවෙයි. රජයේ සේවකයෙකුට සේවා කාලය තුළ ලබා නොගත් නිවාඩු මත, විශ්‍රාම යාමට නියමිත දිනට මාස 03කට පෙර සිට විශ්‍රාම පූර්ව නිවාඩු ලබා ගත හැකියි. පත්තර වල හෙඩින් දාන්න තරම් දේවල් නෙවෙයි මේවා.