IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්

(යොහාන් භාසුර)

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේශ අනුව ප්‍රශ්න පත්‍ර ඇගයීමට තීරණය කළ බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය අද (30) පැවසුවාය.

තිලකා ජයසුන්දර මහත්මිය අධ්‍යාපන අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍යහමුවේදී එසේ පැවසුවාය.

විභාග කොමසාරිස් ජනරාල්වරයා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍යවරිය විශේෂඥ කමිටුවක් පත් කළ බව කී ලේකම්වරිය එම විශේෂඥ කමිටුව දුන් නිර්දේශ අනුව විභාගය ඇගැයීමට තීරණය කළ බව ද සඳහන් කළාය.

එම කමිටුව දේශීය සහ විදේශීය විශේෂඥ හත්දෙනෙකුගෙන් සමන්විත බවත් එයට අධ්‍යාපන මනෝවිද්‍යාව පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය සමුද්‍රා සෙනරත් මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා ද ඇතුළත් වූ බවත් ඇය කීවාය.

සැප්තැම්බර් 15 වැනිදා පැවැති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි වාර්තා වූ වහාම විභාග කොමසාරිස් ජනරාල්වරයා මූලික විමර්ශනයක් පවත්වා සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රශ්න තුනක් එම ප්‍රශ්න පත්‍රයේ තිබූ බව අනාවරණය කරගත් බවත් ඉන් පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන් බවත් ලේකම්වරිය පැවසුවාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව ඉතාමත් කඩනමින් විමර්ශනය කර එයට සම්බන්ධ පුද්ගලයකු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගත් බවත් ඒ පිළිබඳ විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඇය සඳහන් කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම විමර්ශනය සම්බන්ධයෙන් අතුරු වාර්තාවක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට දුන් බව කී ලේකම්වරිය විෂය භාර අමාත්‍යවරිය වන අග්‍රාමාත්‍යවරිය මැදිහත්වීමෙන් එම වාර්තාව පදනම් කරගෙන විභාග කොමසාරිස්වරයාගෙන් තවත් වාර්තාවක් ගත් බව ද කීවාය.



අදහස් (1)

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්

Mr. Namal Gunarathna Tuesday, 01 October 2024 09:20 AM

පිස්සො කොහොම කෑගැහුවත් ලකුනු 100 ක් හරි ගන්න මොරාල් එකෙන් ලියන ලමයට,ආයෙ ලියන්න වුනොත් ඒකෙන් භාගයක්වත් ගන්න එකක් නෑ පොඩි දරුවො හිතින් අත් හැරල ඉවරයි විභාගය .පොඩි එවුන් එක්ක කතා කලාම ඒක තේරෙනව. අපෝ ආයිනම් මට බෑ ලියන්න .ආයිනම් ශිෂ්‍යත්වය කියන නමවත් කියන්න එපා. පොඩි දරුවො කියන්නෙ එහෙමයි.මේ අවු 10ක පොඩි දරුවො.උදේ පාන්දර නැගිට්ට වෙලේ ඉදල රෑ 11 වෙනකල් ශිෂ්‍යත්වය පාස්වෙයන් කියල ගෙදරිනුයි පාසලෙනුයි කියන්නෙ,සෑහෙන මානසික පීඩනයකින් පොඩි එවුන් හිටියෙ.තාත්තල විදියට අපි ඒක දැක්ක. Royal/ Vishaka ම යවන්න බලාගෙන ඉන්න කීපදෙනෙක් විශේෂ බුද්ධිමත් කමිටුවේ තීරණය අභියෝගයට ලක් කරනවා. හැමතැනම කෑගහන මුන්ට පිස්සු නෙවෙයිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site