
(යොහාන් භාසුර)
රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අද (30) පැවසුවාය.
තමන් වෙනත් පුද්ගලයන්ට දුන්නා මිස කාගෙන්වත් ලබාගෙන නොමැති බව කී කුමාරතුංග මහත්මිය ජනාධිපති ධුරයෙන් ඉවත්ව යන විට ඇත්ත වශයෙන්ම සිය බැංකු ගිණුමේ සල්ලි නොතිබුණු බව ද සඳහන් කළාය.
මහින්ද රාජපක්‍ෂ පාලන කළ වසර නවයේ විශ්‍රාම වැටුප ද නොලැබුණු බවත් සිය සේවක මණ්ඩලයේ වැටුප්, විදුලි සහ වතුර බිල් ගෙවන බවත් ඇය කීවාය.
රජයෙන් දුන් නිවස සහ වාහන හතරක් මේ වන විට පාවිච්චි කරන බවත් ජීප් එක සහ කාර් එකක් ගමන් සඳහා ද, ආරක්‍ෂාවට වාහන දෙකක් යොදාගෙන ඇති බවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කල් සියලු වරප්‍රසාද වරදාන භුක්ති විඳගෙන හිටපු හැටි මතක නෑ වගේ.
ජනතාවට මෙයා දුන්න කෙහෙල්මලක් නැහැ .දැන් ජීවත් වෙන්නෙත් ජනතාවගේ මුදලින් නෙමෙයිද ?
ගිහින් බලන්න ආසාහිතෙයි.
මේ රටේ ආර්ථික අර්බුදයක් තියන අවස්ථාවේ සංවේදී මනුස්සයෙක් නම් ඕවා රජයෙන් ආපසු ගන්නකන් ඉන්නවද? ඕවා ආපසු දෙන එක නේද යුතුකම?
මෙයාගේ කාලයේ තමයි වැඩිම රාජ්‍ය ආයතන ගණනක් විකුණුවේ ඒවායේ කොමිස් මුදල් දෑන් ඉවර වෙලාද ?
විශ්‍රාම ගිහිල්ලත් රජයේ වාහන 4ක් සහ නිවසක් පාවිච්චි කරන එක ගැන ලැජ්ජා නැද්ද?
රොස්මිඩ් ප්ලේස් ගෙදර හෝටලයක් කරල තියෙන්නෙ පිනට වෙන්න ඇතිනේද මැඩම්, ඔයාට කාර් එකක් ගන්න තරම් අහේනි.
මහ පාරේ බස් දුවන්නේ ඔබ අපි වගේ පොදු ජනතාවට සේවය කිරීමටයි. ඔබගේ පියා ශ්‍රී ලංකාවේ බස් සේවා ජනසතු කළේ ඒ නිසා බව අමුතුවෙන් කිවයුතු නැහැ. ඔබට ලන්ඩන් යාමට බස් එකකින් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලට යාමට නම් ටිකක් වෙලා යාවි...!
ආරක්ශාව කාගෙන් බේරෙන්නද? බයිසිකල් කට්ටක් ගන්න බැරිව මිනිස්සු අනන්ත දුක් විඳිනවා. රජයෙන් ගෙවල් දෙන්න සමෘද්ධි ලාභීන්ද? ජනාධිපති කෙනෙක් වෙලත් ගෙයක්, දොරක් හදාගන්න තරම්වත් මූල්‍ය කළමනාකරණයක් තිබ්බේ නැද්ද? ලැජ්ජයි ජනාධිපති කෙනෙක් අහිංසක ජනතාව නොකා නොබී දෙන මුදලින් නඩත්තු වෙනවා...