
(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දැමූ බවත් එම සංස්ථාව කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 311 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 319 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් දක්වා පහළ ගිය බව ද එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තව දුරටත් නොවෙනස්ව පවතින බවත් ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377 ක පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් නිවේදනය කළේය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්ධන මිල පහළට
උකුස්සා Monday, 30 September 2024 11:17 PM
ඔහොම යමු ජයවේවා
gunasiri Tuesday, 01 October 2024 02:49 AM
කියපු ගණන්වලින් ඉන්දන මිල පහල දමන්න බැරි බව හැමදෙනාටම තේරෙන්නේ තමන්ට බලය ලබුනයින් පසුවයි . මේක කුහක කමට කියන කතාවක් නෙවෙයි. මේක තමයි යථාර්තය ඒ බව මහජනතාවත් තෙරුම්ගතයුතුයි .
ranjith Tuesday, 01 October 2024 05:58 AM
හොඳ දෙයක්. කරුණාකර බස් ගාස්තු ජනතාවට දැනෙන මට්ටමකට අඩු කරන්න...
අරවින්ද මොනරවිල Tuesday, 01 October 2024 06:58 AM
මේ ප්‍රමාණය නම් රටේ අද පවතින ජීවන බර අනුව ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ පොදු ප්‍රවාහන සේවයට හා කුලී ත්‍රිරෝද රථවලට ඉන්දන සහනයක් සැපයීමට කටයුතු කරන්න.