
(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් පහළ දැමූ බවත් එම සංස්ථාව කීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 311 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 283 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 319 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් දක්වා පහළ ගිය බව ද එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තව දුරටත් නොවෙනස්ව පවතින බවත් ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 377 ක පවතින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩි දුරටත් නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යමු ජයවේවා
කියපු ගණන්වලින් ඉන්දන මිල පහල දමන්න බැරි බව හැමදෙනාටම තේරෙන්නේ තමන්ට බලය ලබුනයින් පසුවයි . මේක කුහක කමට කියන කතාවක් නෙවෙයි. මේක තමයි යථාර්තය ඒ බව මහජනතාවත් තෙරුම්ගතයුතුයි .
හොඳ දෙයක්. කරුණාකර බස් ගාස්තු ජනතාවට දැනෙන මට්ටමකට අඩු කරන්න...
මේ ප්‍රමාණය නම් රටේ අද පවතින ජීවන බර අනුව ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ පොදු ප්‍රවාහන සේවයට හා කුලී ත්‍රිරෝද රථවලට ඉන්දන සහනයක් සැපයීමට කටයුතු කරන්න.