ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉතාලි සහ ස්විට්සර්ලන්තය එක ළඟ පිහිටි යුරෝපා රටවල්ය. දෙරටේ දේශසීමාව වැටී ඇත්තේ ඇල්ප්ස් කඳුකරයේය. ඇල්ප්ස් කඳුකරයට අයත් විශාලතම කඳු වැටිය වන්නේ මැටර්හෝන්ය.
මැටර්හෝන් කන්දේ ඇති ග්ලැසියර එසේත් නැතිනම් හිම තට්ටු ගෝලීය උණුසුම හේතුවෙන් දියවී ගොස් භූමියේ වෙනස් වීම් සිදුවී ඇත. විදෙස් සංචාරකයන් හිම ක්‍රීඩා සඳහා පැමිණෙන නිවාඩු නිකේතන බොහොමයක් ඇත්තේ ද මැටර්හෝන් කඳු වැටිය පාමුලය.
ස්විට්සර්ලන්තයට අයත් ග්ලැසියරවල ප්‍රමාණය 2022 වසරේ දී සියයට 6 කින් ද 2023 දී සියයට 4 කින් ද ක්ෂය වී ගිය බව පැවැසෙයි.
ග්ලැසියර් තටට්ු දියවී, දේශසීමා වෙනස් වීම හේතුවෙන් දේශසීමා යළි ඇදීමට සිදුවී ඇති බව ස්විට්සර්ලන්ත රජය ඉතාලියට දන්වා ඇත. ඉතාලි සහ ස්විට්සර්ලන්ත බලධාරීන් එක් වී දේශසීමාව නිර්ණය කිරීමට නියමිත බව ද පැවැසෙයි. ඒ වෙනුවෙන් ස්විට්සර්ලන්ත ඉතාලි කොමිසමක් ද පිහිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා