
(ෂේන් සෙනෙවිරත්න )
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
එම මව මානසික වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කොට මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නා ලෙස ද නියෝග කළේය .
එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ තාවකාලික පදිංචිකාරිනියක වූ සිවලින්ගම් ශාන්තිනි (30) නැමැති කාන්තාවකි .
තම පස් හැවිරිදි දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කෝපයට පත් එම මව හැන්දක් රත් කොට එම දැරියගේ ශරීරයේ ස්ථාන හතරක් එම හැන්දෙන් පිළිස්සූ බවට සැකපිට මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගැනුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd