
(සුජිත් හේවාජුලිගේ)
සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව විසුරු හැරීමෙන් පසු අවලංගුවූ බවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.
එසේම එම ගමන් බලපත්‍ර අහෝසි වූ බවට සියලුම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවද දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සිටින කතානායක නියෝජ්‍ය කතානායක විපක්ෂ නායක සාමාජික මන්ත්‍රීවරුන් තිදෙනා හැර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් 219කගේ සහ ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ එම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසිවනු ඇත.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ අවුරුදු 18 ට අඩු ළමයින් වෙනුවෙන් රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර වරප්‍රසාදය හිමිවෙයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ ස්වාමිපුරුෂයන්ට එම බලපත්‍ර වරප්‍රසාදය හිමිවන්නේය.
මේ අතර ඇමති කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා නිකුත් කරනු ලැබ තිබූ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගිය බව චමින්ද කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අනුව හිටපු මැති ඇමතිවරුන්ගේ අහෝසිවී ගිය මෙම බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව විසුරුවා හැරිය මේ අවස්ථාවේ කොහෙද විපක්ෂ නායකයෙක් සහ කතානායක වරයෙක් ?
ඔය කාලකණ්ණින්ට කිසි දෙයක් දෙන්න එපා.
මහජනතාවගේ බදුමුදල්වලින් යැපුන මොවුන්ගේ ලොකුකම් දැන් අවසානයි.. මොවුන් සහ පහකට ගණන් ගන්නේ නැහැ මිනිස්සු.
රටට සේවය කරන්න නොවෙයි තමන්ට සේවය කරගන්න පාර්ලිමේන්තුවට ගිය මොවුන්ව නැවත පාර්ලිමේන්තුව පැත්ත පළාතටවත් නොයැවිය යුතුය.
රාජපක්ෂලාගේ පවුල්වලට අනුබද්ධ පවුල්වලට, විස්තෘත පවුල්වලට, ශාඛාවලට සහ මෝඩ හෙන්ෂයියන්ට සහ ආධාරකරුවන්ට අහඹු ලෙස නිකුත් කරන ලද සිය ගණනක් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස සලකා බලන ලෙස මාගේ මෙම නිහතමානී ඉල්ලීම ගරැ ජනාතිපති තුමාට ඉතා ගෞරවයෙන් ඉදිරිපත් කරමි.
වීමල්ටයි එයාගේ මැඩම්ටත් දැන්නුවද?
බොහෝම හොඳයි. නමුත් ප්‍රශ්නය මින්පෙර ඔබ තුමියගේ ඔය තනතුර දැරූ අය තම රාජකාරිය නොදැනසිටියේද..? නැතිනම් දේශපාලන හස්තවලට නතුවී තිබිණිද..? එසේත්නැතිනම් ඔය තනතුර දැරූ අය රාජකාරිය කරනවා වෙනුවට දේශපාලන බලධාරීන්ට පක්ෂපාතීවී ජනතාවට අපක්ෂපාතීවීද..?ජනතාවට ද්‍රෝහීවීද..? එදා මෙදාතුරාවට මෙවන් පුවතක් නම් කණවැකී නැත. එසේනම්ප රීක්ෂාකර බලා ජනතාවට පිටුපෑ සැමට දඬුවම් ලබාදිය යුතුය.
මේ බලපත්‍ර උපයෝගී කරන් ඡන්දෙට කලින් රට පැනපු කට්ටියගෙත් ගමන් බලපත්‍ර අවලංගු වෙනවාද? මේ අවලංගු කිරීම ගැන විදේශ ආගමන විගමන අංශ වලටත් දන්වා යවන්න.
චන්දිම මේ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන කලින් රට ගිය අයට එම ගමන් බලපත්‍ර භාවිතා කර නැවත ලංකාවට එන්න කිසිම බාධාවක් නැහැ. නමුත් මේවා උපයෝගී කරගෙන රටින් පිට වෙන්න බැහැ.
මෙහෙම ප්‍රවෘත්තියක් දැක්කමයි.