IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි

(සුජිත් හේවාජුලිගේ)

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව විසුරු හැරීමෙන් පසු අවලංගුවූ  බවට පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ  කුෂානි රෝහණදීර මහත්මිය  ආගමන  විගමන  දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

එසේම එම ගමන් බලපත්‍ර අහෝසි වූ බවට සියලුම මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකවද  දැනුම් දුන් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහා ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ සිටින කතානායක නියෝජ්‍ය කතානායක විපක්ෂ නායක සාමාජික මන්ත්‍රීවරුන්  තිදෙනා හැර පාර්ලිමේන්තුවේ සෙසු මන්ත්‍රීවරුන් 219කගේ සහ  ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ  එම රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අහෝසිවනු ඇත.

සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඇමතිවරුන්ට රාජ්‍ය ඇමතිවරුන්ට ඔවුන්ගේ බිරින්දෑවරුන්ට සහ  අවුරුදු 18 ට අඩු ළමයින් වෙනුවෙන්  රාජතාන්ත්‍රික ගුවන් ගමන්  බලපත්‍ර වරප්‍රසාදය හිමිවෙයි.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට  මෙන්ම   ඔවුන්ගේ බිරින්දෑවරුන්ට හෝ ස්වාමිපුරුෂයන්ට එම බලපත්‍ර  වරප්‍රසාදය හිමිවන්නේය.

මේ අතර ඇමති කාර්ය මණ්ඩල සාමාජිකයන් සඳහා නිකුත් කරනු ලැබ තිබූ රාජකාරී ගුවන් ගමන් බලපත්‍රද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ අහෝසි වී ගිය බව චමින්ද කුලරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අනුව  හිටපු මැති ඇමතිවරුන්ගේ අහෝසිවී ගිය  මෙම  බලපත්‍ර සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව  කටුනායක ගුවන්තොටුපළ බලධාරීන් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (10)

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි

de silva Tuesday, 01 October 2024 12:38 AM

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය මේ අවස්ථාවේ කොහෙද විපක්ෂ නායකයෙක් සහ කතානායක වරයෙක් ?

:       0       0

Hewage Laxman Priyantha Jayarathna Tuesday, 01 October 2024 12:55 AM

ඔය කාලකණ්ණින්ට කිසි දෙයක් දෙන්න එපා.

:       0       0

ranjith Tuesday, 01 October 2024 05:53 AM

මහජනතාවගේ බදුමුදල්වලින් යැපුන මොවුන්ගේ ලොකුකම් දැන් අවසානයි.. මොවුන් සහ පහකට ගණන් ගන්නේ නැහැ මිනිස්සු.

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 01 October 2024 06:35 AM

රටට සේවය කරන්න නොවෙයි තමන්ට සේවය කරගන්න පාර්ලිමේන්තුවට ගිය මොවුන්ව නැවත පාර්ලිමේන්තුව පැත්ත පළාතටවත් නොයැවිය යුතුය.

:       0       0

ඉනායතුල්ලා Tuesday, 01 October 2024 07:26 AM

රාජපක්ෂලාගේ පවුල්වලට අනුබද්ධ පවුල්වලට, විස්තෘත පවුල්වලට, ශාඛාවලට සහ මෝඩ හෙන්ෂයියන්ට සහ ආධාරකරුවන්ට අහඹු ලෙස නිකුත් කරන ලද සිය ගණනක් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව ඉතා බැරෑරුම් ලෙස සලකා බලන ලෙස මාගේ මෙම නිහතමානී ඉල්ලීම ගරැ ජනාතිපති තුමාට ඉතා ගෞරවයෙන් ඉදිරිපත් කරමි.

:       0       0

තබ්ලා Tuesday, 01 October 2024 08:23 AM

වීමල්ටයි එයාගේ මැඩම්ටත් දැන්නුවද?

:       1       8

Priyantha Dissanayake Tuesday, 01 October 2024 11:00 AM

බොහෝම හොඳයි. නමුත් ප්‍රශ්නය මින්පෙර ඔබ තුමියගේ ඔය තනතුර දැරූ අය තම රාජකාරිය නොදැනසිටියේද..? නැතිනම් දේශපාලන හස්තවලට නතුවී තිබිණිද..? එසේත්නැතිනම් ඔය තනතුර දැරූ අය රාජකාරිය කරනවා වෙනුවට දේශපාලන බලධාරීන්ට පක්ෂපාතීවී ජනතාවට අපක්ෂපාතීවීද..?ජනතාවට ද්‍රෝහීවීද..? එදා මෙදාතුරාවට මෙවන් පුවතක් නම් කණවැකී නැත. එසේනම්ප රීක්ෂාකර බලා ජනතාවට පිටුපෑ සැමට දඬුවම් ලබාදිය යුතුය.

:       0       19

Chandima Tuesday, 01 October 2024 12:38 PM

මේ බලපත්‍ර උපයෝගී කරන් ඡන්දෙට කලින් රට පැනපු කට්ටියගෙත් ගමන් බලපත්‍ර අවලංගු වෙනවාද? මේ අවලංගු කිරීම ගැන විදේශ ආගමන විගමන අංශ වලටත් දන්වා යවන්න.

:       0       10

de silva berlin Tuesday, 01 October 2024 01:52 PM

චන්දිම මේ ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන කලින් රට ගිය අයට එම ගමන් බලපත්‍ර භාවිතා කර නැවත ලංකාවට එන්න කිසිම බාධාවක් නැහැ. නමුත් මේවා උපයෝගී කරගෙන රටින් පිට වෙන්න බැහැ.

:       0       0

Ns wijesinghe Wednesday, 02 October 2024 04:29 PM

මෙහෙම ප්‍රවෘත්තියක් දැක්කමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site